IMF අහිමි වෙයිද ?

පවතින අර්බුදය හමුවේ ශ්‍රී ලංකාව පත්ව ඇති තත්වය පිළිබඳව දිගින්දිගටම දත්ත අනාවරණය කරන ඇමරිකාවේ ජෝන් හොප්කින්ස් විශ්වවිද්‍යාලයේ ආර්ථික විද්‍යා මහාචාර්ය ස්ටීවන් හැන්කේ මහතා විසින් පවසා ඇත්තේ ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ශ්‍රී ලංකාවට ණය ලබාදීම ප්‍රතික්ෂේප කර ඇති බවත් එය ඉතා දරුණු තත්වයක් බවත්ය.

එසේහ ශ්‍රී ලංකාව ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග වැඩසටහන් 16කට සම්බන්ධ වී ඇති නමුත් ඒ කිසිවක් ක්‍රියාත්මක වී නැති බවත් හැන්කේ මහතා සදහන් කරයි.

බංකොලොත් වී ඇති ශ්‍රී ලංකාවට සහන පැකේජයක් ලබා දීම සඳහා ශ්‍රී ලංකා රජය සහ ජාත්‍යන්තර මූල්‍ය අරමුදල අතර පැවති සාකච්ඡා එකඟතාවකින් තොරව අවසන් වී ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
නමුත් ආරම්භ කරන ලද සාකච්ඡා දිගටම කරගෙන යාමටත් ජාත්‍යන්තර මූල්‍ය අරමුදල පොරොන්දු වී ඇති බවද එම වාර්තාවන් කියා සිටියි.

Social Sharing
නවතම