
පුරුදු පරිදි ලංකා විදුලි බල මණ්ඩලය මෙවරත් 11.57% විදුලි ගාස්තු වැඩි වීමක් උපයෝගිතා කොමිසමින් ඉල්ලා ඇත.
2024 දී ජනාධිපතිවරණ කාලයේදී පවතින ආණ්ඩුව දුන් ප්‍රධාන පෙරොන්දුවක් වූයේ කලාපයේ අඩුම විදුලි බිල පවතින රට බවට පත්කරනවා යන්නයි. නමුත් එයට සාධනීය ක්‍රියාමාර්ග කිසිවක් ගෙන නැතැයි යන චෝදනාව නිරන්තරයෙන් පැන නගින්නකි. පවතින ආණ්ඩුව බලය ලබාගැනීමට පෙර විපක්ශයේදී සිදුකරන ලද චෝදනාව වන්නේ විදුලිබිල වැඩි කිරීමට සිදු වී ඇත්තේ එම ආයතයේ හා අමාත්‍යවරයා සිදුකරනු ලබන අක්‍රමිකතා දූෂණ හා කොමිස් ගැසීම් නිසා බවයි. එම තර්කයට අනුව දැන් බිල වැඩි කිරීමට සිදුවී ඇත්තේද එම පදනමික්ද? එසේ නොමැතිනම් පරිපාලන අදක්ශකම නිසාද? දැන් මෙම බිල වැඩි වීමට අමාත්‍යවරයාගේ කොමිස් ගැනීම හා සම්බන්දයක් නොමැතිද?
හුදෙක් බාහිරයෙන් මේ ප්‍රශ්නය දෙස බලන විට සාමාන්‍යයෙන් අපටද හිතෙන්නේ මේ ආයතනයේ අතිවිශාල දූශණ වංචා තොගයක් හා අමාත්‍යවරයාගේ ක්‍රියා කලාපය නිසා මෙම ආයතනය පාඩු ලබන බවයි නමුත් ඉන් ඔබ්බට ගිය ගැඹුරු පරිපාලන හා ආර්ථික කාරණා ගණනාවත් මේ පාඩු වලට හේතු වෙනවා. මෙම ප්‍රශ්නය මෙම ආණ්ඩුව පටන් ගත් එකක් නොවේ ඉතිහාසය පුරාවට ආණ්ඩු ගත් මෝඩ දුර දිග නොබැලූ තීන්දු නිසා පාඩු පිට පාඩු ලැබූ මණ්ඩලය පවත්වාගැනීම විශාල ණය කන්දරාවක් ගෙන ඇත. බලය ලබාගැනීමට පෙර දෙන ඉතා ආකර්ශණිය ජනප්‍රිය පෙරොන්දු ක්‍රියාත්මක කිරීමට යෑම නිසා මෙම ආයතනය දැවැන්ත පාඩු ලබන ආයතනයක් බවට පත්වී ඇත.
👉කාලයක් තිස්සේ සිදුකරන ලද වැරදි මිල කරණය
👉දේශපාලන පත්වීම් නිසා අනවශ්‍ය පිරිවැය
👉සංකීරණ පරිපාලන ව්‍යුහය නිසා තීන්දු තීරණ ගැනීමේ අපහසුව
👉විවිධ පාර්ශවයන්ට ලබාදුන් සහනාදාර මිල
👉ගිණුම් කරනයේ හා පරිපාලනයේ ඇති දුරුවලතා
👉ප්‍රතිව්‍යුහගතකරනයට ඇති ප්‍රමාදය
👉අනවශ්‍ය ලෙස ගත් ණය වල පොලිය හා වාරික ගෙවන්න සිදුවීම නිසා තාක්ශණයට හා යාවත්කාලීන කිරීම වලට ආයෝජනය කිරීමේ නොහැකියාව
👉පෞද්ගලික අංශය හා ඒකාබද්ද නොවීම (ආයෝජන , තාක්ශණය , පරිපාලනය)
ආයතනයක් විදියට යම් ප්‍රතිව්‍යුගතකිරීම් ප්‍රමාණයක් පවතින රජය සිදුකිරීම නියමිත වුවද එවා ඉතා මන්දගාමී ස්වභාවයක් ගන්නවා. ඒ වගේම ආයතනයේ සේවකයින් එම ප්‍රතිව්‍යුහගතකිරීම් වලට දක්වන ප්‍රතිවිරෝදයද මෙම ප්‍රතිසංස්කරන ප්‍රමාදකරනවා. නමුත් 100% ක්ම රජය තුළ මෙවැනි විශාල ආයතන පවත්වා ගැනීම නුවනට හරු නොවන අතර ද්ට්වා සුළි කුණාටුවෙන් ආර්ථිකයට සිදු වූ හානියට වඩා වැඩි හානියක් මෙවැනි ආයතන පාඩු ලැබීම මගින් සිදු වෙනවා.
එමෙන්න ඉදිරි ආර්ථික ස්ථාරත්වය සෘජු ලෙස මණ්ඩලය දායක වන අතර එය පාඩු බලන්නේ නම් නැතහොත් පාඩුව මකාගැනීමට බිල තව තව වැඩි කරමින් ජනතාව මත බර පටවන්නේ නම් නිශ්පාදන අපනයන ආර්ථිකයද ජනාධිපතිවරණ සමයේ ලබා දෙන බොල් හිස් පොරොන්දුවක්ම පමණක් වෙනු ඇත.
මණ්ඩලයේ 2024 මැද වාර්ථාවලට අනුව ආසන්න වශෙයන් රු බිලියන 673.4 වඩා වැඩි ණය ප්‍රමාණයක් ගෙවීමට ඇති බවට ඇස්තමෙන්තු ගත කරලා තියනවා. 2025 පළමු කාර්තුවේ රු බිලියන 18 පාඩුවක් වාර්ථා කල අතර 2025 මුල් මාස 9 යක (ජන – සැප්) කාලයෙදී සමුච්චිත ශුද්ධ පාඩුව රු බිලියන 9 ඉක්මවා යනු ඇතැයි ඇස්තමේන්තු ගත කරලා තියනවා. IMF වැඩසටහනේ එකගතාවලට අනුව විදුලිබල මණ්ඩලයේ අඛන්ඩ ලෙස පාඩු ලබන ආයතනයක් ලෙස පවත්වාගෙන යෑමට නෙහැකි එම නිසා මිල වැඩි කරමින් පාඩුව මකා ගතයුතුය.
මෙය විශම චක්‍රයකි මෙය කඩා සැබෑ ලෙස මැතිවරණයට ලබා දුන් පොරොන්දුව සැබෑ කිරීමට නම්
👉දැනට සිදුකරන ලද ප්‍රතිව්‍යුහගත කරනයන් වේගවත් කල යුතුය.
👉100% රජයේ තබා ගැනීමේ ඊනියා පසුගාමී අදහස අත් හැර පුද්ගලික අංශය හා ඒකාබද්ද ක්‍රියාවලියකට යායුතුය.
👉විදේශ ආයෝජන ගෙන ඒමට අවශ්‍ය නීති වෙනස් කල යුතුය.
👉පුනර්ජනනීය බලශක්තිය නගා සිටුවීමට අවශ්‍ය ප්‍රතිසංස්කරණ හා දිරිගැන්වීම් සිදුකල යුතුය.
👉ව්විධ ප්‍රාර්ශවයන්ට ලබාදෙන සහනාදාර මිළකරණය නවතා ස්ථාවර සැමට සමාන මිළකරණයක් තිබිය යුතු අතර විනවිදභාවයෙන් යුත් මිල සූත්‍රයක් ක්‍රියාත්ම කලයුතුය.
👉off peak demand එක වැඩි කිරීම අවශ්‍ය දිරිගැන්වීම් සිදුකල යුතුයි.
👉off peak demand, peak භාවිතා කරණ වෙලාව අනුව මිලකරණය.
👉විදුලිය මිලදී ගැනීමේදී spot market price වෙළදපොල මිලකරණයට යොමු වීව.
👉පැහැදිලි විනිවිදභාවයෙන් යුතු නියාමනය.
ඉදිරිගාමී ස්ථාවර ප්‍රතිසංස්කරණයන් නොමැතිව “ කාලපයේ අඩුම විදුලි බිල “යනු රිලවෙකුට වුවද කඩාකප්පල් කිරීමට හැකි බොරු පොරොන්දුවක් වනු ඇත.
