කොවිඩ් 19 වසංගතයත් සමඟ සංචාරක කර්මාන්තයද කඩා වැටුණේය. වෙනදාට විදෙස් සංචාරකයින්ගෙන් පිරී ඉතිරි ගිය හෝටල්, සංචාරක ස්ථාන පාළුවට ගියහ. මෙරටට පැමිණෙමින් තිබු විදේශ විනිමය මේ නිසා අහිමි විය. ගුවන් තොටුපළවල් විදේශිකයින්ට වසා දැමුණි.
එසේ වසා දැමුණු ගුවන් තොටුපළවල් විදෙස් සංචාරකයින් සඳහා මාස ගණනකට පසු යළි විවෘත කිරීමට රජය සුදානම් වුයේ පහුගිය සතියේය. ඒ උදයංග වීරතුංගත් රජයේ පාර්ශවයත් සිදු කරන බබල් ටුවරිසම් ( අත්හදා බැලීමේ බුබුලක්) වැඩසටහන හරහාය.
මෙහිදී ලංකාවේ පළමු විදේස් සංචාරක කණ්ඩායම වුයේ පැරණි යුරෝපා සමුහාණ්ඩුව තුල සිටි 6000 ක පමණ ධනවතුන්ය. මෙයින් 200 ක් පමණ පළමුව ගෙන්වීමට නියමිතව තිබුණේ අද (26) දිනය. නමුත් බ්‍රිතානයේ ඇතුලු යුරෝපීය රටවල් රැසක ව්‍යාප්ත වෙමින් පවතින කොවිඩ් නව වෛරස් ප්‍රභේදය නිසා මෙම සංචාරය දින කිහිපයකට අත්හිටුවීමට සිදුව ඇත.
විදේශිකයින් සඳහා මෙරට ගුවන්තොටුපල විවෘත කරමින් පැරණි යුරෝපා සමූහාණ්ඩව තුල සංචාරකයින් ගෙන්වීමේදී නිරෝධායන නීති රීති වලට යටත්ව සිදු කළ යුතු බවත්, නැතිනම් සිදුවන්නේ සංචාරක බුබුලක් වෙනුවට සංචාරක පොකුරක් ඇති වීම බව ජාතික සංචාරක මාර්ගෝපදේශක කථිකාචාර්ය ආයතනයේ ආචාර්ය මහේෂ් ප්‍රියදර්ශන මහතා පෙන්වා දෙයි.
ආචාර්ය මහේෂ් ප්‍රියදර්ශන මහතා
මේ වැඩ පිලිවෙල ක්‍රියාත්මක කිරිමේ දී ජාතික සංචාරක මාර්ගෝපදේශක කථිකාචාර්ය ආයතනය සමඟ කිසිදු සාකච්ඡාවක් නොපැවැත්වූ බවත් ඒ නිසා මේ වැඩ පිලිවෙල තුල ඇත්තේ කුමක්දැයි නොදන්නා බවත් නමුත් මෙහි ඇති පින්නවල, යාල, ගාලු චාරිකා යාමේදී නිරෝධායන වැඩපිලිවෙලට අනුගතවද මෙය සිදු කෙරෙන්නේ යැයි ඔහු විමසා සිටියි.
එමෙන්ම මෙම වැඩසටහන් සඳහා යොදවා ගන්නා මාර්ගෝපදේශකයින් ලියාපදිංචි බලපත්‍රලාභීන් විය යුතු බව පෙන්වා දෙන ආචාර්ය මහේෂ් ප්‍රියදර්ශන මහතා කියා සිටින්නේ ඔවුන්ටද නිසි පහසුකම් සලසමින් රක්ෂණාවරණයක් ලබා දිය යුතු බවය.
ජාතික සංචාරක මාර්ගෝපදේශක කථිකාචාර්ය ආයතනයේ ලේකම් සුමේධ චන්ද්‍රදාස මහතා කියා සිටින්නේ බබල් ටුවරිසම් ක්‍රියාත්මක කිරිමේදී ද්විත්ත පුරවැසියන්ට එක නීතියක් හා විදෙස් සංචාරකයින්ට තව නීතියක් ක්‍රියාත්ම කිරීම දැඩි අවිනිශ්චිත තත්ත්වයක් බවය.
මොවුන් සංචාරක හෝටල් වලින් පිටතට යන්නේ නම් එය සෞඛ්‍යට තර්ජනයක් බවත් මෙහිදී ඇති විය හැකි මධ්‍ය කාලීන හා දීර්ඝ කාලීන ගැටළු දෙස අවධානය යොමු කරමින් නිසි ක්‍රමවේදයක් යටතේ මෙම වැඩසටහන කළ යුතුව ඇතැයිද ඔහු කියා සිටියි.
-ශානිකා-