රාජ්‍ය සේවාව කාර්යක්ෂම කිරීමට ඩිජිටල් අත්සන්

Digital signatures

රාජ්‍ය කටයුතු කාර්යක්ෂම ව සිදුකිරීමේ අරමුණින් රාජ්‍ය නිලධාරීන්ට ඩිජිටල් අත්සන් යෙදීමේ ක්‍රමවේදයක් හඳුන්වා දී ඇත. රාජ්‍ය සේවය ඩිජිටල්කරණය කර නව මාවතකට යොමු කිරීමේ වත්මන් රජයේ අරමුණ කොට ගනිමින් රාජ්‍ය පරිපාලන, පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යා ආචාර්ය චන්දන අබේරත්න මහතා මේ බව සඳහන් කරයි.

ජනතාව අපේක්ෂා කරන කාර්යක්ෂම රාජ්‍ය සේවයක් ඇති කිරීම තම අරමුණු බවත්, ග්‍රාම නිලධාරිවරයා දක්වා මෙම නව තාක්ෂණය ගෙන යා යාමට කටයුතු කරන බවත්, අමාත්‍යවරයා වැඩිදුරටත් ප්‍රකාශ කළේය.

Digital signatures

රාජකාරී කටයුතු පහසුව සහ කාර්යක්ෂමව කිරීම සඳහා 2006 අංක 19 දරන ඉලෙක්ට්‍රොනික ගනුදෙනු පනත පරිදි ස්වදේශ කටයුතු අංශයේ දිස්ත්‍රික් ලේකම් කාර්යාල සහ ප්‍රාදේශීය ලේකම් කාර්යාල තුළ සිටින නිලධාරීන්ගේ අත්සන් ඩිජිටල්කරණය ක්‍රියාවලිය මෙහිදී ආරම්භ කෙරිණි. ඉලෙක්ට්‍රොනික ගනුදෙනු පනතේ විධිවිධාන ප්‍රකාරව LankaPay ආයතනයට ඩිජිටල් අත්සන සහිතක කිරීමේ අධිකාරියහිමි වේ.

මේ මඟින් කටයුතු කිරීමේදී ඇතිවන ප්‍රමාදයන් වළක්වා ගැනීමට හැකිවන සේම වඩාත් කාර්යක්ෂම හා ඵලදායි සේවාවක් සලසා ගත හැකිවේ.

Social Sharing
අවකාශය නවතම