-කේ. සංජීව-
ලංකාව කියන්නේ ඕනී දුකකට පටාස් ගාලා ඇජෙස් වෙන මිනිස්සු ඉන්න රටක්. ඒකට මේ රටේ භූගෝලීය පිහිටීම විතරක් නෙවෙයි නිතර වෙනස් වෙන කාලගුණය දේශගුණයත් බලපානවා ඇති. ඊළඟට බෞද්ධ ශික්ෂණය. විශේෂයෙන් ථෙරවාදී ශික්ෂණය.
තෙල් ප්‍රශ්නය නිසා මුලින්ම පාරට වැටුණෙ ත්‍රීවිල්කාරයෝ. අද මේ තෙල් ආර්ථිකයෙන් හොඳටම හම්බ කරන්නේ ත්‍රීවිලර් රස්සාව කරපු අය. (හැවෝම නොවන බව සලකන්න) සමහරු අද පෙට්‍රල් විකුණන්නේ රුපියල් 1500ක වගේ ගාණකට. ලීටරයක්. මම මේ ළඟදී පෝස්ටුවක් දැක්කා තෙල් අපනයනය කරන්න ත්‍රීවිල් රථ සංගම් සූදානම් කියලා… ඉතිං මේ සමහරුන් අද හයර් දුවන්නේ නෑ පෝලිම්වල ඉන්නවා විතරයි. කමින් බොමින් ප්‍රීතියෙන් පෝලිමේ ඉන්නවා.
මේ රැකියා මාර්ගය කරන්නේ ත්‍රිරෝදය උඩ ඉදලා ඒක ජීවනෝපාය කරගත්ත මිනිස්සු විතරක් නෙවෙයි ඊට උඩ වාහන හයර් එකෙන් ජීවත් වුණ මිනිස්සුත් සමහරක් අද මේක තමයි බිස්නස් එකට කරන්නේ. ගොඩක් අය ළඟ ලීටර් 400 – 500 සංචිත තියෙනවා. මේ ළඟදී දවසක් අපි දුර හයර් එකක් ගියා වෑන් එකක. ඒ වෑන් එකට මඟදි තමයි තෙල් බූලි දෙකක් තවත් එවැනිම හයර් යන වෑන් එකකින් දුන්නේ. මම අපේ වාහනේ ඩ්‍රයිවර්ගෙන් ඇහුවාම මිනිහා කියපු දේ තමයි මේ කියන වෑන් රථ රියදුරා ළඟ තෙල් ලීටර් 500ක ස්ටොක් එකක් නිතරම තියෙනවා කියන දේ. මේ මම කියන්නේ පෙට්‍රල් නෙවෙයි ඩීසල්.
මේ ගොඩක් පෝලිම්වල සුපිරි වාහන දකින්න නෑ. තිබුණත් හරි අඩුවෙන්. වාහන රටේ නැති එකද හේතුව? නෑ සල්ලිවලට හොරපාරෙන් තෙල් ගන්න තියෙනවා එවැනි වාහන අයිතිකරුවන්ට. ඒකයි ඇත්ත..!
මට හිතෙන්නේ අර්බුද නැත්තං දුක සතුටකට පෙරළා ගන්න, ඒකෙන් හම්බ කරන්න, අපිට තියෙන හැකියාවට හේතුව තමයි බුදුන් අතහරින්න කියලා අපිට උගන්නලා තිබීම. ඉතිං ඕනෑම දුක්ඛ කාලයක් ආවොත් අපි ඒකේ කිමිදිලා වැඩි කාලයක් දුක් විඳින්නේ නෑ. අපි හොයාගන්නවා ඒ අර්බුදය අස්සේ සැපෙන් සනීපෙන් ඉන්නේ කොහොමද කියලා. අපි පටාස් ගාල දුක අතාරිනවා. අර්බුදය අතාරිනවා. ජීවත් වෙන්න අර්බුදය මාර්ගය කරගන්නවා.
අද තෙල් පෝලිම් සංස්කෘතිය කියන්නෙ ගොඩක් අයට ආතල් එකක්. සොමියක්. නැවක් ලංකාව කිට්ටුව වත් නැතිවුණත් අපි තැනක් වෙන්කරගෙන නිදිමරන්න ලෑස්තියි. හරියට මළගෙවල්වල නිදිමරණවා වගේ. කැරම් ගහනවා බිස්කට් බෙදනවා ගල් බෝතල් වීසිවෙනවා. අද කාන්තාවන් උනත් කිසිම බයක් හැකක් නැතුව පුරුෂයන් එක්ක සමසමව හිඳගෙන මේ තෙල් පෝලිම්වල රැය පහන් කරනවා. ඒක හොඳ තත්ත්වයක්. තවදුරටත් ලිංගිකව බෙදිලා නෑ අපි.
අද වෙනකොට තෙල් පෝලිම් වට්සප් ගෲප්, තෙල් පෝලිම් ෆේස්බුක් ගෲප් වගේ දේවල් ඕසෙට. පෝලිම්වල ඉන්න ස්කූටි ගෲප් වගේ දේවලුත් අද තියෙනවා. පෝලිමේ ඉන්න අයියලා ට බිස්කට් අරගෙන එන නංගිලා වගේම නංගිලාට චොකලට් අරගෙන එන අයියලාත් මේ පෝලිම්වල ඉන්නවා. මේ මේවා නරකයි කියනවා නෙවෙයි. මේවා ඉතාමත් හොඳ තත්ත්වයන්. අපේ ගෙදර කිට්ටුව ගෙදරක ඉන්න කාන්තාවක් දැන් දවසේ පැය 24ම වගේ ඉන්නේ තෙල් පෝලිමේ. හැමදාම ස්කූටිය තියාගෙන ඉන්න මේ මනුස්සා ගහගන්න තෙල්වලින් මොනාකරනවාද කියලා දෙයියොවත් දන්නේ නැතුව ඇති.
කොහොම වුණත් අද ලංකාව කියන්නේ අරාජික රාජ්‍යයක්. සිස්ටම් එකක් දුවන්නේ නෑ. පොලීසිය හමුදාව මහපාරේ තෙල් පෝලිම්වල මරාගන්නවා. මිනිස්සු පොලීසිය බල්ලෙක් තරමටවත් ගනන් ගන්නේ නෑ. අද ට්‍රැපික් නැවැත්තුවත් ගනන් ගන්නේ නෑ. හෙල්මට් නොදා බයික් පදින එක වැඩිවෙලා. ඉතිං මේ සංස්කෘතිය ආයුධ සන්නද්ධ මැර කණ්ඩායම් පාරේ රන් කරන සංස්කෘතියක් දක්වා වර්ධනය වෙන්න පුලුවන්. මේ හැමදෙයක් අස්සෙම තියෙන්නේ ආතල් එක සොමිය සඳහා අපි වෙනස් වීම. සංකාන්තිය. ඒනිසා මේක අස්සේ අරගල ජයග්‍රහනය කරන්න තියෙන ඉඩ සීමිතයි. ඒකනේ මැදදි අරගලවලට කෙළවෙලා යන්නේ.
කොහොම වුණත් ඕනීම දුකක් අස්සේ රත්තරං රේඛාවක් සොයාගන්න අපි හරි දක්ෂයෝ..!