අක්ෂි ශල්‍යකර්මවලට භාජනය වී දෘෂ්ටිය අහිමි වූ රෝගීන් 17 දෙනෙකුට වන්දී ගෙවීමට කැබිනට් අනුමැතිය

නුවරඑළිය දිස්ත්‍රික් මහ රෝහලේදී අක්ෂි ශල්‍යකර්මවලට භාජනය වී දෘෂ්ටිය අහිමි වූ රෝගීන් 17 දෙනෙකුට වන්දී ගෙවීමට කැබිනට් අනුමැතිය හිමි වී ඇති අතර ගෙවන වන්දි මුදල් ප්‍රමාණය පිළිබඳ යෝජනාවට කැබිනට් මණ්ඩලයේ අනුමැතිය හිමිවී තිබේ. අදාළ සිදුවීම හේතුවෙන් බලපෑමට ලක්වී ඇති රෝගීන් 17 දෙනෙකු සඳහා පහත සඳහන් පරිදි වන්දි මුදල් ගෙවීම පිණිස සෞඛ්‍ය සහ ජනමාධ්‍ය අමාත්‍යවරයා විසින් ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් මෙලෙස අනුමත කර ඇත.

ඒ අනුව රෝගීන් 12 දෙනෙකු සඳහා රුපියල් 1,000,000/- බැගින් ද රෝගීන් දෙදෙනෙකු සඳහා රුපියල් 750,000/- බැගින් ද එක් රෝගියෙකු සඳහා රුපියල් 700,000/-ක වන්දියක් ද රෝගීන් 02 දෙනෙකු සඳහා රුපියල් 250,000/- බැගින් ද වන්දි ගෙවීම මෙහිදී සිදුවේ.

නුවරඑළිය දිස්ත්‍රික් මහ රෝහලේදී අක්ෂි ශල්‍යකර්මවලට භාජනය වූ රෝගීන් කිහිපදෙනෙකුගේ දෘෂ්ටිය අහිමි වීමේ සිදුවීම සම්බන්ධයෙන් වින්දිතයන්ට ගෙවිය යුතු වන්දි ප්‍රමාණය තීරණය කිරීම පිණිස තාක්ෂණික කමිටුවක් පත් කිරීමට පසුගිය වසරේ පෙබරවාරි මාසයේ පැවති අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී අනුමැතිය ලබා දී තිබුණි. ඵ් අනුව, සෞඛ්‍ය අමාත්‍යාංශයේ අතිරේක ලේකම්වරයෙකුගේ ප්‍රධානත්වයෙන් කමිටුවක් පත් කර ඇති අතර, එකී කමිටුව විසින් අදාළ කරුණු අධ්‍යයනය කර ගෙවිය යුතු වන්දි මුදල් පිළිබඳව සිය නිර්දේශ ඉදිරිපත් කර ඇත.

Social Sharing
නවතම පුවත්