
දෙහිවල පොලිස් ස්ථානයේ උප පොලිස් පරීක්ෂකවරයෙකු මත්ද්‍රව්‍ය සමඟ අත්අඩංගුවට ගෙන තිබේ.
දෙහිවල පොලිස් ස්ථානයට අනුයුක්තව සේවයේ නිරතව සිටි උප පොලිස් පරීක්ෂකවරයෙකු මෙලෙස අත්අඩංගුවට ගෙන ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක සහකාර පොලිස් අධිකාරී එෆ්.යු.වුට්ලර් මහතා සඳහන් කළේය.
එහිදි සැකකරු සතුව තිබී හෙරොයින්, ගංජා සහ විදෙස් රටවල නිෂ්පාදිත දුම්වැටි ද සොයාගෙන තිබේ.
ඔහු දැඩි ලෙස මත්ද්‍රව්‍ය භාවිතයට ඇබ්බැයි වූ අයෙකු බවට ද අනාවරණය වී ඇත.
අදාළ උප පොලිස් පරීක්ෂකවරයා 26 හැවිරිදි වියේ පසු වන අතර සැකකරු ගල්කිස්ස මහෙස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතය.
