ලෝකයේ මිලියන 25 ක් මිනිස් ජාවාරමේ ගොදුරු වෙලා!

මිනිස් ජාවාරමට ළමුන් ද ඇතුළුව මිලියන 25 ක ජනතාවක් ගොදුරු වී ඇති බවත් මෙම අපරාධය මානව හිමිකම්වලට කරන නිග්‍රහයක් බවත් එක්සත් ජනපද රාජ්‍ය ලේකම් ඇන්ටනි බ්ලින්කන් මහතා පවසයි.

එමෙන්ම මෙය  ගෝලීය අර්බුදයක් වන අතර එය මිනිස් දුක් ගැහැටවල අතිමහත් ප්‍රභවයක් යැයි ඔහු සඳහන් කරයි.

ඔහු මේ බව කියා සිටියේ එක්සත් ජනපද රාජ්‍ය දෙපාර්තමේන්තුව විසින් නිකුත් කර ඇති “පුද්ගලයින් ප්‍රවාහනය කිරීමේ වාර්තාව” සැලකිල්ලට ගනිමිනි.

එක්සත් ජනපද රාජ්‍ය දෙපාර්තමේන්තුව මිනිස් ජාවාරමට එරෙහිව සටන් කිරීමේදී නරකම වැරදිකරුවන් ලෙස රටවල් 17 ක් නම් කිරීමට පියවර ගෙන ඇත.

“පුද්ගලයින් ප්‍රවාහනය කිරීමේ වාර්තාව” තුල රටවල් 188 ක් ඇගයීමට ලක් කරන අතර වෙළඳාමට එරෙහිව එම රට දරන උත්සාහය මත පදනම්ව කාණ්ඩ හතරකට වෙන් කර තිබුණි.

ඒ හොඳම හා නරකම ලෙසින් හා  මධ්‍යම ශ්‍රේණි දෙකක් ලෙසිනි.

ඇෆ්ගනිස්ථානය, ඇල්ජීරියාව, බුරුමය (මියන්මාරය), චීනය, කොමරෝස්, කියුබාව, එරිත්‍රියාව ( Eritrea) , ඉරානය, නිකරගුවාව( Nicaragua), උතුරු කොරියාව, රුසියාව, දකුණු සුඩානය, සිරියාව, ටර්ක්මෙනිස්තානය (Turkmenistan ) සහ වෙනිසියුලාව තුන්වන කාණ්ඩය ලෙස වර්ගීකරණය කර ඇත. මේ සඳහා ගිනියා බිස්සෝ සහ මැලේසියාව යන රටවල් නරකම රටවල් 17 ට එක් වී ඇත.

බ්ලින්කන් පවසන්නේ “අමානුෂික වෙනස්කම් කිරීමේ හා අයුක්තියේ චක්‍රයක්” ලෙස හැඳින්වූ මේ වෙළඳාම නැවැත්වීමට අවම වශයෙන් මෙම රටවල් අසමත් වී ඇති බවය.

-ශානි-

Social Sharing
නවතම