ජනපති රනිල් පාර්ලිමේන්තු සභාවාරය කල් දැමීමට සැරසෙයි

පාර්ලිමේන්තු සභාවාරය කල් දමා නැවත කැඳවීමට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා තීරණය කොට ඇති බව තතුදත් ආරංචි මාර්ග මගින් යුක්තියට දැනගන්නට ඇත.

නව සභාවාරය පෙබරවාරි 7 දා කැඳවීමට නියමිතව ඇත.

පරිලිමෙන්තුවට ඉදිරිපත් කොට ඇති ඇතැම් පනත් සම්මත වීමෙන් පසු මෙම තීරණය ක්‍රියාවට නගනු ඇතැයි කියති.

රටේ බංකොලොත්භාවය අවසන් බව ප්‍රකාශයට පත් කරමින්, ආර්ථිකය ස්ථායි කිරීමෙන් පසු ක්‍රියාත්මක කරන නව ආර්ථික වැඩ පිළිවෙළ පෙබරවාරි 7 දා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මෙම පියවර ගෙන ඇති බව අපේ ආරංචි මාර්ග කියයි.

වේගවත් ආර්ථික සංවර්ධනයක් සඳහා මෙන් ම බදු සහ බඩු මිල අඩු කිරීම, අස්වැසුම තවත් පුළුල් කිරීම ඇතුළු සහන පැකේජයක් ප්‍රකාශයට පත් කිරීම ද එදිනට සිදුවනු ඇතැයි ද වාර්තා වෙයි

Social Sharing
නවතම පුවත්