නීති විරෝධීව රැගෙන ආ ජංගම දුරකථන රැසක් පොලිස් භාරයට

ක්ෂණික මාර්ග බාධකයක් යොදා වාහන පරීක්ෂා කරමින් සිටි පොලිස් විශේෂ කාර්ය බළකා නිලධාරීන්ට ජංගම දුරකථන ජාවාරමක් පිළිඳබ තොරතුරු අනාවරණය කරගැනීමට හැකිවී තිබේ.

ඊයේ (03) උදෑසන පෑලියගොඩ පොලිස් වසමේ මීගමුව කොළඹ මාර්ගයේදී මෙම හදිසි මාර්ග බාධකය යොදා වාහන පරීක්ෂා කර තිබුණි.

එහිදී සැක සහිත වෑන් රථයක් පරීක්ෂා කිරීමේදී වෑන් රථය තුළ තිබී ජංගම දුරකථන රාශියක් හමුවී ඇත.

වෑන් රථයේ සිටි පුද්ගලයින් දෙදෙනාගෙන් සිදුකළ ප්‍රශ්න කිරීම්වලදී හෙළිවී ඇත්තේ මෙම ජංගම දුරකථන බදු හරිතව මෙරටට ගෙන්වන ලද ඒ්වා බවට ය.

පාවිච්චි නොකරන ලද ජංගම දුරකථන 246ක්, විදේශ රටවල පාවිච්චි කරන ලද ජංගම දුරකථන 77ක් මෙලෙස සොයාගෙන ඇති අතර සැකකරුවන් දෙදෙනා සහ වෑන් රථයද අත්අඩංගුවට ගෙන පෑලියගොඩ පොලීසියට ඉදිරිපත් කර ඇත.

සැකකරුවන් වයස අවුරුදු 21 සහ 43 හැවිරිදි වියේ පසුවූ කොළඹ 12 සහ වත්තල ප්‍රදේශවල පදිංචිකරුවන්ය.

Social Sharing
නවතම පුවත්