ජනතාවගේ මූලික අයිතියක් ගැන ඇමති ඩලස් කථා කරයි!

මේ රජය විදුලිය දිහා ජලය දිහා බලන්නේ මිනිස්සුන්ගේ මූලික අයිතියක් විදිහට බවත් ඒ නිසා යූඑන්පී එකට, ජේවීපී එකට, පොහොට්ටුවට, ටී.එන්.ඒ එකට ඡන්දේ දීපු නිසා වතුර දෙන්න බෑ, ලයිට් දෙන්න බෑ, කියපු වනචාරී දේශපාලනය අපි ඉතිහාසය තුළ වළ දමා ඇතැයි විදුලිබල අමාත්‍ය ඩලස් අලහප්පෙරුම මහතා පවසයි.

මේ ආණ්ඩුව ප්‍රශ්න දෙස බලන්නේ  ඡන්දදායකයාගේ ඡන්දය කාටද ප්‍රකාශ කරන්නේ කියන කාරණය මත නොවන බවත්  ඒ නිසා මේ සියළු ප්‍රශ්නවලට උත්තර දෙන එක ආණ්ඩුවක් විදියට පවතින ආණ්ඩුවේ වගකීමක් යැයිද ඔහු කියා සිටියි.

ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිතුමා ගේ සෞභාග්‍යයේ දැක්ම මැතිවරණ ප්‍රකාශනයේ සඳහන් ආකාරයට  මේ රටේ සෑම පවුලකටම පානීය ජලය ලැබීම මූලික අයිතියක්,  සෑම නිවසකටම විදුලිය ලැබිය අයිතියක් බවද ඒ් ගැන සොයා බැලු විට  ලංකාවේම විදුලිය නැතිව හිටියේ පවුල් එක්ලක්ෂ දහ අට දහසක් බවත් නමුත් පානීය ජලය සියයට පනහකට  පමණක් තිබු බවත් ඔහු සඳහන් කර සිටියි.

අපි නැවත බලයට ඇවිල්ලත් දැන් අවූරුද්දකුත් මාස හතරක පමණ කාලයක් වෙලත් අවාසනාවට කොවිඩ් නැමති විශ්වීය මාරයත් එක්ක පොරබදන්න සිද්ද  වු බවත්  රටේ ආර්ථික අර්බුදයට වඩා අධ්‍යාපන අර්බුදය ගේ ඇතුලට දැන් දැනෙන බවද සඳහන් කරන ඔහු පවසන්නේ ගෙවල් ඇතුලේ හිරවෙලා සිටින දරුවන් එතැනින් මුදවා ගන්න තාත්තලා විදියටත්, සහෝදරයෝ විදියටත් පාලකයෝ විදියටත් අපි හැම දෙනාගේම වගකීමක් වෙන බවය.

අමාත්‍යවරයා මේ බව සඳහන් කර සිටියේ දෙවුන්දර ප්‍රදේශයේ උත්සවයකට එක් වෙමිනි.

ශානි

Social Sharing
නවතම