ගොඩයන්න උදව් කරනවා – IMF

ණය ප්‍රතිව්‍යුහගත කර පවත්නා ආර්ථික අර්බුදයෙන් ගොඩඒම සඳහා ශ්‍රී ලංකාවට අවශ්‍ය සහාය දෙන බව IMF ප්‍රධානී ක්‍රිස්ටියානාජෝර්ජියාවා ප්‍රකාශ කළාය.

ඩාවෝස් හි පැවත්වෙන ලෝක ආර්ථික සංසඳයේ හමුවකදී ශ්‍රී ලංකාවේ ආර්ථික අර්බුදය ගැන සඳහන් කරමින් ප්‍රකාශ කළේකලක් ඉතා සමෘද්ධිමත්ව පැවති රටේ වර්තමානයේ සිදුවෙමින් පවතින දේ පිළිබඳ තමන්ගේ හදවත බිදී යන බවය.

මෙම අර්බූදයට හේතුව අසර්ථක සහ වැරදි කළමනාකාරත්වය බව පවසන ඇය ශ්‍රී ලංකාව යළි යහපත් සාර්ව ආර්ථිකප්‍රථිපත්තියක් වෙත යා යුතු යැයි ප්‍රකාශ කරන්නීය.

ශ්‍රී ලංකාව දැන් සිය ණය ප්‍රතිව්‍යුහගත කළ යුතු බවත්, සඳහා අන්තර් ජාතික මූල්‍ය අරමුදල ශ්‍රී ලංකාවට අවශ්‍ය ඕනෑමසහායක් දෙන බවත් ඇය අවධාරණය කරන්නීය.

ඇය මෙහිදී වැඩිදුරටත් ප්‍රකාශ කළේ තාක්ෂණික කණ්ඩායමක් ශ්‍රී ලංකාවට ගොස් ඇති බවය. ඔවුන්, අවශ්‍ය ප්‍රථිසංස්කරණවැඩසටහන කෙබඳු විය හැකිද සහ ණය ප්‍රතිව්‍යුහගත කළ හැක්කේ කෙසේද යන්න සොයා බලන බවත් ඉන්පසුව ශ්‍රී ලංකාවටසහාය වීමට තම ආයතනය සූදානම් බවත් ප්‍රකාශ කරන්නීය.

Social Sharing
නවතම