හෙට විශේෂ රැස්වීමක්

පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාවේ විශේෂ රැස්වීමක් හෙට (17) උදේ 8:30 ට පාර්ලිමේන්තු සංකීර්ණයේදී පැවැත්වීමටසූදානම් වේ. පාර්ලිමේන්තුවේ  කටයුතු සම්බන්ධයෙන් සාකච්ඡා කිරීම සඳහා මෙම රැස්වීම පැවැත්වෙන බව  ආරංචි මාර්ග පවසයි. එසේම එහි දී නව නියෝජ්‍ය කතානායකවරයකු තෝරා පත්කර ගැනීමද ගැනීමද සිදු කෙරෙනු ඇත.

Read More

ජනතාවාදියෙකු​ගේ ජන හතුරෙ​ක් දක්වා ගමන

political journey of a populist Mahinda Rajapaksa

[මහින්ද රාජපක්ෂගේ දේශපාලන ශේෂ පත්‍රය] ඒ හැත්තෑවේ දශකයේ ආරම්භයයි. අපි නව යොවුන්වියේ හිටියේ. රජයේ රැකියා හිඟ දේශපාලකයන් එකල “රෙස්ට් හවුස් පත්විම් හෙවත් තානායම්වලදී තරුණියන්ට රැකියා සඳහා සම්මුඛ පරික්ෂණ පැවත්වීම බොහෝම ප්‍රසිද්ධ පිළිගත් ක්‍රමයක්ව පැවතුනා. මෙසේ රැකියා දෙන මංත්‍රිවරුන් අතරේ එකල බෙලිඅත්තේ තරුණ මංත්‍රිවරයාවූ  මහින්ද රාජපක්ෂගේ නම ද ඇමිණී තිබුනා. එවකට අගමැතිවරියවු සිරිමා බණ්ඩාරනායකගේ තරුණ පුත්‍රයා වූ අනුර බණ්ඩාරනායක හා මහින්දගේ බරපතල මිතුරුකම නිසා මේ දෙදෙනාගේම නම් එකටයි කියවුනේ. මෑතකදී ගාමිණි [මුතුකුමාරණ] සමඟ කෙරුණු කතාබහක දී මේයට අපුරු සාක්ෂියක් එකතු වුණා. තිස්ස, දෙබරවැව උපන් ගාමිණි දිගු කලක් හම්බන්තොට ජවිපේ ක්‍රියාකාරිකයෙකුව සිටිද්දී…

Read More

ශ්‍රී ලංකාවේ අරගලය සහ රංග කලාව

දශක ගණනාවක් පුරා පැවති දේශපාලන සහ සමාජ අර්බුදයන්ට සෘජුවම ප්‍රතිචාර දක්වමින් දේශපාලන ක්‍රමයේ වෙනසක් වෙනුවෙන් නිරන්තරයෙන් නිර්මාණකරණයේ යෙදුන කලා මාධ්‍යයක් විදිහට ලංකාවේ වේදිකා නාට්‍ය කලාව හදුන්වා දෙන්න පුළුවන්. මුලින්ම මම වේදිකා නාට්‍ය බලන්න කාලෙ වෙනකොටත් යෞවන සම්මාන උළෙල, රාජ්‍ය නාට්‍ය උළෙල ආශ්‍රිතව බිහි වුණ බහුතරයක් කෙටි නාට්‍ය සහ දිගු නාට්‍ය විසින් පවතින අධිපති මතවාදයන්ට ප්‍රති පක්ෂ මතවාදයන් වෙනුවෙන් පෙනී හිටියා. තවමත් එහෙමයි. ප්‍රවීණයො විතරක් නෙමෙයි විශේෂයෙන්ම තරුණ තරුණියන් සක්‍රීය ලෙස මෙම තත්වය තුළ නිර්මාණ වලින් මැදිහත් වුණා. මහාචාර්ය රංජනී ඔබේසේකර, ආචාර්ය ගාමිණී හත්තෙට්ටුවගම, ආචාර්ය මයිකල් ප්‍රනාන්දු වගේ අය සිංහල නාට්‍ය…

Read More

ජනාධිපති, අගමැතිකම දෙනවා කියලා 4 දෙනෙක් අන්දලා..?

අගමැති ධුරය ලබා දෙනවා යැයි කියමින් පවතින දේශපාලන අර්බුදය විසඳීමට මැදිහත් වෙන්න යැයි ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ 4 දෙනෙක්ගෙන් ඉල්ලා ඇතැයි පාර්ලිමේන්තුවේ ස්වාධීන වූ මන්ත්‍රීවරයෙක් අයිතිය වෙබ් අඩවිය වෙත ප්‍රකාශ කළේය. ඔහු ප්‍රකාශ කළේ රාජපක්ෂ පවුල් පාලනය දිගටම පවත්වාගෙන යාම සඳහා පවුලේ එකඟතාවය මත ජනාධිපතිවරයා දිගින් දිගටම බොරු පොරොන්දු ලබා දෙමින් තිබෙන බවය. මේ අනුව දිනේෂ් ගුණවර්ධන, රමේෂ් පතිරණ, ඩලස් අලහප්පෙරුම සහ මෛත්‍රිපාල සිරිසේන යන අයට අග්‍රාමාත්‍ය ධුරය ලබාදෙන්න ජනාධිපතිවරයා පොරොන්දුවී ඇතැයි ඒ මහතා පැවසීය. මෙම බොරු පොරොන්දු අනාවරණය වීම නිසා මේ වනවිට රාජපක්ෂවරුන්ගේ කූඨ සැලසුම් හෙළිවී ඇතැයිද ඒ අනුව එලබෙන…

Read More