වැඩි ඡන්ද 45කින් අයවැය සම්මතයි…

පක්‍ෂව 122යි

විරුද්ධව 77යි

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් ලබන වසර (2024) සඳහා ඉදිරිපත් කරන ලද අයවැය යෝජනාවලිය පාර්ලිමේන්තුවේදී ඊයේ (21දා) වැඩි ඡන්ද 45කින් සම්මත විය.

එම ඡන්ද විමසීමේදී අයවැයට පක්‍ෂව ඡන්ද 122 ක්ද, විපක්‍ෂව ඡන්ද 77 ක්ද ප්‍රකාශ කෙරිණි.

ලබන වසර සඳහා අයවැය යෝජනාවලිය රනිල් වික්‍රමසිංහ මහතා පසුගිය 13දා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ අතර ඊට පසු දින (14දා) සිට ඉරිදා දිනයන් හැර අයවැය දෙවැනි වර කියැවීමේ විවාදය දින 07ක් තිස්සේ පැවැත්විණි.

දෙවැනි වර ඡන්ද විමසීම ඊයේ පස්වරුවේ සිදු කෙරිණි. අයවැය කාරක සභාවේ විවාදය අද (22දා) සිට ලබන මස (දෙසැම්බර්) 13 වැනිදා දක්වා දින 19ක් පැවැත්වෙයි.

අයවැය දෙවැනි වර ඡන්ද විමසීමේදී ඊට පක්‍ෂව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ, එක්සත් ජාතික පක්‍ෂය ඡන්දය ප්‍රකාශ කළේය.
ඊට විරුද්ධව විපක්‍ෂයේ සමගි ජනබලවේගය, ජාතික ජනබලවේගය ඡන්දය ප්‍රකාශ කරනු ලැබිණි.

අකිත පෙරේරා, රනිල් ධර්මසේන

Social Sharing
ආර්ථික නවතම පුවත්