
නිර්ප්‍රභුන් පිලිබද සාකච්ඡාව අප ඉදිරියට ගන්නේ නිර්මාල් හා උයන්ගොඩ මහතුන් ජවිපෙ පාලනය උත්කර්ෂයට නංවන්නට කලෙක සිට දරන බුද්ධිමය උත්සාහයේ කොටසක් ලෙසටය.
වරෙක ඔවුන් කියා තිබුනේ ලංකාවේ සිදුවන පෙරලිය මෞලීය පරිවර්තනයකට සමාන බවය. එනම් ලාංකික න්‍යෂ්ඨිය තුල සිදුවන පෙරලියක් බවය.
එම පෙරලියේ බුද්ධිමය හා සදාචාරිකභාවය තහවුරු කිරීමට මේ බුද්ධිමතුන් දෙපල භාවිතා කරන්නේ නිර්ප්‍රභු වාදයයි.
නමුත් පශ්චාත් යටත් විජිත සන්දර්භයක් තුල විස්තර කෙරෙන මෙම නිර්ප්‍රභු වාදය හා ඔවුන්ගෙ මෙම සංකල්පය කිරීම අද රටේ සන්දර්භයට නොගැලපෙන බව අපගේ මතයයි.
අප ඒ බව තහවුරු කිරීම සදහ නිර්ප්රභුත්වය (subaltern) හැදින්වීම සදහා අතිසරල නිර්වචනයක් ගෙන ඒ පිලිබදව මෙසේ කරුනු දක්වා සිටින්නෙමු.
පහත ඉංග්‍රීසියෙන් දැක්වෙන්නේ එම අති සරල නිර්වචනයයි. එය ශාස්ත්‍රීය නිර්වචනයක් නොවේ. අවැසි නම් අපට ශාස්ත්‍රිය නිර්වචනයකටද යාහැකිය.
එම නිර්වචනයට අනුව ජවිපෙ පාලක පංතිය හෝ ජවිපෙ සාමාජික පදනම සමන්විත වන්නේ oppressed හෝ marginalized සමාජ තීරුවකින් බව තහවුරු කරන්නේ කෙසේද යන ප්‍රශ්නයට පලමුව පිලිතුරු සපයා ගත යුතුව තිබේ.
නමුත් ජවිපෙ පාලනය සමන්විතව ඇත්තේ එවැනි නිර්ප්‍රභුන් ගෙන් යයි යමෙක් කියයි නම් එය බුද්ධිමය අන්ධභාවයකි.
අපට අනුව ජවිපෙ පාදක ජන කන්ඩායමට මෙතෙක් political voice එකක් නොලැබුනේ නියෝජන ප්රජාතන්ත්රවාදය තුල ගැනෙන වරනය(choice) තුල ඔවුනට බලය ලබා ගැනීමට තිබු නොහැකියාව නිසා මිස ව්‍යුහාත්මක හිංසනයක්( structural violence ) ජවිපෙ මත ක්‍රියාත්මක වීම නිසා නෙවේ.( 70 හා 87 කැරලි මෙම තර්කයට අදාල නොවේ)
එසේම ඔවුන් කිසිවිටක oppressed or marginalized කන්ඩායම් නියෝජනය කලේ නැත. ( 70 දී හා 87 දී යම් පීඩිත කුල නියෝජනයක් තිබෙන්නට ඇති නමුත් දැන් එම තත්වය පුර්නව වෙනසකට භාජනයවී තිබෙ. ) ( එසේම සුළු ජාතිකයන් දේශපාලනිකව නියෝජනය කරන ලද්දේද නැත)
ජවිපෙ පදනම සිංහල බෞද්ධ ග්‍රාමීය ජන තීරුව වන විට මාලිමාව සමන්විත වන්නේ සිංහල බෞද්ධ තාක්ෂනික මධ්‍යම පංතිය මගිනි.
ඔවුන් නිර්ප්‍රභුන් යයි යමෙක් කියන්නේ නම් එය සිදුවිය යුත්තේ යම් කිසි හීන මාන (inferiority complex) තත්වයක් නිසා මිස සමාජය තුල සිදුවෙමින් පවතින ව්‍යුහාත්මක වෙනස්කම් (structural discrimination) වලට ලක්වීම නිසා නොවේ.
කෙසේ නමුත් ජවිපෙ තවමත් දෙමල පීඩිතයන් හෝ සුළු ජාතිකයන් වෙනුවෙන් පෙනී සිටින්නේද නැත. ඔවුන් අනුගමනය කරන්නේ ලිබරල් ප්රජාතන්ත්රවාදී රාජ්‍ය තුල අනුමනය කරනු ලබන පුරවැසි සමානත්මතාවයයි. මෙය සුළු ජාතීන්ගේ දුක්ගැනවිල්ල නොතකා හරින මහා ජාතියේ ආක්යානයකි.
පුදුමයකට එවැනි ස්ථාවරයක් නොතකමින් තවමත් ජවිපෙ ගැනෙන්නෙ නිර්ප්‍රභු බලවේගයක් ලෙසටය.
ඒ අනුව ගත් කල පහත නිර්වචනයට අනුව ජවිපෙ පාදක ජන කොට්ටාෂය හා පාලක පංතිය නිර්ප්‍රභුන් ලෙස හදුන්වන්නේ කෙලෙසටද යන ප්රශ්නය අප ඉදිරියේ තිබේ.
අප අභියෝග කරන්නෙ subaltern නිර්වචනයට නොව එම නිර්වචනය ජවිපෙට අදාල කිරීම පිලිබදවය.
A subaltern is a person or a group of people in a subordinate or lower-ranking position, often marginalized or oppressed, more broadly in postcolonial theory to describe those excluded from positions of power, lacking a political voice, and whose histories are often erased or ignored by dominant narratives. Key thinkers like Antonio Gramsci and Gayatri Chakravorty Spivak are associated with developing and analyzing this concept.
දශක 7 කට කලින් ඉතාලියේ ගොඩනැගුන මාක්ස්වාදී කථිකාවක් ලංකාවට ගෙඩි පිටින් ආනයනය කරමින් ජවිපෙ පාලන බලය බුද්ධිමය න්‍යායක් ඔස්සේ තහවුරු කිරීමට දරන මෙම බුද්ධිමය උත්සාහය හාස්‍ය ජනක බව පමනක් කිව යුතුය.
ග්රාමෝස්චි තුලින් ජවිපෙ නිර්වචනය කර ගන්නේ නම් අපට කිව හැක්නේ ජවිපෙ ආසන්න වන්නේ බොනපාට්වාදී පාලනයකට මිස නිර්ප්‍රභූ පාලනයකට නෙවේ.
කලක් මහින්ද රාජපක්ෂගේ පාලනයද සිරිසේන පාලනයද මේ ලෙසටම නිර්ප්‍රභු සංකල්පය ඔස්සේ සාකච්ඡාවට ලක්කලා සේම ජවිපෙ පාලනයද එසේ යයි දැක්වීම හුදු බුද්ධිමය හරඹයක් පමනක් වන්නේය.
ලාංකික සමාජය ඉදිරියට ඔසවා තැබීමට ලාංකික සමාජය පිලිබදව නව සමාජ විද්‍යාත්මක මානයක් අවශ්‍යව තිබේ.
නමුත් එය සිදු කල යුත්තේ ග්රමෝස්චි ලාගෙන් ආනයනය කරනු ලැබු පැරනි වාමාංශික නිර්වචනයන් තුල නොවේ.
ඒවා වැල යන අතට මැස්ස ගැසීමක් මිස වෙනකක් නොවේ.
ජවිපෙ පාලනයට දැන් වසරක් පිරීමට ආසන්න වී තිබේ. එම පාලනය නිර්ප්රභුද නැද්ද යන්න එහි ක්‍රියාකාරීතවය හරහා තෙරුම් ගන්නට උත්සාහ කිරීම යාම වෙනුවට බුද්ධිමය නිර්වචන හරහා එය තේරුම් ගැනීමට වඩා යහපත් උත්සාහයක් විය හැකි යයි අප විශ්වාස කරමු.
