මූලික වැටුපෙන් භාගයක් ගෙවා සේවකයන් රැසක් නිවෙස්වල තැබීමට තීරණයක් ගනී…

ඇඟළුම් කර්මාන්තශාලාවල සේවකයන් සේවයට නොකැඳවා මූලික වැටුපෙන් අඩක් පමණක් ගෙවා මාස ගණන් නිවෙස් වල තබා ඇති බව නිදහස් වෙළඳ කලාප පොදු සේවක සංගමය සඳහන් කර සිටිනවා.

ඇඟලුම් කම්හල් සේවක මූලික වැටුප රුපියල් 16000ක් වන අතර මෙම තත්වය යටතේ නිවාසවල රඳවන සේවකයන්ට හිමි වන්නේ රුපියල් 8000 ක් බව සංගමයේ ලේකම් අන්ටනි මාක්ස් මහතා ප්‍රකාශ කරයි.

ඔහු වැඩිදුරටත් පැවසුවේ එම තත්ත්වය මත ඇතැම් සේවකයන් වෙනත් රැකියා සඳහා යොමු වන අතර එම සේවකයන් යළි සේවයට කැඳවද්දී සේවයට වාර්තා නොකළහොත් සේවය අතහැර ගියා සේ සලකමින් වන්දි මුදලක් හෝ නොගෙවා ඉවත් කිරීමට ආයතන ප්‍රධානීන් කටයුතු කරන බවයි.

Social Sharing
ආර්ථික නවතම පුවත්