මුද්‍රණ සේවයට පිටින් මුද්‍රණාලයාධිපතිවරයෙක්!

Government Printing Office printing press

රජයේ මුද්‍රණාලයේ මුද්‍රණාලාධිපති ලෙස ශ්‍රී ලංකා පරිපාලන සේවයේ  කේ. ජී. පී. පුෂ්පකුමාර  පත් කර ඇත. 2013 ජුනි 26 දින හා අංක 1816/12 දරණ රජයේ මුද්‍රණ සේවා ව්‍යවස්ථාවට අනුව මෙම තනතුර මුද්‍රණ සේවයේ විශේෂ ශ්‍රේණියේ නිලධාරියෙකු විසින් දැරිය යුතුය.

රජයේ මුද්‍රණාලය මෙරට රාජ්‍ය ආයතන අතර කචල්ම තැනකි.  එහි ප්‍රධානියා ලෙස පරිපාලන සේවයේ නිලධාරීන් මෙයට පෙර පත් කර ඇති නමුත් එම අවස්ථා අවස්ථා අර්බුදකාරී ලෙස කෙටි කලකින් අවසන් වූවේය.

රජයේ මුද්‍රණ සේවා ව්‍යවස්ථාවට පිටින් සිදු කළ පත්වීමට කිසිම වෘත්තීය සමිතියක්, සංවිධානයක් හෝ දේශපාලන පක්ෂයක විරෝධය එල්ල නොවීම විශේෂයකි. එය නිහඬ අනුමැතියකි.

රටක බර ඇදිල්ල

අද, 2024 ජනවාරි 7 දිනට රජයේ මුද්‍රණාලයේ මුල් පුටු 6 ම හිස් ය.  මුද්‍රණ සේවා ව්‍යවස්ථාව අනුව මුල් පුටු 7 ක සිටිය යුතු ශ්‍රී ලංකා මුද්‍රණ සේවයේ විශේෂ, පළමු හා දෙවණ ශ්‍රේණියේ නිලධාරීන් නැත. දැන් මුල් පුටුව ද පරිපාලන සේවයෙන් පිරවි ඇත. මුද්‍රණ සේවයේ දැනට සිටින ජ්‍යෙෂ්ඨතමයා දෙවන ශ්‍රේණියේ නිලධරයෙකි.

ජනාධිපතිවරණයට පෙර අභ්‍යන්තර බඳවා ගැනීම් (හෝ උසස්වීම්) ලෙස සේවකයින් 5 හෝ 6 ක් බඳවා ගැනීමට සියල්ල සකස් වී තිබුණ ද, එම බඳවා ගැනීම් සිදුවූයේ පසුගිය නොවැම්බර් මාසයේ ය.  මාගේ මතකය නිවැරදි නම්, අද මුද්‍රණ සේවයේ සිටිය යුතු ජ්‍යෙෂ්ඨතම නිලධාරීන් 27 න් අද සිටින්නේ 10/11 ක් පමණී.  නව මුද්‍රණාලයාධිපති මුහුණ දෙන්නේ එසේ මෙසේ අභියෝගයකට නොවේ.

රස කතා

2016 යහපාලන සමයේ පරිපාලන සේවයේ නිලධාරියෙකු ඔතන ලොකු පුටුවේ විය.  යහපාලන ආණ්ඩුවට අතිරේක ගැසට් පත්‍රයක් ‘දිනක් තුල’ මුද්‍රණය කළ යුතු විය. මුද්‍රණාලයාධිපති එහෙම ගැසට් ගහන්නට බෑ කිව්වේය. ප්‍රශ්නය අගමැති ලඟට ගියේ ‘අධිපති සහ නියෝජ්‍ය අධිපති’ සමඟය.

‘සප්ලිමෙන්ටරි’ ගැසට් එක දවසකින් ගහන්න බෑ යැයි පරිපාලන සේවයේ මුද්‍රණාලයාධිපති අගමැති රනිල් ගේ විමසුමට උත්තර දුන්නේය. රනිල් ඒ ප්‍රශ්නයම ‘නියෝජ්‍ය අධිපතිගෙන් ද ඇසුවේය.  නියෝජ්‍ය අධිපතිනිය ‘පුළුවන්’ කීවේය. රනිල් නැවත නැවතත් අසුවේ ‘සප්ලිමෙන්ටරි ගැසට් එක දවසකින් මුද්‍රණය කළ හැකිද? කියයා. ඔව් පුළුවන්. කියා නියෝජ්‍ය අධිපති කීවාය.

මට ගැසට් මේ ගැසට් එක ගහන්න මෙන්න මේ ආයතන 6/7 හි අනුමැතිය අවශ්‍යයි. මට ඒ තීරණ ගත්ත වේළාව සමඟ ලැබුණොත් කිසිම ප්‍රශ්නයක් නෑ. නැත්තම් බෑ. යැයි පිළිතුරු දුන්නේ එවකට විශේෂ ශ්‍රේණියේ නිලධාරියෙකු වන්නට සියළු සුදූසුකම් සපුරා සිටි නමුත් තනතුර ලැබී නොතිබූ මුද්‍රණ සේවයේ ගංගානි ලියනගේ ය.

ගැටුම්

ආන්දෝලනාත්මක බැඳුම්කර ගැසට් පත්‍රයේ හිටපු මුදල් ඇමති මහින්ද රාජපක්ෂ තිබී ඇති වූ ආන්දෝලනය ඔබට මතක ඇතැයි සිතමි.   මහ බැංකුවට, මුදල් අමාත්‍යාංශයට, රජයේ මුද්‍රණාලයට ගැසට් පත්‍රය ගැන චෝදනා එල්ල විය. තමන්ගේ රාජකාරිය අකුරටම ඉටු කර තිබූ රජයේ මුද්‍රණාලය සියළු චෝදනාවන්ගෙන් නිදහස් වූවේය.

පළාත් පාලන මැතිවරණය සම්බන්ධයෙන් විධායකය, මුදල් අමාත්‍යාංශය හා මැතිවරණ කොමිසම අතර කඹ ඇදිල්ලට මැදි වූයේ ‘මුද්‍රණාලය’ යි. පොතේ හැටියටම වැඩ කර තිබූ නිසා ඒ සියළු ගැටුම්වලින් හිටපු මුද්‍රණාලයාධිපතිනිය ගැලවුණාය.

ආණ්ඩුකරණයේ දී බල ගැටුමක් ඇතිවන අවස්ථාවන් හි දී රජයේ මුද්‍රණාලයේ පාලනයට ඇති වැදගත්කම අසම සම වන්නේය.

රජය ආණ්ඩුකරණයේ දී දෛනිකව බොහෝ ගැටළු ‌නිර්මාණය කර ගන්නා නමුත්, ක්‍රමිකව මුලිකාංග තහවුරු කර ගන්නා බව තවමත් විපක්ෂයේ බහුතරයක් අවබෝධ කර ගෙන හෝ නැත.

රජිත් කීර්ති තෙන්නකෝන්

රජිත් කීර්ති තෙන්නකෝන්

Social Sharing
අවකාශය නවතම