ආසියානු සංවර්ධන බැංකුවෙන් ඩොලර් මිලියන 200ක ණයක්!

asian development bank sri lanka

ආසියානු සංවර්ධන බැංකුව විසින් එක්සත් ජනපද ඩොලර් මිලියන 200ක සහනදායි ණය මුදලක් පිරිනැමීමට ඊයේ (8) අනුමැතිය දී තිබේ.

ආර්ථික ස්ථායීකරණ සහ මූල්‍ය හා බැංකු පද්ධතියේ ස්ථාවරත්වය ඇති කිරීමට රජය දැනට ක්‍රියාත්මක කරන ප්‍රතිසංස්කරණ වැඩපිළිවෙළ අඛණ්ඩව ඉදිරියට ගෙන යෑමට සහාය වීම ලෙස මේ ණය පහසුකම දී ඇත.

ආසියානු සංවර්ධන බැංකුව විසින් මේ ණය පහසුකම කොටස් දෙකකින් මෙරටට ලබා  දෙනු ඇත. එමෙන්ම වසර 2022 සිට විදේශීය ණය ආපසු ගෙවීම තාවකාලිකව නතර කොට සිටින ශ්‍රී ලංකාවට යළි ප්‍රබෝධයක් ඇති කර ගැනීමට මූල්‍ය හා බැංකු පද්ධතියේ ශක්තිමත් බව විශාල රුකුලක් වනු ඇත. ඒ නිසා මේ ණය පහසුකම සැලසීමට අනුමත කළ බව ආසියානු සංවර්ධන බැංකුව සඳහන් කර ඇත.

මෙම ඩොලර් මිලියන 200ක මුදලේ කෙටි කාලීන වැඩසටහන 2023 වසර තුළ ක්‍රියාත්මක කෙරෙන අතර දිගු කාලීන වැඩසටහන 2024 වසරේ සිට ආරම්භ කෙරෙනු ඇත.

Social Sharing
අවකාශය නවතම