ආසි­යා­වෙන් මතු වුණු Generation Z

ඉන්දු­නී­සි­යාවේ 2025 අගෝස්තු මාසයේ ආරම්භ වූ Indonesia Gelap හෙවත්, අඳුරු ඉන්දු­නී­සි­යාව, පාර්ලි­මේන්තු සාමා­ජි­ක­යන්ගේ වැටුප් කපා හැරීම, දූෂ­ණ­කාරී ප්‍රභූ­ව­රුන්, ලෙස හඳු­න්වන අයට එරෙ­හිව සහ රූපි­යල් ට්‍රිලි­යන 306.7 ක (ඩොලර් බිලි­යන 19) අය වැය කප්පා­දු­වට විරු­ද්ධව ක්‍රියා­කා­රී­ත්වය දැක්වී­මකි. ජන­තා­වගේ ජීවන විය­දම් අර්බු­දය සහ සාමාන්‍ය මිනි­සුන්ගේ අර­ග­ල­ව­ලට සංවේදී නොවූ ඉන්දු­නී­සි­යානු ආණ්ඩුව කෝපය අවු­ළු­වා­ලී­මට විශාල වශ­යෙන් දායක විය. එහිදී ඉන්දු­නී­සි­යානු ජනා­ධි­පති ප්‍රබෝවෝ, මාරා­න්තික විරෝ­ධ­තා­ව­ලින් පසුව මන්ත්‍රී­ව­රුන් පස් දෙනකු ආදේශ කළේය.

Generation Z හෙවත්, ජෙන් සී, නමින් හඳු­න්වන තරුණ පර­ම්ප­රාව අද වන විට ආසි­යාවේ දේශ­පා­ලන පිටියේ හරඹ කර­මින් සිටී. මේ ලිය­විල්ල Generation Z හි ආර­ම්භය, නැඟි­ටීම, ව්‍යාපෘ­තිය හා එහි අනා­ග­තය කෙසේ වන්නේ­දැයි යන්න පිළි­බඳ විමසා බැලී­මකි.

එක්සත් ජන­ප­දයේ සිට ආරම්භ වූ Generation Z හෙවත්, ජෙන් සී, නමින් හඳු­න්වන තරුණ පර­ම්ප­රාව, අද දකුණු ආසි­යාව සහ අග්නි­දිග ආසි­යාවේ දේශ­පා­ලන වේදි­කාවේ අසා­මාන්‍ය බල­පෑ­මක් ඇති කර­මින් සිටී. 1997 සිට 2012 දක්වා කාල සීමාව තුළ උපන් මෙම තරුණ පර­ම්ප­රාව, ඩිජි­ටල් තාක්ෂ­ණය, සමාජ මාධ්‍ය සහ ගෝලීය සබ­ඳ­තා­වන් සමඟ වර්ධ­නය වූ පර­ම්ප­රා­වකි. ශ්‍රී ලංකාවේ, අර­ග­ලය සිට ආරම්භ වී බංග්ලා­දේ­ශය, නේපා­ලය සහ ඉන්දු­නී­සි­යාව දක්වා ව්‍යාප්ත වී ඇති මෙම තරුණ දේශ­පා­ලන ව්‍යාපාර, සම­කා­ලීන ආසි­යාවේ සමාජ – දේශ­පා­ලන පරි­ව­ර්ත­නයේ ප්‍රධාන ලක්ෂ­ණ­යක් බවට පත්ව ඇත.

ශ්‍රී ලංකාවේ අර­ග­ලය – ආර­ම්භක ලක්ෂ්‍යය

2022 වර්ෂයේ ශ්‍රී ලංකාවේ ඇති වූ ආර්ථික අර්බු­දය අම­ත­රව දූෂ­ණය, නාස්තිය සහ දේශ­පා­ලන අය­හ­ප­ත්ක­ම්ව­ලට එරෙ­හිව ගෝඨා­භය රාජ­පක්ෂ ආණ්ඩුව පෙරළා දැමූ, අර­ග­ලය, ව්‍යාපා­රය, ප්‍රදේ­ශයේ Gen Z තරු­ණ­යන්ගේ දේශ­පා­ලන ක්‍රියා­කා­රි­ත්වයේ ප්‍රථම සාර්ථක මාදි­ලිය බවට පත්විය. කොළඹ ගාලු­මු­ව­දොරේ සිට ආරම්භ වූ මෙම ව්‍යාපා­රය, දූෂ­ණය, ආර්ථික අස­මා­න­තාව සහ ප්‍රභූ වර­ප්‍ර­­සා­ද­ව­ලට එරෙ­හිව ඩිජි­ටල් ක්‍රියා­කා­රි­ත්ව­යෙන් ශක්ති­මත් වූ ව්‍යාපා­ර­යක් විය. මෙම ව්‍යාපා­රයේ සාර්ථ­ක­ත්වය, කලා­පයේ අනෙ­කුත් රට­වල තරුණ ව්‍යාපාර සඳහා ප්‍රේර­ණ­යක් සහ නවමු මාර්ග­යක් පෙන්වා දුන්නේය.

බංග්ලා­දේ­ශයේ කෝටා ප්‍රති­සං­ස්ක­රණ ව්‍යාපා­රය

2024 වර්ෂයේ බංග්ලා­දේ­ශයේ ඇති වූ කෝටා ප්‍රති­සං­ස්ක­රණ ව්‍යාපා­රය, එරට ආර්ථික කළ­ම­නා­ක­ර­ණයේ වැරදි සහ දූෂ­ණය වැනි දේශ­පා­ල­නික කල­කි­රීම් මත ගොඩ­නැඟී, ජනා­ධි­පති ෂේඛ් හසී­නාගේ ඉල්ලා අස්වීම දක්වා ප්‍රති­ඵල අත්ප­ත් කර ගත්තේය. බංග්ලා­දේශ විශ්ව­වි­ද්‍යාල ශිෂ්‍ය නාය­ක­යන්ගේ නාය­ක­ත්ව­යෙන් ආරම්භ වූ මෙම ව්‍යාපා­රය, දූෂණ විරෝධී සහ රැකියා අවස්ථා නිර්මා­ණය කිරීමේ ප්‍රශ්න මත කේන්ද්‍රි­භූත විය. සමාජ මාධ්‍ය­යන් හරහා සංවි­ධා­නය වූ මෙම ව්‍යාපා­රය, සාම්ප්‍ර­දා­යික දේශ­පා­ලන ක්‍රම­වේ­ද­යන්ට අභි­යෝ­ග­යක් වන ලද නව යුගයේ තරුණ දේශ­පා­ලන ක්‍රියා­කා­රී­ත්වයේ ලක්ෂණ පෙන්නුම් කළේය.

නේපා­ලයේ Generation Z නැඟි­ටීම

2025 සැප්තැ­ම්බර් මාසයේ නේපා­ලයේ ඇති වූ Gen Z නැඟි­ටීම, ශ්‍රී ලංකාවේ 2022 අර­ග­ලය සහ බංග්ලා­දේ­ශයේ 2024 ව්‍යාපා­රය වැනි තරුණ නාය­ක­ත්ව­යෙන් යුත් ව්‍යාපා­ර­යකි. නේපාල සමාජ මාධ්‍ය තහ­නම, දූෂ­ණය සහ අස­මා­න­තා­වට එරෙ­හිව ආරම්භ වූ මෙම ව්‍යාපා­රය, දින දෙකක විශාල ව්‍යාපා­ර­යක් මඟින් නේපාල දේශ­පා­ලන අධි­කා­රිය කම්ප­න­යට පත් කළේය. කත්මණ්ඩු නග­රයේ ආරම්භ වූ මෙම විරෝ­ධතා, රටේ ව්‍යව­ස්ථා­මය වශ­යෙන් තේරී පත් වූ ආණ්ඩුව කඩා වැටෙන තත්ත්ව­යට පත් කළේය.

ඉන්දු­නී­සි­යාවේ Indonesia Gelap ව්‍යාපා­රය

ඉන්දු­නී­සි­යාවේ 2025 අගෝස්තු මාසයේ ආරම්භ වූ Indonesia Gelap හෙවත්, අඳුරු ඉන්දු­නී­සි­යාව, පාර්ලි­මේන්තු සාමා­ජි­ක­යන්ගේ වැටුප් කපා හැරීම, දූෂ­ණ­කාරී ප්‍රභූ­ව­රුන් ලෙස හඳු­න්වන අයට එරෙ­හිව සහ රූපි­යල් ට්‍රිලි­යන 306.7 ක (ඩොලර් බිලි­යන 19) අයවැය කප්පා­දු­වට විරු­ද්ධව ක්‍රියා­කා­රී­ත්වය දැක්වී­මකි. ජන­තා­වගේ ජීවන විය­දම් අර්බු­දය සහ සාමාන්‍ය මිනි­සුන්ගේ අර­ග­ල­ව­ලට සංවේදී නොවූ ඉන්දු­නී­සි­යානු ආණ්ඩුව කෝපය අවු­ළු­වා­ලී­මට විශාල වශ­යෙන් දායක විය. එහිදී ඉන්දු­නී­සි­යානු ජනා­ධි­පති ප්‍රබෝවෝ, මාරා­න්තික විරෝ­ධ­තා­ව­ලින් පසුව මන්ත්‍රී­ව­රුන් පස් දෙනකු ආදේශ කළේය.

ඩිජි­ටල් ක්‍රියා­කා­රි­ත්වය සහ සමාජ මාධ්‍ය

මෙම සිය­ලුම ව්‍යාපා­ර­වල එක් පොදු ලක්ෂ­ණය වන්නේ ඩිජි­ටල් ක්‍රියා­කා­රි­ත්වය සහ සමාජ මාධ්‍ය භාවි­ත­යයි. Generation Z තරු­ණ­යන්, ෆේස්බුක්, ඉන්ස්ට­ග්‍රෑම්, ටික්ටොක් වැනි මාධ්‍ය හරහා ඔවුන්ගේ පණි­විඩ ගෝලීය මට්ට­මේදී ප්‍රචා­ර­ණය කර­නවා සම­ඟම ප්‍රාදේ­ශීය ව්‍යාපාර සඳහා සහ­යෝ­ගය ලබා ගනී. මෙය සාම්ප්‍ර­දා­යික මාධ්‍ය යන්ත්‍ර­ණ­යෙන් ඔබ්බට ගිය, ආණ්ඩු­ව­ලට පාල­නය කළ නොහැකි සන්නි­වේ­දන ක්‍රම­වේ­ද­යකි.

දේශ­පා­ලන ප්‍රති­වි­ප්ලව සහ බල සම­තු­ලි­ත­තාව

දකුණු ආසි­යාවේ ගෙවුණු වසර තුන තුළ තෙවැනි වතා­වට සංවි­ධා­න වූ ආණ්ඩුව කඩා වැටීමේ සිදු­වීම, ප්‍රදේ­ශයේ දේශ­පා­ලන ස්ථාව­ර­ත්වය සහ බල සම­තු­ලි­ත­තාව පිළි­බඳ ගැටලු මතු කරයි. නේපා­ලයේ දේශ­පා­ලන අස්ථා­ව­ර­ත්වය ප්‍රාදේ­ශීය බල ගති­ක­ත්ව­යට ප්‍රධාන රුකු­ලක් ඇති කළ හැකිය. මෙම ව්‍යාපාර, සාම්ප්‍ර­දා­යික ප්‍රජා­ත­න්ත්‍ර­වාදී ක්‍රම­වේ­ද­යන්ට අභි­යෝ­ග­යක් වන අත­රම, නව ආකා­රයේ ජන සහ­භා­ගිත්ව ප්‍රජා­ත­න්ත්‍ර­වා­ද­යක් ගොඩ­නැ­ඟීමේ අව­කා­ශය ද සප­යයි.

ආර්ථික සහ සමාජ අස­මා­න­තාව

මෙම සිය­ලුම ව්‍යාපා­ර­වල මූලික අභි­ප්‍රේ­ර­ණය වන්නේ ආර්ථික අස­මා­න­තාව, තරුණ විරැ­කි­යාව සහ දූෂ­ණ­යයි. නේපා­ලය සිට ඉන්දු­නී­සි­යාව දක්වා, ශ්‍රී ලංකාවේ සිට බංග්ලා­දේ­ශය දක්වා, ආසි­යාවේ තරු­ණ­යන් කෝප­යට පත්ව සිටිති. විරෝ­ධතා කිරීම තම අයි­ති­යක් ලෙසත් යල්පැන ගිය පර­ම්පරා පවුල් දේශ­පා­ලන දූෂ­ණය මුලි­නු­පුටා දැමිය යුතු බවත් මේ සිය­ල්ලන් පාහේම එක­හෙළා ප්‍රකාශ කරන මත­වා­ද­යක් වේ. ඔවුන්ගේ කෝපය ලොවට හෙළි කරන්නේ දක්ෂිණ ගෝලීය දේශ­පාල­නයේ නව ප්‍රති­ප­ත්ති­මය වෙන­සක් ප්‍රති­සං­ස්ක­ර­ණ­යක් තදින්ම අවශ්‍ය බවයි.

අභි­යෝ­ග­යන් සහ අනා­ග­තය

Generation Z ව්‍යාපා­ර­වල ප්‍රධාන අභි­යෝ­ගය වන්නේ ඒකා­බද්ධ දේශ­පා­ලන වැඩ­පි­ළි­වෙ­ළක් නොමැ­ති­කම සහ නාය­කත්ව ව්‍යුහයේ අපැ­හැ­දි­ලි­ක­මයි. ගිනි­බත් කළ ගොඩ­නැ­ඟිලි සහ විනාශ කළ දෙපා­ර්ත­මේන්තු ගබඩා අව­සන් ඉල­ක්කය විය නොහැ­කිය. මෙම ව්‍යාපාර සාර්ථක වීම සඳහා, විනා­ශ­කාරී ක්‍රියා­කා­ර­ක­ම්ව­ලින් ඔබ්බට ගොස්, පිරි­සුදු පරි­ණත දේශ­පා­ල­න­ය­කට සහ ක්‍රමා­නු­කූල ප්‍රති­සං­ස්ක­ර­ණ­ව­ලට යොමු විය යුතුය.

ප්‍රාදේ­ශීය ප්‍රති විප්ලව සහ ගෝලීය සම්බ­න්ධ­තාව

ශ්‍රී ලංකාව සහ බංග්ලා­දේ­ශයේ විරෝ­ධතා 2022 සහ 2024 වර්ෂ­ව­ලදී දකුණු ආසි­යා­තික රට­වල ආණ්ඩු ඉවත් කිරී­මට හේතු වූ මූල ප්‍රේරණ ලෙස ක්‍රියා­ත්මක විය. මෙය ප්‍රාදේ­ශීය සහ ගෝලීය මට්ට­මින් තරුණ ක්‍රියා­කා­රි­ත්වයේ නව රටා­වක් මේ වන­විට නිර්මා­ණය කර­මින් සිටී. මෙම ව්‍යාපාර, උතුරු අප්‍රි­කාවේ, අරාබි වස­න්තය සිට ආරම්භ වී, ලති­න්ඇ­ම­රි­කාවේ සහ යුරෝ­පයේ තරුණ ව්‍යාපාර හරහා ආසි­යා­වට ළඟා වී ඇති ගෝලීය තරුණ රාජ­නී­තික අව­ධිය වීමේ කොට­සක් ලෙස ගෝලීය දේශ­පා­ලන දෘෂ්ටි­යෙන් බලන කල අව­බෝධ වනු ඇත.

කෙසේ නමුත් Generation Z හි දේශ­පා­ලන ක්‍රියා­කා­රි­ත්වය, දකුණු ආසි­යාව සහ අග්නි­දිග ආසි­යාවේ සමාජ – දේශ­පා­ලන භූ දර්ශ­නයේ සැල­කිය යුතු වෙන­සක් ගෙන එයි. දූෂණ විරෝ­ධී­භා­වය, ආර්ථික සාධා­ර­ණ­ත්වය සහ ප්‍රජා­ත­න්ත්‍ර­වාදී සහ­භා­ගි­ත්වය වර්ධ­නය කිරීමේ ඔවුන්ගේ කැප­වීම, සම­කා­ලීන ආසි­යාවේ ප්‍රජා­ත­න්ත්‍ර­වා­දී­ක­ර­ණයේ නව අදි­ය­ර­කට මාර්ගය පාදයි. එන­මුත්, මෙම ව්‍යාපාර දීර්ඝ­කා­ලීන සාර්ථ­ක­ත්ව­යක් ලබා ගැනීම සඳහා, ඒකා­බද්ධ දේශ­පා­ලන වැඩ­පි­ළි­වෙ­ළක්, පැහැ­දිලි නාය­කත්ව ව්‍යුහ­යක් සහ නිවැ­රදි ප්‍රායෝ­ගික දේශ­පා­ලන ප්‍රති­සං­ස්ක­ර­ණ­ව­ලට කැප­වී­මක් අවශ්‍ය වේ.

නේපා­ලයේ වීදි කම්ප­න­යට පත් කළ තරු­ණ­යන්ට රටේ දේශ­පා­ලන අනා­ග­තය හැඩ­ගැ­ස්වී­මට උප­කාර කරන ලෙස ඉල්ලා සිටින අතර, එය ක්‍රියා­ත්මක වේදැයි කියන්නේ කාල­ය­මය. Generation Z හි මෙම දේශ­පා­ලන අව­ධිය වීම, ආසි­යාවේ ප්‍රජා­ත­න්ත්‍ර­වා­දයේ නව පරි­ච්ඡේ­ද­යක ආර­ම්භය ද නැත­හොත් දේශ­පා­ලන අස්ථා­ව­ර­ත්වයේ නව කාල­ප­රි­ච්ඡේ­ද­යක ආර­ම්භය ද යන්න තීර­ණය වන්නේ ඉදිරි මාස කිහි­පය තුළ­දීය.

එච්. පැතුම් නිවන්ත, සහාය කථිකාචාර්ය, රජරට විශ්වවිද්‍යාලය – දිනමිණ‍

 

Social Sharing
අවකාශය නවතම