නීතිපතිගේ නියෝජිතවරියගේ සුදානම මහර ගැටුම යට ගසන්න!

මහර බන්ධනාගාරය තුල සිදු වු අපරාධය  රජය යට ගැසීමට උත්සහ කල බවත් නමුත් මේ වන විට මිය ගිය රැඳවියන් එකලොස් දෙනාගෙන් අට දෙනෙක්ම මිය ගොස් ඇත්තේ වෙඩි වැදීමෙන් බව පශ්චාත් මරණ  පරික්ෂණ වලින් හෙළි වී අවසන් බව සිරකරු අයිතිවාසිකම් සුරැකීමේ කමිටුවේ සභාපති නීතිඥ සේනක පෙරේරා මහතා පවසයි.

නමුත් තවමත් අධිකරණය තුලත් ඉන් පිටත් මෙම පරීක්ෂණ වලට බාධා කරන තත්ත්වයක් පවතින බවත් රජයේ නීතිපති නියෝජනය කරන රජයේ අධි නීතිඥවරිය පවා අධිකරණයෙන් අසා සිටින්නේ අගතියට පත් පාර්ශවයට පෙනී සිටිමට ඇති අයිතිය කුමක්දැයි බවත් මෙය ඉතාම කණගාටුදායක තත්ත්වයක් බවද ඔහු කියා සිටියි.

නමුත් වින්දිත පාර්ශවය වෙනුවෙන් පෙනී සිටිමට නීතියේ අනපනත් ඇති බවත් මෙහිදී රජයේ නියෝජිතවරිය බලාපොරෝත්තු වන්නේ වින්දිත පාර්ශවය අධිකරණයෙන් ඉවත් කර තනිව රජයට අවැසි ආකාරයට කටයුතු කිරීමට බවද නීතිඥ සේනක මහතා පවසයි.

රජයෙන් පඩි ගන්නා ඇතැම් මාධ්‍ය ප්‍රකාශකලාත් මේ අපරාධය වසන් කිරිමට උත්සහ  දරන බවත් මේ අපරාධය කළ පුද්ගලයින්ට එරෙහිව නීතිය ක්‍රියාත්මක කරනවා වෙනුවට ඔවුන් එම ස්ථානයේ දේපල හානි කළ බවට චෝදනා කරමින් නඩු පැවරීමට කටයුතු කරමින් සිටිනවා යැයිද ඔහු චෝදනා කර සිටියි.

මෙය සාක්ෂි කරුවන්ට කරන තර්ජනයක් ලෙස දකින බවත් රජය සාක්ෂිකරුවන් ආරක්ෂා කළ යුතුව ඇතැයිද ඔහු කියා සිටියි.

Social Sharing
නවතම