ආර්.ඩී. දයාරත්න මහතා ජීවත් වෙන්නෙ බදුල්ල දිස්ත්‍රික්කයේ හාලිඇළ ප්‍රදේශයේ. ඔහු දවසෙ කුලියක් මලියක් කරගෙන ජීවත් වන අහිංසක අසරණ ගම්වැසියෙක්. අබාධිතයෙක්. ඔහු ඔහුගේ නිවසට සහ තවත් නිවෙස් පොකුරක් ඉලක්ක කර මාර්ගයක් තබාගන්න ඉඩ ඉල්ලනවා, ඒ අදාළ ප්‍රාදේශීය ලේකම් කාර්යාලයෙන්, ඇත්තටම ඔහු ඉල්ලන්නේ පිඹුරු ගත මාර්ගයක්. නැති පාරක් නෙවෙයි ඔහු ඉල්ලන්නේ. ඔහුට පයින් යන්න අපහසුයි, ගෙදරටම වාහනයක යන්න තියෙයිනම් කොච්චර දෙයක් ද? ගම් ප්ලෑනේ එතනින් පාරක් තියෙනවා, ඔහු ඒක තමයි ඉල්ලන්නේ. 2015 ඉදලා ඔහු ලියුම් ලියනවා. ඔහුම කියන ආකාරයට ඔහු රුපියල් හතලිස් අට දහසක පමණ මුදලක් වියදම් කරලා තියෙනවා මේ ලියුම් ලිවිල්ලට…
Read MoreMonth: April 2021
ඝාතනයට වසර විස්සයි සැකකරු තවමත් නිදැල්ලේ!
කළුතර මහාධිකරණයේ නඩු අංකය එච්.සී.570/13 යටතේ විභාග වන නඩුව ලෝකයේ දීර්ඝතම අපරාධ නඩු විභාගය වියහැකිය. එය අවුරුදු 20ක් ගතවීත් තවමත් විභාග වෙමින් තිබෙයි. මෙම නඩුවට අදාළ සිද්ධිය කුමක්ද? පයාගල පොලිස් අත්අඩංගුවේදී අමානුෂික වදහිංසා මතින් ඝාතනය කරනු ලැබූ ලසන්ත ජගත් කුමාරට යුක්තිය ඉටුකරගැනීම අරඹයා මෙම නඩුව තවමත් ඇසෙමින් තිබෙයි. මෙම නඩුවට අදාළ ප්‍රධාන චූදිතයා කවුද? ඔහු එවක පයියාගල පොලීසියේ අපරාධ අංශය භාරව සිටි ස්ථානාධිපතිවරයා ය. නම වල්පොලගෙදර ප්‍රසන්න වික්‍රමරත්න. ලසන්ත ජගත් කුමාරගේ සොහොයුරිය අමිතා ප්‍රියන්ති මහත්මිය 2000 අවුරුද්දේ ජුනි 12 වැනිදා ප්‍රසන්න වික්‍රමරත්න ප්රමුඛ පයියාගල පොලිස් කණ්ඩායම ලසන්තව අත්අඩංගුවට ගන්නේ ඔහු…
Read Moreරොෂේන් චානකගේ සිදුවීමෙන් පොලිස්පතිධුරය අහිමි වූ මහින්ද බාලසුරිය දිවිසැරිය නිමා කරයි.
මෙරට 32 පොලිස්පතිවරයා වු මහින්ද බාලසුරිය මහතා ඊයේ (29) සවස නාරාහේන්පිට පුද්ගලික රෝහලකදී අභාවප්‍රාප්ත වීය. මිය යන විට ඔහු 68 වන වියේ පසු විය. 1978 වසරේදී සහකාර පොලිස් අධිකාරීවරයෙකු ලෙස පොලිස් සේවයට සම්බන්ධ වූ බාලසූරිය මහතා 2009 වසරේ නොවැම්බර් මාසයේදී පොලිස්පති තනතුරට පත්විය. ඒ මෙරට 32 පොලිස්පතිවරයා ලෙසිනි. නමුත් ඔහුට පොලිස්පතිධුරය හෙබවීමට හැකි වුයේ 2011 වසරේ මැයි වන තුරු පමණි. 2011 වසරේ මැයි මාසයේදී සිය ධුරයෙන් ඉල්ලා අස් වීමට ඔහුට සිදු වු අතර ඉන් මාස කිහිපයකට පසුව බ්‍රසීලයේ තානාපතිවරයා ලෙස පත් කිරීමට රාජපක්ෂ රජය පියවර ගෙන තිබුණි. එන්.කේ. ඉලංගකෝන් මහතා…
Read Moreඉන්දියාවේ උද්දච්ච නරේන්ද්‍රමෝඩිට දෙවෙනි නෑ අපේ පාලකයෝ – වකමුල්ලේ උදිත හිමි
අපේ රට දිවයිනක්. බුද්ධිමත් පාලකයෙකුට මේ දිවයින තුළ කොවිඩ් පාලනය කිරීම සදහා එතරම් අසීරු වන්නේ නෑ. අපේ රටට පිටරැටියන් එන මාර්ග දෙකයි තිබෙන්නේ. එකක් තමයි ගුවන් මගින්. අනෙක තමයි මුහුද මගින්. ඒ දෙක පාලනය කරන්න ආණ්ඩුව උනන්දු වූවානම් මේ ව්‍යසනයට මේ රට ට මුහුණ දෙන්න වෙන්නේ නෑ. උදයංග වීරතුංගගේ විනෝදාංශය වෙනුවෙන් ආණ්ඩුව මේ රට බිල්ලට දුන්නා යැයි ජාතික භික්ෂු පෙරමුණේ ප්‍රධාන ලේකම් වකමුල්ලේ උදිත හිමියන් 29 දින පැවති මාධ්‍ය හමුවකදී පැවසීය. ආණ්ඩුව කොවිඩ් වසංගත තත්වයට මුහුණ දෙනවා වෙනුවට තම බලය තහවුරු කර ගැනීම සදහා කටයුතු කරමින් සිටිනවා. පසුගිය වසරේ ජනවාරි…
Read Moreනාට්‍යකරුවො හිඟන්නො කියන සංකල්පය තවත් තහවුරු කරන්නේ නාට්‍යකරුවෝමයි!
නාට්‍යවේදී එම්. සෆීර් අපි හරි පටුයි නේද? රජයක් විසින් කළ යුතු දේවල් ටිකක් තියෙනවා. උදාහරණයක් වශයෙන් යටිතල පහසුකම් ගොඩනැගීම. මට බැහැ රඟහලවල් හදන්න. මට බැහැ අති විශාල මහජන අරමුදලක් ගොඩනගන්න. මට බැහැ රජයකට තරම් පොදු වැඩ කරන්න. එතකොට රජය විසින් කළ යුතු වන්නේ යටිතල පහසුකම් ගොඩනැංවීම. මහජන අරමුදල් ගොඩනැගීම. හැමකෙනාටම සමානව දේශපාලන පක්ෂ භේදයකින් තොරව මිනිස්සුන්ට කලාකරුවන්ට යන්න පුළුවන් ක්‍රමයක් හැදීම. හැබැයි නාට්‍යකරුවෝ හිතනවා නම් මම නාට්‍යයක් හදනකොට රජය විසින් මට සියල්ල දෙන්න ඕනෑ. මම නාට්‍යයක් හැදුවට පසු මගේ වගකීම ඉවරයි. රජය තමයි ඉතිරි සියල්ල කරන්න ඕනෑ කියලා, ඒ අදහස…
Read Moreඉන්දියානුවන් පැමිණෙන්නේ සංචාරක බුබුල හරහා, මෙතන කිසිදු ජාවාරමක් නෑ – සංචාරක ඇමති
දිනෙන් දිනම තෙවැනි කොවිඩ් රැල්ල ඉහළ යමින් ඇත. මේ නිසා රට පත්ව ඇත්තේ දැඩි ඛේදජනක තත්ත්වයකටය. මේ අතර ඉන්දියාවෙන් පැමිණෙන සංචාරකයින්ට ලංකාවේ නිරෝධායනය වී පිටව යා හැකි ආකාරයේ ව්‍යාපාරයක් ලංකාවේ සිදු කරන බවට පාර්ලිමේන්තු මන්ත්‍රී කවින්ද ජයවර්ධන මහතා චෝදනා කර තිබුණි. නමුත් සංචාරක අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා පවසන්නේ ඉන්දිය සංචාරකයින් මෙරටට පැමිණෙන්නේ සංචාරක බුබුල ක්‍රමය (travel bubble) හරහා බවත් මෙතන කිසිදු ජාවාරමක් සිදු නොවන බවත්ය. අමාත්‍යවරයා පවසන ආකාරයට මේ වන විටත් ඉන්දියාවෙන් එන සංචාරකයින්ට විවිධ සීමා කිරීම් පනවා ඇත. ඉන්දියාවේ වත්මන් තත්ත්වය සැලකිල්ලට ගනිමින් මෙරටට පැමිණෙන ඉන්දීය සංචාරකයන් වෙනමම හෝටල්…
Read Moreගැබිණි මව්වරුන් ගැන විශේෂඥ වෛද්‍ය අනතුරු ඇඟවීමක්!
ශ්‍රී ලංකාව තුළ මේ වන විට පැතිරයමින් තිබෙන නව වෛරස් ප්‍රභේදයෙන් ගැබිනි මව්වරුන් ආරක්ෂාකර ගැනීමේ වැදගත්කම පෙන්වා දෙන ශ්‍රී ලංකා ප්‍රසව හා නාරිවේද විශේෂඥ වෛද්‍යවරුන්ගේ විද්‍යායතනය ඔවුන් එන්නත්කරණය කිරීමේ අවශ්‍යතාවය අවධාරණය කර තිබේ. වර්තමානයේ පැතිර යමින් තිබෙන කොවිඩ් 19 වයිරසයට ගොදුරුවීමේ අවදානමක් ඇති කණ්ඩායමක් ලෙස ගැබිනි මව්වරුන්ද හදුනාගෙන ඇති බවයි එම ආයතනය පවසන්නේ. “ගැබිනි මව්වරුන් මෙම වයිරසයට ගොදුරු වුවහොත් ඔවුන් රැකබලා ගැනීමේ ගැටලුවක් නිර්මාණය වේ. ඒ නිසා ගැබිනි මව්වරුන් මේ මොහොතේ අතිශයින් පරිස්සම් විය යුතුය. එසේ නොවුනහොත් එය අතිශයින් බේදනීය ඉරණමක් වනු හෝ අනුමානය ” ශ්‍රී ලංකා ප්‍රසව හා නාරිවේද…
Read Moreනාට්‍ය කලාව වැටිලා නෑ!
සිනමාවේදී අසෝක හඳගම ඔබ දැන් විශ්‍රාමිකයෙක්, අපි විශ්‍රාම දිවියෙන් මේ කතාව පටන්ගම්මු. මෙහෙමයි තාම මට ඒ විශ්‍රාමික දිවිය කියන එක ලොකුවට දැනෙන්නෙ නැහැ. හේතුව මම විශ්‍රාම ගත්තෙ අවුරුදු එක හමාරක විතර සැලැස්මක් එක්ක. පළවෙනි එක තමයි මම විශ්‍රාම ගන්න තීරණය කරනකොටම මම කරන්න හිටපු චිත්‍රපටිය කරන්න සැලසුම් කරන් හිටියා. ඒ එක්කම මේ නාට්‍යය කරන වැඩෙත් ඒ ඇජෙන්ඩා එකේම තිබ්බා. ඒ හින්දම විශ්‍රාම පූර්වක නිවාඩු ගියේ අප්‍රේල් පළවෙනිදා ඉඳන් අද වෙනකල් එහෙම විශ්‍රාම ගත්තා වගේ හැඟීමක් තිබ්බෙ නෑ. ඒ බිසීකම එහෙමම තිබ්බා. සමහර විට ඊට වඩා බිසීකමක් තිබ්බා මේ ජීවිතේ ඇතුළේ.…
Read More20 සම්මතවීම සහ පාස්කු පරීක්ෂණ අතර ඩීල් එකක් තියෙනවද?
පාර්ලිමේන්තු මන්ත්‍රී නිරෝෂන් පෙරේරා පුත්තලම් දිස්ත්‍රික්කය නියෝජනය කරන කතෝලික මන්ත්‍රීවරයෙක් විදිහට ඔබ මුල සිටමේ පාස්කු ප්‍රහාර පරීක්ෂණ පිළිබඳව අදහස් දක්වපු පුද්ගලයෙක්. වර්තමාන ආණ්ඩුව යටතේ පාස්කු ප්‍රහාරය ගැන කෙරෙන පරීක්ෂණ ගැන කතෝලික ජනතාව අතර තිබෙන මතය මොකද්ද? කතෝලික ජනතාව විදිහට වගේම කතෝලික සභාවත් හැමදාම කීවේ පාස්කු ප්‍රහාරය පිළිබඳව ස්වාධීන සම්පූර්ණ පරීක්ෂණයක් කළ යුතුයි කියන කාරණය. කතෝලික ජනතාව තවමත් ඒ මතයේ ඉන්නවා. ඇත්තටම කතෝලික ජනතාවට දැන් මේක ලොකු ප්‍රශ්නයක්. දැනට පරීක්ෂණ කෙරෙන විදිහ වගේම ඒ ගැන ආණ්ඩුවේ උනන්දුව ගැන අපිට විශාල ප්‍රශ්න තිබෙනවා. අපි කියන්නේ කවුද මේක පිටිපස්සේ හිටපු ප්‍රධානියා, මහ මොළය…
Read Moreපරිනතබව තීරණය වෙන්නේ ජීවත්වුණ අවුරුදු ගානෙන් නෙවෙයි!
නීතීඥ චරිත් ගල්හේන (ජාතික ජන බලවේගය) දැන් අපි දැක්කා ඔබ ජාතික ජනබලවේගය නියෝජනය කරමින් අපේක්ෂකයෙක් විදිහට ඉදිරිපත් වුණා, තරුණයින් විශාල ප්‍රමාණයක් හිටිය මැතිවරණ ව්‍යාපාරය තුළ, ඒත් අවසාන ප්‍රතිඵලය දී ඒ තරුණයන්ට ජනතාව ආකර්ෂණය වුණේ නැති බවක් තමයි පෙනුණේ. ඇත්තටම එහෙම ජනතාව ආකර්ෂණය නොවීමක් නෙවෙයි සිද්ධ වුණේ, ඒ කියන්නේ ජනතාව ඇත්ත වශයෙන්ම විකල්පයක් හොයනවා එතකොට ඒ විකල්පය කොහොමද කියලා දකින එක තමයි ප්‍රශ්නකර තත්වය. මීට අවුරුදු දහයකට පහකට පෙර බලනකොට මේ රටේ තිබ්බේ පාට දෙකක් අතර නැත්තං පක්ෂ දෙකක් අතර බලය හුවමාරු වෙන ක්‍රමයක්. දැන් ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා ජනාධිපති වෙනකොට මේක…
Read More