අපරාධයකින් උත්පාදිත දේපල සම්බන්ධව විමර්ශන කිරීම සඳහා ශ්‍රී ලංකා පොලීසිය විසින් අපරාධයකින් උත්පාදිත දේපළ පිළිබද විමර්ශන කොට්ඨාශය (PCID) නමින්, විශේෂ විමර්ශන කොට්ඨාශයක් ආරම්භ කිරිමට සැලසුම් කර තිබේ.
බස්නාහිර පළාත් උතුර භාර නියෝජ්‍ය පොලිස්පති නිශාන්ත ද සොයිසා මහතා පැවසුවේ පාර්ලිමේන්තුවේ දී සම්මත වූ අපරාධයකින් උත්පාදිත දේපළ සම්බන්ධ පනතට අනුව මෙම විමර්ශන කොට්ඨාශය ආරම්භ කිරීමට නියමිත බවයි.
මෙම නව විමර්ශන අංශය පොලිස්පතිතුමාගේ ප්‍රධානත්වයෙන් පොලිස් දිනට සමගාමීව ආරම්භ කිරීමට කටයුතු සුදානම්ව ඇති බවද නියෝජ්‍ය පොලිස්පතිවරයා මෙහිදී පැවසීය.
මේ අතර විශේෂ මෙහෙයුම්වලින් මේ වන විට සංවිධානාත්මක අපරාධකරුවන්ගේ දේපල බිලියන 4.5ක් පොලීසිය සිය භාරයට ගෙන ඇති බව වාර්තා වේ. ඒ අතරට ගොඩනැගිලි, නිවාස, වාහන, ඉඩම්, ස්වර්ණාභරණ, බෝට්ටු සහ මුදල්වලින් රුපියල් මිලියන 57ක් බවද සඳහන් වේ.
මෙම දේපළ මුදල් විශුද්ධිකරණ පනත යටතේ තහනම් කර තිබේ.
