නිවසේ නිරෝධායනය වන මිනිසුන් ගැන රජයට වගකීමක් නැද්ද?

නිරෝධායනයට ලක් කෙරෙන පවුල් සඳහා වියළි ආහාර මල්ලක් ලබා දීමේ වැඩසටහනක් රජය ක්‍රියාත්මක කර ඇති බව මාධ්‍ය මඟින් වාර්තා කර තිබුණි. මේ වියළි ආහාර මල්ල ඇතැම් හුදකලා කෙරුනු ප්‍රදේශ වලට සහ, නිරෝධායනය කෙරුණු පවුල් වලට ලැබුණද තවත් පිරිසකට ලැබුණේ නැත. මේ ගැන සොයා බැලීමටද කිසිවෙකුත් සිටියේ නැත.

මෙවන් සිදුවීමේදී පුද්ගලයින් නිරෝධායන ක්‍රියාවලියට යොමු වීමටද පසුබට වේ. මන්ද ඒ සඳහා නිසි ක්‍රියාවලියක් නොමැති වීම නිසාය.

ස්වයං නිරෝධායනයට ලක් කළ පවුල් තුනක් ආහාර පාන නොමැතිව දැඩි අසීරුතාවයකට පත්ව ඇති බව ඊයේ (27) අනුරාධපුරයෙන් වාර්තා විය.

ඒ තිරප්පනය ප්‍රදේශීය ලේකම් කොට්ඨාසයේ මොරගොඩ පොලිස් වසමේ බැදිවැව ගම්මානයේ දින දහයකට ඉහතදී ස්වයං නිරෝධායනයට ලක්කල පවුල් තුනක පදිංචිකරුවන් පිරිසකි.

ඔවුන් සඳහන් කරන්නේ පොලිස් නිළධාරීන් පැමිණ යනවා හැර මේ දක්වා ප්‍රදේශයේ ග්‍රාමසේවා නිළධාරිවරයා සෞඛ්‍ය අංශ එහි පැමිණි සුවදුක් හෝ පවතින අසීරුතාවන් පිළිබදව සොයා නොබැලු  බවයි.

ඇතිව තිබෙන තත්වය සම්බන්ධයෙන් අදහස් දැක්වූ තිලිණ නිරෝෂන් මහතා සඳහන් කර සිටයේ පසුගිය 18 වන දින ගම්පහ ප්‍රදේශයේ සිට පැමිණි පුද්ගලයෙකු ඇසුරු කිරීම හේතුවෙන් තමා ඇතුළු පවුලේ ඥාතින් කිහිපදෙනෙකු මෙලෙස නිවෙස් තුළ ස්වයං නිරෝධායන ලක් කළ බවයි.

නිරෝධාන ලක්කළ දිනයේ පටන් මේ දක්වා ග්‍රාමසේවා නිළධාරීන් හෝ වෙනත් සහන කණ්ඩායමෙක් පැමිණ තම සුව දුක් බැලීමට කටයුතු නොකළ බවත් පවුලේ අය හා සිය ඥාතීන් ස්වයං නිරෝදායනය වන බැවිනි අසල්වාසීන්ද පිහිටක් නොවන බව ඔහු පැවසුවේය.

අනුරාධපුර මහේෂ් විජේසුරිය

Social Sharing
නවතම