අගෝස්තු 02 වැනිදා සිට සියලු රාජ්‍ය සේවකයන් සාමාන්‍ය පරිදි රාජකාරි කටයුතු සඳහා කැඳවීමට පියවර ගන්නැයි ජනාධිපති ලේකම් පී.බී. ජයසුන්දර මහතා විසින් රාජ්‍ය සේවා, පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යාංශයේ ලේකම් ජේ. ජේ. රත්නසිරි මහතාට දැනුම් දුන් පුවත ඊයේ (30) මාධ්‍ය මඟින් වාර්තා කර තිබුණි. ඒ් අනුව 2020-03-19 සිට රාජ්‍ය සේවය සම්බන්ධව ජනාධිපති ලේකම්වරයා නිකුත් කර තිබු කොවිඩ් චක්‍රලේඛ 09 ම අවලංගු කර ඇත. රාජ්‍ය සේවකයන් බහුතරයකට කොවිඩ් ප්‍රතිශක්තීකරණ එන්නත් ලබාදී ඇති බැවින් සහ එන්නත්කරණය වේගවත්ව සිදුවන බැවින් රාජ්‍ය සේවය සාමාන්‍ය පරිදි පවත්වාගෙන යාමට බාධාවක් සිදු නොවනු ඇති බවට මේ වන…
Read MoreMonth: July 2021
මහජන චීන සමූහාණ්ඩුවේන් විදේශ මාධ්‍යවේදීන්ට හිරිහැර!
මහජන චීන සමූහාණ්ඩුවේ මෑතකදී හෙනන්හි ඇති වූ ගංවතුර හේතුවෙන් සිදු වූ විනාශය සහ ජීවිත හානි ආවරණය කරන විදේශීය මාධ්‍යවේදීන් දැඩි ලෙස නිරීක්ෂණය කරමින් හිරිහැර කිරීම සහ බිය ගැන්වීම පිළිබඳව එක්සත් ජනපදය දැඩි ලෙස කනස්සල්ලට පත්ව සිටියි. මහජන චීන සමූහාණ්ඩුව විසින් විදෙස් මාධ්‍ය සාදරයෙන් පිළිගන්නා බවත් ඔවුන්ගේ වැඩවලට සහයෝගය දෙන බවත් ප්‍රකාශ කරන නමුත් එහි ක්‍රියාකලාපයන් වෙනස් බව එක්සත් ජනපදය පවසයි. චීනයේ ප්‍රතිපත්ති විවේචනාත්මක යැයි හැඟෙන ඕනෑම ප්‍රවෘත්තියක් වෙත ඔවුන් නිල රාජ්‍ය මාධ්‍ය හරහා ප්‍රවර්ධනය කරන ලද එහි දැඩි වාග් ප්‍රකාශය, සෘණාත්මක මහජන හැඟීම් අවුස්සන අතර, නොසන්සුන්, පුද්ගල ගැටුම් සහ හිංසනයට…
Read Moreගුරු අරගලයේ දේශපාලනික වැදගත්කම – අජිත් පැරකුම් ජයසිංහ
මා රජයේ පාසල් ගුරු වෘත්තියෙන් සමුගත්තේ මීට වසර හයකට පමණ පෙරයි. ගුරු වෘත්තියට බැඳුණු අලුත සිටම මම ලංකා ගුරු සංගමයේ ක්‍රියාකාරිකයෙක් වුණෙමි. 2015 වසරේ පවා ගුරු සංගම් කටයුතු වෙනුවෙන් පාසල් ගානේ යනවිට ජෝසප් ස්ටාලින් පැමිණෙන රැස්වීමකට සහභාගී වන්නට පවා ගුරුවරුන් බියක් දැක්වූහ. ලංකා ගුරු සංගමයේ උපකාරයෙන් නඩු කියා විදුහල්පතිකම් ගත් ගුරුවරුන් පවා රැස්වීමකට එන්නැයි කී විට ආවේ නැත. ගුරු වෘත්තියේ වැඩිපුර ඉන්නේ කාන්තාවන්ය. පිරිමින් වඩා එඩිතර යයි සමාජ ඒකාකෘතියක් තිබුණද ගුරු වෘත්තියේ යෙදී සිටින පිරිමි ගුරුවරුන් ද ඉතා භය පක්ෂපාත පිරිසක් බව මගේ වෘත්තීය සමිති අත්දැකීමයි. අදින් අවුරුදු හයකට පෙර…
Read Moreනිදහස් අධ්‍යාපනයට බාධා එපා – පුජ්‍ය ඇල්ලේ ගුණවංශ හිමියන්
නිදහස් අධ්‍යාපනයට බාධා වන කිසිදු ක්‍රියා මාර්ගයකට තමන් කැමති නැති බව පුජ්‍ය ඇල්ලේ ගුණවංශ හිමියන් පවසයි. ඔහු මේ බව පවසා සිටියේ කොළඹ බෞද්ධාලෝක මාවතේ පිහිටි ධර්මායතන විහාරස්ථානයේදී වෛද්‍ය පීඨ ශිෂ්‍ය ක්‍රියාකාරී කමිටුවේ සාමාජිකයන් සහ වෛද්‍ය පීඨ ශිෂ්‍ය දෙමාපිය සංගමයේ සාමාජිකයන් පූජ්‍ය ඇල්ලේ ගුණවංශ හිමියන් හමු වු අවස්ථාවේදීය. ඔවුන් ඇල්ලේ ගුණවංශ හිමියන් හමු වුයේ කොතලාවල පනත සහ එහි ඇති හානිකර තත්වය පිළිබඳව ස්වාමීන් වහන්සේ දැනුවත් කිරීම පිණිසය. මෙහිදි වැඩිදුරටත් ඇල්ලේ ගුණවංශ හිමියන් කියා සිටියේ මෙම පනත නිසා ඉදිරියේදී ගැටලුකාරී තත්ත්වයක් ඇතිවිය හැකි බවය. කෙසේ වෙතත් මෙම පනත ගැන වැඩිදුරටත් අධ්‍යනය කිරීමෙන්…
Read Moreහමුදාවේ ක්‍රියා ගැන ප්‍රශ්න කරන්න අද කවුරුත් නැහැ – නීතිඥ තිෂ්‍ය වේරගොඩ
ව්‍යවස්ථාවෙන් පිලිගෙන ඇති කෲර වදහිංසාවට එරෙහි ප්‍රතිපාදන කිසිදු හේතුවකට ත්‍රස්තවාදියෙකුටවත්, අපරාධකරුවෙකුටවත් වෙනස් නොවන බව නීතිඥ තිෂ්‍ය වේරගොඩ මහතා පවසයි. ත්‍රස්තවාදියාට මෙන්ම අපරාධකරුවාටද ඒ ව්‍යවස්ථාවෙන් පිලිගෙන ඇති ප්‍රතිපාදන හිමි බවත් නමුත් අද එය සිදු නොවන බවද පෙන්වා දෙන ඒ් මහතා පවසන්නේ අද හමුදාවෙන් කරන අපරාධ පසුව නිවැරදි කරන්නට රජය කටයුතු කරමින් සිටින බවය. ජනාධිපතිවරයා හදිසි නීති රෙගුලාසි යටතේ හමුදාව කැඳවන්නේ යුද්ධයකට හෝ නැතිනම් පොලිසියට සහාය වීමට බවත් කිසිදු විටෙක ඔවුන්ට නිවැරදි කැඳවීමක් නොමැතිනම් එළියේ සිටිමට නොහැකි බවත් ඔවුන් සිටය යුත්තේ හමුදා කඳවුරු තුල පමණක් බවද හෙතෙම කියා සිටියි. නමුත් අවාසනාවකට එවන්…
Read Moreකොවිඩ් වසංගතය හමුවේ ලංකාවේ මිනිස් ජාවාරම ඉහළට?
අද ජූලි 30 දාය. ජාත්‍යන්තර නීති විරෝධි මිනිස් ජවාරමට එරෙහි ජාත්‍යන්තර දිනය අදට යෙදී ඇත. එවන් ජාත්‍යන්තර දිනයක අද ලංකාව පත්ව ඇත්තේ ඉතාම ඛේදජනක තත්ත්වයකටය. නිවසේ තිබු අඟ හිඟකම් නිසා පාර්ලිමේන්තු මන්ත්‍රී රිෂාඩ් බදීයුර්දීන් මහතාගේ නිවසේ මෙහෙකාරකමට පැමිණ පිළිස්සී මිය ගිය ඉෂිලිනී ජුඩ් නම් දැරියගේ භූමිදානය කෙරුණු මෘත දේහය ගොඩගන්නේද අද දිනයයේය. ළමා මෙහෙකාර සේවය අප රටේ ඈත අතීතයේ පටන්ම පැවතගෙන ආ දෙයකි. නමුත් අද වන විට මේ ළමා මෙහෙකාර සේවය නවත්වා ගැනීමට බලයට පත් වු කිසිදු රජයකට හැකි වී නැත. එදා ළමා මෙහෙකාර සේවය, ගණිකා වෘත්තියෙන් ආරම්භ වු මිනිස් ජාවාරම…
Read Moreදරුවන් 3000 කට අධික පිරිසක් පරිවාස භාරයේ !
දෙමාපිය සෙනෙහස අහිමි දරුවන් 3000 කට අධික පිරිසක් බස්නාහිර පළාතේ පරිවාස හා ළමාරක්ෂක දෙපාර්තමේන්තුවේ රැකවරණය ලබන බව බස්නාහිර පලාත් පරිවාස හා ළමාරක්ෂණ අධිකාරිය පවසයි. දෙමාපියන් ජිවත්ව සිටින, දෙමාපියන් ජිවතුන් අතර නැති, හෝ භාරකරුවකු නැති, දරුවන් ගේ භාරය, රැකවරණය සහ ආරක්ෂාව ලබන දරුවන් ගණන වසරින් වසරට ප්‍රමාණාත්මකව අඩු – වැඩි වන බවද එම අධිකාරිය පෙන්වා දෙයි. බස්නාහිර පලාතේ ළමා සංවර්ධන මධ්‍යස්ථාන 116 ක මෙම දරුවන් රැකවරණය ලබති. හොදම දේ දරුවන්ට දෙන්නට මා පියන් උදේ හවස වෙහෙස වුවත් දෙමාපියන්ගේ වැරදි නිසාම මෙම දරුවන් දෙමාපිය,සහෝදර, ඥාති සෙනෙහස නොලබා ජිවත්වෙති. මාපියන් හැරයාම, විදෙස් ගතව…
Read Moreඅවිධිමත් බන්ධනාගාර ක්‍රමවේදය තුල රැඳවියාගේ ඉරණම | Sudesh Nandimal
රංජන් රාමනායක ගැන බන්ධනාගාර ඇමති කියන කථාව …
හිටපු පාර් ලිමේන්තු මන්ත්‍රී රන්ජන් රාමනායක මහතාට නිදහස දීමට තරම් හේතුවක් කිසිවකු හෝ මෙතෙක් ඉදිරිපත් කර නැතැයි බන්ධනාගාර කළමනාකරණ සහ සිරකරුවන් පුනරුත්ථාපනය කිරීම පිළිබඳ රාජ්‍ය අමාත්‍ය ලොහාන් රත්වත්තේ මහතා පවසයි. ඔහු පවසන්නේ රංජන්ට එරෙහි චෝදනාව බරපතළ එකක් බවය. ඔහුට අවශ්‍ය පහසුකම් සියල්ල සපයා දී ඇතැයිද මාදිවෙල මන්ත්‍රී නිල නිවෙසේ ඔහුගේ බඩු බාහිරාදිය තබා ගැනීමටද මාස 3 ක සහන කාලයක් ලබාදුන් බවද ඔහු කියා සිටියි. රංජන් රාමනායකට ඇත්තේ අධිකරණ්යට අපහාස කිරිමේ චෝදනාවකි. නමුත් දෙමසකට කලින් ජනාධිපති නදහස ලැබු දුමින්ද සිල්වාට තිබුණේ ඝාතන චෝදනාවකි. මේ කරුණු දෙකෙන් වඩාත්ම බරපතල කරුණ කුමක්ද කියා…
Read Moreබස් ගැමුණුගේ අපූරු ඉල්ලීම !
ලබන අගෝස්තු මාසයෙන් පසු කොවිඩ් මර්දන එන්නත් දෙකම ලබාගත් පුද්ගලයින් පමණක් බස් රථවල රැගෙන යාමට අවශ්‍ය ක්‍රමවේදයක් සකසන ලෙස ලංකා පෞද්ගලික බස් හිමියන්ගේ සංගමය රජයෙන් ඉල්ලීමක් කරන බව අද මාධ්‍ය වල වාර්තා කර තිබුණි. එම පුවතට අනුව එහි සභාපති ගැමුණු විජේරත්න පැවසුවේ එන්නත් දෙකම ලබාගත් පුද්ගලයින් හදුනාගත හැකි හැදුනුම්පතක් නිකුත් කරන ලෙසත් එමෙන්ම එන්නත් දෙකම ලබාගත් පුද්ගලයින්ට බස් රථ මගින් පළාත් අතර ගමන් කිරීමට ඉඩ ලබාදෙන ලෙසද බලධාරීන්ගෙන් ඉල්ලා සිටින බව ගැමුණු විජේරත්න වැඩි දුරටත් සඳහන් කර තිබුණි. මෙය සිදු නොවිය යුත්තකි. පොදු ප්‍රවාහනයේ ගමන් කිරිමට සියලු මහජනතාවට අයිතියක් ඇත.…
Read More