කුඩාඔය පොලීසිය පෝලියෝ රෝගියකුට පහර දෙයි!

සූදු පොලක් වැටලීමට ගිය කුඩාඔය පොලිස් ස්ථානයේ නිලධාරීන් පිරිසක් නිවසකට ගොස් අල්මාරියක තිබු මුදලක් රැගෙන යාම නිසා එම මුදල් හිමිකරු පොලීසියට ගොස් මුදල් ආපසු ඉල්ලූ විට ඔහුව හිංසාවට ලක් කිරීමේ සිද්ධියක් මොණරාගල ප්‍රදේශයෙන් වාර්තා විය.

2021/07/02 දින රාත්‍රියේ වෙහෙරයාය, ඇතිලිවැව ඩඩ්ලිව්.එම්.තිලිණ ධනුෂ්ක යන අය අංක. 2/97, වෙහෙරයාය ඉඩමේ වගාකර ඇති වට්ටක්කා වගාවට වතුර යෙදීමට ගොස් සිට ඇත. එදින රාත්‍රියේ ම කුඩාඔය පොලිස් ස්ථානයෙන් සිරිපුරගම සූදුපොළක් වැටලීමට පැමිණ ඇත. සූදුපොළ වැටලීමට එන බව දැනගත් සූදු පිටියේ සිටි පිරිස, තිලිණගේ නිවසට ගොස් සැඟව ඇත. ඒ වන විට නිවසේ සිට ඇත්තේ වයස අවුරුදු 74 ක් වන තිලිණගේ පියාය. ඔහු අංශභාග රෝගියෙකි.

පොලිස් නිලධාරීන් තිලිණගේ නිවසට ගොස් සැඟව සිටි පිරිස අල්ලාගෙන ඇති අතර නිවසේ කාමරයක තිබු අල්මාරියක්ද පොරවකින් ගසා කඩා ඇත. තිලිණගේ පියා කෑ ගසා ඇත්තේ අල්මාරියේ සිය පුතුගේ මුදල් ඇති බවටය. පොලිස් නිලධාරින් වානේ අල්මාරිය කඩා රුපියල් 80000/= (අසූදහසක) මුදල් සහ පොල් වගා කිරීමේ මණ්ඩලයෙන් දීල තිබුන අවසර ලත් වායු තුවක්කුව රැගෙන ගොස් ඇත.

වගා බිමේ සිටි තිලිණට මේ බව ආරංචි වී ඔහු මිතුරෙකු සමඟ කුඩාඔය පොලිස් ස්ථානයට ගොස් පොලිසියේ නිලධාරියෙකු හමු වී “ අනේ සර් මම වට්ටක්කයි, කවුපියි විකුණල එකතුකරගත්ත සල්ලි ටික ගෙනාවනම් මට දෙන්න, මම ගොවිතැනට වතුර ගහගන්න නල ලිඳක් ගහගන්න එකතුකරපු සල්ලි ටික අල්මාරියෙ තිබුණෙ” යැයි පවසා ඇත.

එහිදී පොලිස් නිලධාරියා ඔහුට බඩට පයින් ගහල පිටුපස කාමරයකට අරන් ගිහින් ඔලුවට, බඩට හා කැඩිච්ච කකුලට ‌හොඳටම අතින් පයින් ගහල බෙල්ලත් පාගල බිම වාඩිකරල හොඳටම පයින් ගසා ඇත.

තිලිණ පෝලියෝ රෝගයට ගොදුරු වූ අයෙක් නිසා කකුල ආබාධිතය. මේ නමුත් පොලිස් නිලධාරීන් ඒබව නොසලකා හැර ඇත. ඔහුගේ සොහොයුරිය වන  ඩබ්ලිව්.එම්. ශිරාණි ස්වර්ණලතා පවසන ආකාරයට

සිය සොහොයුරාට පහර දීමෙන් පසුව ඉදිරිපස කැමරාවක් ළඟට අරගෙන ඇවිත්, රෙකෝඩින් යන්ත්‍රයක් දමා පොලිසිය සල්ලි ගත්තේ නැහැ කියාපිය කියමින් තර්ජනය කර ඇත. බයටම තිලිණ එසේ කියා ඇති බවත් ඊට පස්සෙ ඇදගෙන ඇවිත් කූඩුවට 03 දා දවල් 12.30 ට  විතර පොලිස් ජිප් එකෙන් රැගෙන් ගොස් වැල්ලවාය මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කල බවද ඇය පවසයි. එහිදී තිලිණට ඇප ලබා දී ඇත.

නමුත් පොලිස් පහර කෑමට ලක් වූ නිසා තිලිණගේ ඇසට සහ නාසයටත් බඩට පයින් ගහපු ඒවත් නිසා  අසනීප තත්ත්වයේ පසු විම නිසා ශිරාණි මහත්මිය ඔහුව වැල්ලවාය රෝහලට ඇතුලත් කර ඇත.

ඉන්පසු වැඩිදුර ප්‍රතිකාර සඳහා මොනරාගල දිස්ත්‍රික් මහ රෝහලට මාරු කර යවා එහි නේවාසික ප්‍රතිකාර ලබා දී 2021/07/10 දින පිට ව ඇත.

ඇය පවසන්නේ 2021/07/14 දින මම මේ වෙච්ච අසාධාරණය ගැන මොනරාගල දිස්ත්‍රික් මානව හිමිකම් ප්‍රථමාධාර මධ්‍යස්ථානයට පැමිණි බවත් එදිනම මානව හිමිකම් කොමිසමට සහ ජාතික පොලිස් කොමිසමටත් පොලිස්පති සහන මැදිරියට අන්තර්ජාලය හරහා ද පැමිණිලි කල බවය.

-ශානි-

Social Sharing
නවතම