IMF දෙවන වාරිකය ලැබෙන දිනය ගැන විශ්වාසයක්!

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල විසින් ශ්‍රී ලංකාවට ලබාදෙන විස්තීර්ණ ණය පහසුකමේ දෙවන වාරිකය සඳහා අනුමැතිය ඉදිරි දින දෙක තුළ හිමි වනු ඇති බව විශ්වාස කරන බව මුදල් රාජ්‍ය අමාත්‍ය ශෙහාන් සේමසිංහ මහතා පැවසීය.

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ අධ්‍යක්ෂක මණ්ඩල රැස්වීම අනිද්දා පැවැත්වීමට නියමිත බව ඇමතිවරයා කියා සිටියේය.

එහිදී ශ්‍රී ලංකාවේ යෝජනාව සම්බන්ධයෙන් සලකා බැලීමට නියමිත බව ඔහු පැවසීය.

දේශීය ණය සහ විදේශීය ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ ක්‍රියාවලිය සාර්ථක කර ගැනීමට ශ්‍රී ලංකා රජය සමත්ව ඇති බැවින් ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සිය දෙවන වාරිකය ලබාදෙනු ඇති බව රාජ්‍ය අමාත්‍යවරයා සඳහන් කළේය.

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ දෙවන වාරිකය හිමිවීම තුළින් ශ්‍රී ලංකාව බංකොලොත්භාවයෙන් මිදුණු රටක් ලෙස ප්‍රකාශයට පත්කිරීමට හැකිවනු ඇති බව අමාත්‍යවරයා සඳහන් කළේය.

Social Sharing
ආර්ථික නවතම පුවත්