ඕස්ට්‍රේලියානු පාර්ලිමේන්තු ව විසින් නව නීතියක් සම්මත කර ඇත. එම නීතිය ලොව ප්‍රථම වරට ඉදිරිපත් කළ රට වන්නේ ඕස්ට්‍රේලියාවයි. ෆේස්බුක් සහ ගූගල් සමාගම්වල ප්රවෘත්ති අන්තර්ගතයන් සඳහා ඒවායෙහි ප්‍රකාශකයන්ට මුදල් ගෙවීමට බල කෙරෙන නව නීතිය එහි පාර්ලිමේන්තු විසින් සම්මත කර ඇත. පසුගිය සතියේ ෆේස්බුක් විසින් සියලු ප්රවෘත්ති අන්තර්ගත යන් ඕස්ට්‍රේලියාවට අවහිර කලේය.
ඕස්ට්‍රේලියානු භාණ්ඩාගාරික ජොෂ් ෆ්‍රයිඩන්බර්ග් නිවේදනයක් නිකුත් කරමින් පවසා සිටියේ ඕස්ට්‍රේලියානු පාර්ලිමේන්තුව විසින් පසුගිය 25 වනදා අනුමැතිය ලබාදුන් මෙම නීතිය ප්‍රකාරව, එරට ප්රවෘත්ති මාධ්‍ය ව්‍යාපාර විසින් ජනනය කරන අන්තර්ගතයන් සඳහා සෑහෙන ආදායමක් ඔවුන් වෙත ලබාදෙන බවට සහතික වනු ඇතයි කියාය.