බන්ධනාගාර ගතව සිටියදී 2019 වසර තුල පමණක් පුද්ගලයින් 165 කු මිය ගොස් ඇතැයි බන්ධනාගාර දෙපාර්තමේන්තුව පවසයි. මේ මිය ගිය පිරිස අතර පිරිමි 159 ක් හා කාන්තාවන් 06 ක් වේ. රැඳවුම් භාරයේ සිටියදී සාමාන්‍ය සිර පිරිමි 64 ක් කාන්තා 02 ක්ද, මරණිය දණ්ඩනය නියම කර සිටි පිරිමි 09 ක් කාන්තා 01 ක්ද, ජිවිතාන්තය දක්වා සිර පිරිමි 04 ක් කාන්තා 01 ක්ද, පිරිමි සැකකරුවන් 82 ක් කාන්තා සැකකාරියන් 02 ක්ද වශයෙන් මෙසේ 165 කු මිය ගොස් ඇත. එමෙන්ම 2019 වසර තුල බන්ධනාගාර වලින් සිරකරුවන් 101 කු මිදී ගොස් ඇති අතර සිරකරුවන් 11…
Read MoreMonth: February 2021
චීන ණය උගුල | Harsha Gunasena
කොවිඩ් මෘතදේහ භූමදාන අවසරය ඇස් බැන්ඳුමක්ද?
කොරෝනා වෛරසය ආසාදනය වීමෙන් සිදුවන මරණවලදි ඒ මෘතදේහ භූමදානය කිරිමට අවැසි සෞඛ්‍ය අමාත්‍යාංශය විසින් නිකුත් කළ යුතු ගැසට්ටුව නිකුත් කරන ලද්දේ පහුගිය පෙබරවාරි 25 දා රාත්‍රියේය. ඒ සෞඛ්‍ය ඇමතිනී පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය ඊට අත්සන් තැබීමෙන් පසුවය. කොවිඩ් ආසාදිත මෘතදේහ භූමිදානය කිරිම සඳහා අග්‍රාමාත්‍යවරයා අවසර ලබා දී දින කිහිපයක් ගතවු නමුත් සෞඛ්‍ය අමාත්‍යාංශයෙන් ඊට අදාල අනුමැතිය සහිත ගැසට්ටුව නිකුත් කෙරුනේ නැත. ඒ පිලිබඳ විවිධ පාර්ශවද විමසීම් කර තිබුණි. ඒ අතරතුර අදාල ගැසට්ටුව නිකුත් කෙරුණි. නමුත් ඒ ගැසට්ටුව නිකුත් කෙරුණද තවමත් මෙරට ජනතාවට කොවිඩ් ආසාදිත මෘතදේහ භූමිදානයට අවසර නැත. සෞඛ්‍ය අමාත්‍යාංශයේ සෞඛ්‍ය…
Read Moreඕස්ට්‍රේලියාවට නව නීතියක්!
ඕස්ට්‍රේලියානු පාර්ලිමේන්තු ව විසින් නව නීතියක් සම්මත කර ඇත. එම නීතිය ලොව ප්‍රථම වරට ඉදිරිපත් කළ රට වන්නේ ඕස්ට්‍රේලියාවයි. ෆේස්බුක් සහ ගූගල් සමාගම්වල ප්‍රවෘත්ති අන්තර්ගතයන් සඳහා ඒවායෙහි ප්‍රකාශකයන්ට මුදල් ගෙවීමට බල කෙරෙන නව නීතිය එහි පාර්ලිමේන්තු විසින් සම්මත කර ඇත. පසුගිය සතියේ ෆේස්බුක් විසින් සියලු ප්‍රවෘත්ති අන්තර්ගත යන් ඕස්ට්‍රේලියාවට අවහිර කලේය. ඕස්ට්‍රේලියානු භාණ්ඩාගාරික ජොෂ් ෆ්‍රයිඩන්බර්ග් නිවේදනයක් නිකුත් කරමින් පවසා සිටියේ ඕස්ට්‍රේලියානු පාර්ලිමේන්තුව විසින් පසුගිය 25 වනදා අනුමැතිය ලබාදුන් මෙම නීතිය ප්‍රකාරව, එරට ප්‍රවෘත්ති මාධ්‍ය ව්‍යාපාර විසින් ජනනය කරන අන්තර්ගතයන් සඳහා සෑහෙන ආදායමක් ඔවුන් වෙත ලබාදෙන බවට සහතික වනු ඇතයි කියාය.
Read Moreකොවිඩ් මෘතදේහ භූමිදානය ජීනිවා වලට ධනාත්මක බලපෑමක්!
මාස දහයක් ප්‍රමාද වුවද, දැඩි අභ්‍යන්තර විරෝධතා හමුවේ කොවිඩ් ආසාදිත මෘතදේහ භූමදානය කිරීමට අවසර දීමට රජය ගත් තීරණය ජිනීවාහි එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේ පැවති සාකච්ඡාවලට ධනාත්මක බලපෑමක් ඇති කරනු ඇතැයි ශ්‍රී ලංකා ජාතික සාම මණ්ඩලය පවසයි. ජාතික සාම මණ්ඩලය නිවේදනයක් නිකුත් කරමින් මේ බව කියා ඇති අතර එහි සඳහන් වන්නේ. මෙම තීරණය ශ්‍රී ලංකාවේ මුස්ලිම් පුරවැසියන්ට ඔවුන්ගේ ගැඹුරු හැඟීම් වලට රජය අවසානයේ ප්‍රතිචාර දක්වා ඇති බවට හැඟීමක් ඇති කිරීමට ද ඉවහල් වනු ඇති බවය. කොවිඩ් වින්දිතයින් භූමදානය කිරීමට අවසර දීමට රජය ගත් තීරණය බොහෝ කල් ගත වු අතර මාස…
Read Moreකැළණිතිස්ස බලාගාරයෙන් බිලියන 25 ක පාඩුවක් ගැන හෙළිදරව්වක්!
කැලණිතිස්ස සංයුක්ත චක්‍රීය විදුලි බලාගාරය ඉදිකිරීම් ඇරඹියේ 2000 වසරේදීය. 2002 ජනවාරි මාසයේදී පළමු අදියර සහ 2003 මාර්තු මාසයේදී දෙවන අදියර ලෙස මෙගාවොට් 165 සමස්ත ධාරිතාවකින් යුක්තව ජාතික විදුලිබල පද්ධතියට එක් විය. මෙම බලාගාරයේ සුවිශේෂත්වය වන්නේ ඛනිජ තෙල් සංස්ථාව විසින් ඩීසල් තෙල් පිරිපහදුවෙන් පසු ඉවත්කරනු ලබන නැප්තා මෙහි ඉන්ධනයක් ලෙස භාවිතා කිරීමය. මෙම බලාගාරයෙන් විදුලිය නිපදවීමට වැයවන්නේ ඒ්කකයට රුපියල් 18-20 ත් අතර මුදලකි. ඒමෙන්ම මෙය පරිසර හිතකාමී බලාගාරයකි. මේ බලාගාරය මඟින් වාර්ෂික විදුලි නිෂ්පාදනය ගිගාවොට් 1084 ක් හෙවත් විදුලි ඒකක කෝටි 108 කට වඩා අධිකය. වසර 19 කට පසු මෙකී බලාගාරයේ…
Read Moreමිගාරගේ සිදුවීම හා පොලීසියේ චණ්ඩි පාට්!
මිගාර ගුණරත්න සිසුවාට සිදු වූ ම්ලේච්ඡ පොලිස් පහර දීම පිළිබද යම් කිසිවක් අප විසින් සිදු කල යුත්තේ, මිගාර නීති සිසුවෙකු වීම නිසා හෝ ඔහුගේ පියා ජනාධිපති නීතිඥවරයෙකු වීම නිසා හෝ ඔහුගේ පියා හිටපු ආණ්ඩුකාර මෛත්‍රී ගුණරත්න වීම නිසා හෝ නොවේ. යුක්තිය හා සාධාරණත්වය වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරු බොහෝ පිරිසක් මැද නීති සිසුවෙකුට වෘත්තීය කටයුතු කිරීමට ඇති අයිතිය පිළිබද ප්‍රශ්න කල පණ්ඩිතයින් කීපදෙනෙකුගේ ද මත ඊයේ දිනයේ දී මුහුණු පොතේ දුටුවෙමි. පළමු කාරණාව මිගාර පොලිසියට යන්නේ කිසිඳු නීති සේවාවක් සැපයීමට නොවන බව ය. ඔහුගේ සහෝදරයා වූ චරිත ගුණරත්න පැවසු පරිදි ඔහු…
Read MoreSri lanka micro finance loans | පටන් ගත්තු ගමේවත් සාර්ථකවෙලා නෑ | Amali Wedagedara
ජනපති අතුරුදහන් වුවන්ගේ ඥාතීන් හමුවීමට සැරසේ!
“ගම සමග පිලිසඳරක්” යනුවෙන් හඳුන්වමින් ජනාධිපතිවරයා අගනුවරින් ඈත පිහිටි දකුණු දිග ගම්වල වාසය කරන ජනතාවගේ ගැටළු විමසන වැඩ සටහන් මාලාවක් දැන් ක්‍රියාත්මක වෙමින් පවතී. විදේශ කටයුතු අමාත්‍යාංශයේ ලේකම් විශ්‍රාමික අද්මිරාල් මහාචාර්ය ජයනාත් කොළඹගේ පෙබරවාරි 25 බ්‍රහස්පතින්දා හින්දු පුවත්පතට පවසා ඇත්තේ “මෙම ගැටලුව නිමාකරමින් එම පවුල්වලට විසඳුමක් ලබා දීමට ජනාධිපතිතුමා සැබවින්ම අධිෂ්ඨාන කරගෙන සිටින” බවයි. වසර ගණනාවක් තිස්සේ බලහත්කාරයෙන් අතුරුදහන් කර සිටින සිය සමීපතමයන්ට අත්වු ඉරණම හෙළි කරන ලෙස ඉල්ලමින් කාන්තාවන් මුලික කරගත් උතුරු නැගෙනහිර දෙමළ පවුල් වල ජනයා වසර හතරකට අධික කාලයක් තිස්සේ අඛණ්ඩ විරෝධතාවල යෙදී සිටිති. දෙමළ, මුස්ලිම් ජනයාගේ…
Read Moreජෝ බයිඩන්ගේ පළමු හමුදා මෙහෙයුම
ඇමරිකා ජනාධිපති ජෝ බයිඩන්ගේ පාලනය යටතේ සිදු කළ පළමු හමුදා මෙහෙයුම ආරම්භ කර තිබෙන බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි. පෙන්ටගනය පවසා සිටින්නේ සිරියාවේ සහ ඉරාන සහය ලබන හමුදා ඉලක්ක දෙකකට ගුවන් ප්‍රහාර එල්ල කර තිබෙන බවයි. එක්සත් ජනපදයේ සහ ඉරාකයේ සාමාජිකයින්ට එරෙහි මෑත ප්රහාරයන්ට ප්‍රතිචාර වශයෙන් ජනාධිපති ජෝ බයිඩන් මෙම ක්‍රියාව අනුමත කර ඇත. මිලිටරි බලධාරීන් පැවසුවේ එක් අයෙකු මිය ගොස් ඇති නමුත් යුද නිරීක්ෂකයෙක් පැවසුවේ අවම වශයෙන් මරණ 22 ක් වාර්තාවී ඇති බවයි.
Read More