මහර බන්ධනාගාරයේ පහුගිය නොවැම්බර් 29 දා ඇති වු සිද්ධිය පිළිබදව සොයා බලා වාර්තාවක් ඉදිරිපත් කිරීමට අධිකරණ අමාත්‍ය ජනාධිපති නීතිඥ මොහොමඩ් අලි සබ්රි මහතා විසින් පත් කළ කමිටුවේ පුර්ණ වාර්තාව එම කමිටුවේ සාමාජිකයින් විසින් අද පස්වරුවේ (30) අධිකරණ අමාත්‍ය ජනාධිපති නීතිඥ මොහොමඩ් අලි සබ්රි මහතා වෙත භාරදීම දුන්හ. කමිටුවේ සභාපතිනි හිටපු මහාධිකරණ විනිසුරු කුසලා සරෝජිනී වීරවර්ධන මහත්මිය විසින් අදාළ වාර්තාව අමාත්‍යතුමා වෙත භාරදීම සිදු කළාය. අදාළ කමිටුව අධිකරණ අමාත්‍යවරයා විසින් 2020.11.29 වන දින පත් කරන ලදි. කමිටුව වෙත උපදෙස් ලබාදී තිබුණේ මසක් තුළ සිද්ධිය පිළිබදව වු පුර්ණ වාර්තාවක් ලබා දෙන ලෙසයි.…
Read MoreMonth: December 2020
පහුගිය රජයේ සංවර්ධන සැලසුම් 29 ක ගැසට්ටුව අවලංගු කළේ හේතුවක් ඇතිවයි! – අමාත්‍ය නාලක ගොඩහේවා
පහුගිය ආණ්ඩුව කාලයේ ගෙන ආ නගර සංවර්ධන සැලසුම් 29 ක ගැසට්ටුවක් මේ ආණ්ඩුවේ නාගරික සංවර්ධන අධිකාරිය විසින් අවලංගු කරනු ලැබුයේ පහුගිය සතියේය. මෙම ගැසට්ටුව 2020 සිට 2030 දක්වා ක්‍රියාත්මක වීමට තිබු එකකි. 2019 ඔක්තෝම්බර් මසදී මෙය එවකට නගර නාගරික සංවර්ධන අධිකාරිය භාරව සිටි අමාත්‍ය පාඨලී චම්පික මහතාගේ අත්සනින් යුතුව ගැසට් කරන ලදි. ඒ ගැසට්ටුව අවලංගු කිරීමට සිදු වුයේ ඒවා මැතිවරණයට ආසන්නව දේශපාලන ප්‍රචාරයන් ලබා ගැනීම සඳහා කඩිමුඩියේ කළ වැඩක් නිසා බව අමාත්‍ය, ආචාර්ය නාලක ගොඩහේවා මහතා පවසයි. මෙයට අදාලව පළාත් පාලන ආයතන සමඟ සාකච්ඡා කර අදාල අනුමැතිය ලබා ගෙන තිබුණේ…
Read More“ඊලඟ ජනාධිපතිවරණය එද්දී මේ රට හමුදාකරණය වෙලා ඉවරයි!” -සන්ධ්‍යා එක්නැළිගොඩ
සිය මව්බිමට පැමිණෙන රට විරුවා ගසා කෑම!
COVID 19 වසංගතය ලාංකික සංක්‍රමණික ප්‍රජාවට අභියෝග රැසක් එල්ල කර මින් සිටියි. මෙරටට විදේශ නිවිමය උපයා දුන් මේ රට විරුවන් අද සිය මව්බිමට පැමිණෙමින් සිටින්නේ ඒ අභියෝග මැදය. විදේශයන්හී සිටින ලාංකිකයින් ගෙන්වා ගැනීම COVID 19 සෞඛ්‍ය අර්බුදය තුළ රජය විසින් සංක්‍රමණික කම්කරුවන් සඳහා වූ ජාතික COVID 19 ප්‍රතිචාර සැලැස්ම සකස් කොට අනුමත කරන ලද්දේ ඒ අනුවය. මෙම ප්‍රතිපත්ති ක්‍රියාත්මක කරනු ලබන්නේ රජයේ ආයතන හරහා සහ සංවර්ධන හවුල්කරුවන් සහ රාජ්‍ය නොවන පාර්ශවකරුවන් සමඟ හවුල්කාරිත්වයෙනි. මෙම සංක්‍රමණික සේවකයින්ගේ ක්ෂණික අවශ්‍යතා, නැවත මෙරටට ගෙන්වා ගැනීම, තිරසාරව නැවත සමාජගත කිරීම සහ නිපුණතා ලබා දීම…
Read Moreදේශපාලන පළිගැනීම් වලට ලක්වූ අයට සාධාරණයක් කරනවා! – ආරක්ෂක ලේකම්
වත්මන් රජය කිසිවිටෙකත් දේශපාලන පළිගැනීම් සිදු නොකරන බවත් දැනට අත්අඩංගුවේ පසුවන ශානි අබේසේකර වැනි අය පසුගිය කාලයේ කළ කී දෑ පිළිබඳව රටම දන්නා බවත් ආරක්ෂක ලේකම්, ජනරාල් කමල් ගුණරත්න මහතා පවසයි. නව රජය බලයට පත්වීමෙන් පසු දේශපාලන පිළිගැනීම් සිදුකළේ නම් අද බොහෝ පිරිසකට ඉන්නට සිදුවන්නේ හිරිගෙවල් වල බවත්, වැරදි කළ බව පරීක්ෂණ මගින් තහවුරු අය හැර වෙනත් අය කිසිදු හේතුවක් නිසා අත්අඩංගුවට ගෙන නොමැති බවත් ඒ මහතා කීය. ශ්‍රී දළදා සමිඳුන් වැඳපුදා ගැනීමෙන් අනතුරුව ඊයේ (29) මාධ්‍ය හමුවේ අදහස් දක්වමින් ආරක්ෂක ලේකම්වරයා මේ බව ප්‍රකාශ කළේය. ජනපති, අගමැති, ආණ්ඩුව හෝ…
Read More“ජාතික අධ්‍යාපන කොමිසම සුදු අලියෙක්ද?” ලංකා ගුරු සංගමය ප්‍රශ්න කරයි.
ලංකා ගුරු සංගමය පවසන පරිදි විගණකාධිපතිවරයා විසින් 2019 මුදල් වර්ෂයට අදාළ වාර්තාව 2020 ඔක්තෝම්බර් 29 දින කතානායකවරයා වෙත ඉදිරිපත් කර ඇත. එම විගණන වාර්තාව තුළ අධ්‍යාපන අමාත්‍යාංශය සම්බන්ධයෙන් බරපතල කරුණු ගණනාවක් මතුකර තිබෙන බවයි ලංකා ගුරු සංගමයේ ප්‍රධාන ලේකම් ජෝසප් ස්ටාලින් පවසන්නේ. අධ්‍යාපනයේ අරමුණු ඉටු කිරීම සඳහා එකී වර්ෂය වෙනුවෙන් පාර්ලිමේන්තුව රුපියල් මිලියන 325,397.60 ක ප්‍රතිපාදන සලසා තිබුණ ද ඉන් උපයෝජනය කර ඇත්තේ රුපියල් මිලියන 235,097.00 ක මුදලක් බව පෙන්වා දෙන ගුරු සංගම් නායකයා අවධාරණය කරන්නේ ඒ අනුව මුළු ප්රතිපාදනයෙන් 27.75% ක් හෙවත් රුපියල් මිලියන 90,303.60 මුදලක් ප්‍රයෝජනයට ගෙන නොමැති…
Read More“පිළිකා කාරක ආහාර” සම්බන්ධයෙන් අපි සමාජයක් විදිහට තවමත් සංවේදී නැහැ. – නිමල් ද සිල්වා
විසිවෙනි සංශෝධනය තුළින් ඇති කරපු වෙනස්කම් වගේම අලුත් ඉඩම් ප්‍රතිසංස්කරණ වැසටහනකුත් දියත්වෙලා තිබෙනවා. මේ තත්ත්වය කෘෂිකර්මාන්තය කෙරෙහි ඇති කරල තියන බලපෑම කොයි වගේද? අපේ ලංකාවේ විතරක් නෙවෙයි මුළු ලෝකෙම ආහාර නිෂ්පාදනය ගත්තහම සියයට හැත්තෑවක් විතර නිෂ්පාදනය කරන්නේ සුළු ගොවීන්. ලංකාවේ තත්ත්වයත් එයමයි. මහා පරිමාණ ගොවීන් නෙවෙයි සමස්ත ආහාර නිෂ්පාදනය කරට අරන් තියෙන්නේ. නමුත් මේ සුළු ගොවීන් කියන ප්‍රජාව සම්පූර්ණයෙන් මෙම ක්‍රියාවලිය තුළ අතහරැලා තිබෙනවා. සුළු ගොවීන් අතාරිනවා කියන්නේ, මහා පරිමාණ ජාවාරම්කාරයන්ට මේකේ ඉඩම් විශාල වශයෙන් දෙනවා කියන්නේ, ඒකෙන් අපේ ආහාර ප්‍රශ්නයට ප්‍රතිඵලයක් ගන්න බැරි වෙනවා. මොකද ඒ වගාව නිර්මාණය කරන්නේම…
Read Moreකොවිඩ් තත්වය හමුවේත් හෙද කාර්ය මණ්ඩලයට කැපිල්ලක්!
කොවිඩ් 19 වසංගතයේදී රෝගීන්ගේ ජිවිත බේරා ගැනීම සඳහා කටයුතු කරන පිරිසක් වේ. ඒ වෛද්‍යවරු හා හෙද හෙදියන් ඇතුලු සෞඛ්‍ය කාර්ය මණ්ඩලයයි. ඇතැම් විට පහුගිය කාලයේ ඔවුන්ට කෑම වේලක් කන්නටවත්, ගෙදරට දුරකථන ඇමතුමක් දීමට තරම්වත් නිදහසක් තිබුණේ නැත. තවමත් එසේමය. කොවිඩ් පළමු රැල්ලේ සිටම මොවුන්ගෙන් ලැබුණු සේවය අප්‍රමාණය. කැපවීම් අපමණය. මේ නිසාම ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා කොවිඩ් පළමු රැල්ල අවසානයේ සෞඛ්‍ය කාර්ය මණ්ඩල වලට විශේෂ පැකේජයක් ලබා දීමට කටයුතු කර තිබුණි. ඒ් සුපිරි හෝටලයක පවුලේ අය සමඟ දින කිහිපයක් නවාතැන් ගෙන විවේක ගැනීමටය. එම වැඩ පිලිවෙල ක්‍රියාත්මක වෙමින් පැවති අවස්ථාවේ යළිඳු…
Read More“ඉතිරි කරපුවයි….රත්තරං බඩුයි ඉවර වුනාම පස්සේ මොකද කරන්නේ?” – චිත්‍රපට පසුපස සිටින ශිල්පීන්ගේ කතාව
අඳුරු වූ ශාලාවේ සුදු පැහැ තිරය මත පතිත වන රූප වලින් අප සිත් සතන් පිනවයි. ඔවුන් රූප කායෙන් අප මුසපත් වෙයි. ඔවුන්ගේ රංගනයෙන් අප මුසපත්වෙයි. අපගේ ජීවිත ද ඒ හා සමාන යයි සිතයි. එයින් ඇසෙන ගීය දිනක් සතියක් නොව අවුරුදු ගණන් අපගේ මනසෙහි, මුවගෙහි රෑදී ඇසෙයි. ඔවුන්ගේ රූපයෙන් සැරසුණු බිත්ති, පොත් කවර වර්තමානයේ නම් ඒ රූපයන් ජංගම දුරකතනයෙහි රැඳී සිටියි. අප වෙත මේ අයුරින් එන සෞන්දර්යය අප වෙත ගෙන ඒම සඳහා, කිසිදින රුපයෙන් අප දැක නැති විශාල නිර්මාණ ශිල්පීන්, තාක්ෂණික ශිල්පීන් පිරිසක් වෙහෙසෙයි. කැමරා ශිල්පියාගේ සිට ආලෝකකරණ සහයක දක්වා ද,…
Read More