ත්‍රීවිලර් වෙනුවට ඩිෆෙන්ඩර් සංස්කෘතියක් පොලීසියට අවශ්‍යයි! – පිලිප් දිසානායක

Extrajudicial killings sri lanka Police torture

ශ්‍රේෂ්ඨාධිකරණය විසින් පසුගියදා විශිෂ්ඨ නඩු තීන්දු දෙකක් ලබා දෙන ලදී. ඒ බදුල්ල කන්දෙකැටිය ප්‍රදේශයේ පදිංචි සිටි සදුන් මාලිංග නම් 17 හැවිරිදි තරණයා පොලිස් අත්අඩංගුවේ දී ඝාතනය වීම හා පෑලියගොඩ ප්‍රදේශයේ පදිංචිව සිටි චදික් ෂර්මන් නම් 42 දෙහැවිරිදි දෙදරු පියා පොලිස් අත්අඩංගුවේ දී ඝාතණය වීම සම්බන්ධව ය.

සදුන් මාලිංග වෙනුවෙන් 2014දී මූලික අයිතිවාසිකම් පෙත්සම ගොනු කරනු ලැබූ අතර, එම නඩු තීන්දුව ඊට වසර 7කට පසුව එනම්,  2021 මැයි 21 වන දින ලබා දෙන ලදී. එම නඩු තීන්දුව මගින් ශ්‍රේෂ්ඨාධිකරණය ප්‍රකාශ කළේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 11, 12(1) සහ 13(1) ව්‍යවස්ථා උල්ලංඝනය වීමෙන් පැමිණිලිකරැගේ මූලික අයිතිවාසිකම් කඩවී ඇති බවයි. ඒ අනුව අදාල පොලිස් නිලධාරීන් 5 දෙනාට හා රජයට  සදුන් මාලිංග වෙනුවෙන් වන්දි ප්‍රදානය කළ යුතු බවට තීරණය විය.

චදික් ශර්මන් වෙනුවෙන් 2017 දී මූලික අයිතිවාසිකම් පෙත්සම ගොනු කරනු ලැබූ අතර, ඒම තීන්දුව වසර 4කට පසුව එනම්, 2021 ජූලි 14දා ප්‍රකාශයට පත් කලේය. එම තීන්දු මගින් චදික් ෂර්මන් අත්අඩංගුවට ගත් පෑලියගොඩ පොලීසියේ පොලිස් නිළධාරීන් පස්දෙනා වන සුමේධ තුස්හංග, ඉන්දික ප්‍රියදර්ශන, චානක රුක්මන්, ලහිරු රොෂාන් සහ අජිත් ජයලාල් යන අය විසින් රැපියල් 50,000 බැගින් හා රජය විසින් රැපියල් 750,000 සමහ රැපියල් මිලියනයක් වන්දි වශයෙන් පිරිනැමීමට ශ්‍රේෂ්ඨාධිකරණය නියෝග කර තිබුනි.

2014 මැයි 6 වන දින කන්දෙකැටිය පොලිසියේ නිළධාරීන් සදුන් මාලිංග ඇතුලු තිදෙනෙක් අත්අඩංගුවට ගෙන තිබුනේ ඔවුන් නිදන් හැරීමට උත්සාහ කළ බවට චෝදනා කරමිනි.  ඔවුන් අත්අඩංගුවට ගන්නා විටත් අදාල පොලිස් නිළධාරීන් බීමත්ව සිටි බව ද වාර්තා විය. පොලිස් අත්අඩංගුවට ගෙන දින තුනක පසුව ඒනම්, 2014 මැයි 9 වන දින සදුන් මිය ගියේ පොලිස් පහරදීම් නිසාය. මෙම ඝාතණය සම්බන්ධව බදුල්ල මහාධිකරණයේ පැවරෑ නඩුවෙන් එවකට කන්දෙකැටිය පොලීසියේ සේවය කළ උප පොලීස් පරීක්ෂක වරයෙකු ඇතුලු පොලිස් නිලධාරීන් පස් දෙනෙකුට හා සිවිල් ආරක්ෂක බලකා නිලධාරියෙකුට මරණීය දණ්ඩනය හිමි විය. බදුල්ල මහාධිකරණ විනිසුරු ඒම නියෝගය ලබා දුන්නේ 2017 ජනවාරි 09 දාය.

බදුල්ල මහාධිකරණය විසින් පොලිස් නිළධාරීන් පස්දෙනෙකුට එරෙහිව මරණීය දණ්ඩය ලබා දී මසක් යන්නට මත්තෙන් එනම්, 2017 වසරේ පෙබරවාරි 05 වන දින චදික් ෂර්මන් අත්අඩංගුවට ගෙන තිබුනේ ගිණි අවියක් තිබෙන බවට ලැබු හෝඩුවාවක් හේතුවෙනි. ඊට පසු දින ඔහුගේ බිරිදට දැනගන්න ලැබෙන්නේ චදික් ෂර්මන් මිය ගිය පුවතයි. එම මරණයට සෘජුව චදික් අත්අඩංගුවට ගත් පොලිස් නිළධාරීන් පස්දෙනා වගකිව යුතු බව ඔහුගේ බිරිද පවසයි. මෙම මරණය සම්බන්ධව අපරාධ නඩුව තවමත් කොළඹ මහාධිකරණයේ විභාග වේ.

අපරාධ වැලැක්වීමට, අපරාධ වලින් මිනිසුන් ආරක්ෂා කිරීමට පිහිටුවා ඇති දෙපාර්තමේන්තුවක කටයුතු කරනු ලබන නිලධාරීන් දිගින් දිගටම අපරාධ කරන්නේ නම් හෝ අපරාධ සිදු කිරීමට සම්බන්ධ වන්නේ නම්, ඒ රටේ අනාගතය ගැන බලාපොරොත්තු තැබිය නොහැක.

දශක පහකට වැඩි කාලයක් තිස්සේ සිට ක්‍රියාත්මක මේ ක්‍රමය නතර කිරීමට නම් මේ රටේ ජීවත් වන ජනතාව මේ පිළිබදවත් වඩා වැඩි අවධානයක් යොමු කළ යුතුය. මෙවැනි තත්ත්වයක් යටතේ ඔබ කුමණ පළාතක ජීවත් වුවත්, කුමණ තරාතිරමකට අයත් වුවත්, ඔබ කුමන මොහොතක දී හෝ පොලිස් අපරාධයකට ගොදුරු වීමට බොහෝ ඉඩ කඩ ඇත.

පොලීසියේ මෙවැනි නීති විරෝධී ක්‍රියාවන් වැලැක්වීමට සැලකිය යුතු නීති පැවතියත්, එම නීති නිසියාකාරව හා ඉක්මනින් ක්‍රියාත්මක නොවීමත් නිසා මෙම තත්ත්වය වර්ධනය වීමට ඒක් හේතුවක් ලෙස දැක්විය හැක.

එමෙන්ම, සහර නීති ප්‍රමාද වී හෝ ක්‍රියාත්මක වී සමහර විට දඩුවම් පවා ලැබ තිබිය දී පවා ඉන් හෝ පාඩමක් ඉගෙන නොගනමින් සමහර නිළධාරීන් තවමත් මෙසේ කෲර ලෙස හැසිරෙන්නේ ඇයි ද යන්න විමසා බැලිය යුතුය.

මේ සම්බන්ධව පොලිසියේ චර්යාවන් පිළිබදව යම් අවබෝධයක් ඇති පිරිස් පවසන්නේ සමහර පරීක්ෂණ නිළධාරීන්ගේ නූගත්කම, ඔවුන් වෙත එල්ල වී ඇති පීඩනය, වැඩ අධික බව හා මානසික ආතතිය වැනි හේතුන් නිසා මෙවැනි ක්‍රියාවන් වරින් වර සිදුවන බවයි. සමස්ත පොලිස් නිළධාරීන් සංඛ්‍යාවෙන් අඩකට ආසන්න පිරිසක් ප්‍රභූ ආරක්ෂාවට යොමු කර තිබීමත්, උගත් නිළධාරීන්ගේ හිගයත්, රජය විසින් නිළධාරීන්ට අවශ්‍ය නවීන පුහුණුව හා උපකරණ ලබා දීමට කටයුතු නොකිරීමත්, ඔවුන්ගේ මානසික තත්ත්වය නගා සිටුවීමට කටයුතු නොකිරීමත් මත එහි යම් කිසි සත්‍යයක් පැවතිය හැක.

නමුත්, පහරදී ලබා ගන්නා ප්‍රකාශයන් හි නොවැදගත් කම, එසේ පහරදීමට ලක් වූ බවට චෝදනා එල්ල වුවහොත් එය මූලික අයිතිවාසිකම් කඩවීමක් පමණක් නොව අපරාධ වරදකට ද වරදකරු වීමට ඇති ඉඩ, මේ ආකාරයෙන් ගොනු කරනු ලැබූ නඩුවලින් 94% ක් වැනි සැලකිය යුතු නඩු ප්‍රමාණයක් ඉදිරියට ගෙනයාමට නොහැකි බව ඔප්පු වී තිබිය දී පවා දිගින් දිගටම මෙසේ සිදු කිරීම පිළිබදව අප මීට වඩා අවධානය යොමු කළ යුතුය.

ඒ පිළිබදව විමසීමේ දී මෙවැනි කෲර හිංසාවන් පොලිස් දෙපාර්තුමේන්තුවෙන් පමණක් නොව, පාසැල් හා වි. විද්‍යාල පද්ධතිය තුළින් හා බන්ධනාගාර පද්ධතිය තුළින් ද වාර්තා වේ. ඒසේ නම්, තොරතුරු ලබා ගැනීම පමණක් නොව කිසියම් පිරිසක් පාලනය කිරීම සඳහා ද මේ ක්‍රමයන් තවමත් භාවිතා කරන බව අපට පෙනී යයි.

එසේ නම්, මෙය තුරන් කිරීමට නම්, තොරතුරු ලබා ගැනීමට පමණක් නොව පාලනය කිරීම සදහා ද අද දියුණු ලෝකය භාවිතා කරනු ලබන නවීන ක්‍රමයන් අපගේ රාජ්‍ය පද්ධතියට ඇතුලත් කර ගත යුතුය. නව නීතිය පමණක් ගෙනා පමණින් එය වෙනස් නොවන බව දශක කිහිපයක අත්දැකීම් තුළින් අපට කියා දේ.

චදික් ශර්මන්ගේ සිදුවීම මාධ්‍ය වාර්තා කර තිබු අයුරු

ඡායාරූපය උපුටා ගැනීම අන්තර්ජාලයෙනි.

7/18/2021

Social Sharing

Related posts