වසංගතයේ පුත්තු

ලංකාවේ දේශපාලන බල හැසීරීම හා ප්‍රචන්ඩත්වය ගැන ඇත්තේ මවා පැ හෝ ගෙතු කතංදර බව දැන ගන්නට ලැබෙන්නේ හෝ තේරුම් ගන්නේ බොහෝ කාලයකට පසුවය.

ඇන් ඇම් රුවන් වැල්ලට එන්නේ 1936 දෙවැනී රාජ්‍යය මන්ත්‍රණ සභාවේනී . ඩොනමොර් ව්‍යවස්ථාවට අනුව ලැබෙන පලමු පාර් ලීමේන්තු පන්නයේ ව්‍යවස්ථාදායකය 1931 පටන් ගෙන 1935 දෙසැම්බර් මාසයෙන් අවසන්වෙ.  1925දී පමන එංගලන්තයට යන ඇන් ඇම් කොටහේනේ රේන්දකරුවකුගේ පවුලකින් පැවත එන N M , මුලින්ම යන්නේ කොටහෙනේ අංග්ලිකන් කැතීඩ්‍රල් කොලෙජ් එකටය එන් එම් පටන් ගන්නේ එතැනීනී , සැන් තෝමස් කොලීජීයෙන් හා ආනන්දයෙන්, අධ්‍යාපනය ලබන හා ජේ ආර් ගේ සමකාලීණයකු වු නානයක්කාර පතිරගේ  මාටින් පෙරේරා එංගලන්තය බලා යන්නේ උසස් අධ්‍යාපනයටය.

 

1927  සීට 33 දක්වා එන්ගලන්තයේ සීදුවන පරීවර්ථනයන් එවකට එහී අධ්යාපනය ලැබු ලාංකීය සීසුන්ට නොලැබුනේද ?

1918 අවසන්වු පලමු ලෝක මහ සංග්‍රාමය හේතුවෙන් ලංඩනයට පැමිනි සෙබලුන් තම පෙර රැකියා ඉල්ලු අතර රැකියා සුලභ සමයක් ද නොවීය , 1926 වීශාලම ආකර කම්කරු වර්ජනය ලංඩනය සලීත කල අතර , 12927 සීට 29 දක්වාද  29 සීට 31 දක්වාද වෙලඳ පොල කඩා වැටීනී. 1917 රුසීයානු වීප්ලවය ලංඩනයේද කම්පන තරංග ඇතී කලේය කොමියුනිස්ට් වාදයේ හා සමාජවාදය නැගීමක් ලංඩනයේද වීය. 1926  හිට්ලර් ගේ තරුන ව්‍යාපාරයද අරම්භවී වර් ධ්නය වන සමයයී. 1928 දී පලමු වතාවට එංගලන්තය සර්වජන චංඳ බලය ලබාගත් වසරයී.

ඒ සීයල්ල පොසත් කොලඹ හා අවට ජීවත් වු තරුන පීරීසකට තම ව්‍යාපාරය ආරම්භයට  බලපැම අනිවාර්‍ය වේ  ඒ මන්ද ඔවුන් තාර්කීක බුද්ධීමතුන් යමක් කමක් ඇතී පවුල් වල ඉහල පැලැන්තීර්යේ සැපට හැදුන ලමයීන් වීම නිසාමය. අද වන වීට කොලඹ වීශ්ව විද්‍යාලවල හා ජාත්‍යන්තර පාසල් වල අධ්‍යාපනය ලබන සමහර ලිබරල් සීසුන්ට සමාන කල හැක.

ඔවුන් ඇත්තටම සමාජය කෙරේහී වෛරයක් නැතී , ලිබරල් මනසීන් යුතු , අසාධාරනයේදී එරෙහී වන තාරුන්‍ය නොවේද , මෙතෙක් ලෝකයේ නොතීබු  කොමිනියුස්ට් රටක් යුරෝපයේ සීමාවේ  බීහීවී එහ අහ්ලාදය වීඳීමින් සීටී තරුන පරම් පරාවක් වීමද හේතුවයී.  එය 60 ගනන් වල මැද හා අග යුරෝපයේ පැතීර ගිය මධ්‍යම පාංතීක ශීශ්‍ය ව්‍යාපාරයන්ට වඩා අහීංසක වීය වෙනස් වුනේ හිට්ලර් පමනී. රුසීයාවේ ප්‍රචන්ඩත්වය සාධාරනී කරනය කිරීම හා ප්‍රචන්ඩත්වයේ වීජයග්‍රහනයද මට සීලිටු තරුණ ශීශ්‍යයන්ට පන්නරයක් ගෙන දෙන්නට ඇත.

ලංකාවට පැමින තම වාම සමාජවාදී තරුන ව්‍යාපාරයන් හා ලීගයන් youth legue ඇරඹීමට ඔවුන් පෙලබෙන්නේ මේ නිසාය , සුරිය මල් ව්‍යාපාරය ඇරඹෙන්නේ ඩොරීන් තම සැමියද හා වෙනත් අයද සමග දකුනු කොලඹ තරුන ලීගය හරහ පොපී මල් ව්‍යාපාරයට එරෙහී වෙමිනි. ක්‍රමයට එරෙහී වීම මේ තරුන කංඩායම් වල න්‍යශ්ටීය හැසීරීමයී. අරගලයද යම් දුරකට මේ ලක්ශනම පෙන්නුම් කෙරීනී.

 

1931 ඉක්මවා යන බ්‍රතාන්‍ය ආර්ථීක   අවපාතය ලංකාවේ යටත් වීජීත  ආඬුවටද දැනෙන්නට වීම නිසා සුභසාධනය කපා හැරීම සුක්ශමව සීදු වන්නේ නව ගම් ව්‍යාප්තීය හා ගම් මුලදැනී ක්‍රමය හරහා කරන්නාවු පරීපාලන  රාජ්‍ය වීයදම අවම කිරීමටය. ගම් මුලාදැනීය ලංකීකයකු වන අතර බොහෝ වීට ගොයිගම ,  කුලයේ අයකුවේ . මේ තත්ත්වය මුහුදු බඩපලත්වල , වතුකරයේ හා වෙනස් වුවද අනෙක් ප්‍රදේශ වල අත් දැකීමයී. තත්ත්වය .

 

මේසේ තීබීයදී 1934 මහා නියගය බැමිනිටියා සාය සේ වු බව එකල ජීවත් වු ගැමියන්ගේ මතකයයී. ගං පතුල හාරා වතුර ගන්නට සබරගමුවේ මිනිසුන්ට කිසීදා අත්දකීන්නට නොවු කාරනයකී. වීදේශ වලීන්  හා රට තුල සංක්‍රමනීක සේවකයන් සේ නව කොටස් නිර්මාණය වීමත්  ඔවුන් වීරැකීයවෙන් පෙලී 1930 ගනන් වලීන් පසු නැවත ගම් බීම් බලා පැමිනීමත් පොදු කාරනා වීය

33දී  මාටින් පෙරේරා ගොඩ බසීන්නේ මාටින් වික්‍රමසීංහ නිර්මීත ගම් පෙරලියේ වීපරීත කාලයටයී. මේ 1934 – 35 කාලයේදී ලංකාව වෙලා ගන්නේ වෙන කිසීදු කාලයක නොවු මහ වසංගතයටයී 1934 අග සීට 35 මැද දක්වා පැතීරුනු මැලේරීය වසංගතය කැගල්ල දීස්ත්‍රීක්කය  හා කුරුනැගල දීස්ත්‍රීක්ක මුල් කරගෙන පැතීර යන්නේ මිලියන 5.2 කට ආසන්න ලාංකීය ජනගනයෙන් 175,000 කට ආසන්නන් ජනගහනයක්  එම වසරක ආසන්න කාලය තුල මිය යැමයී.

 

ගම් මුලාදැනී ක්‍රමය, කුල පීඩීතයන්ට නොසැලකීම , රජය සුභ සධනයෙන් හා සැපයීම් වලීන් ඉවත්වීම හා සාගතය නිසා දුර්වල ශරීර හා මනස් ඇතී මිනිසුන් ඉක්මනී මරණය කර ගෙන ගියේය. යුක්තීය හා සමාජ ආරක්ෂනය බීඳ වැටී මිනිසුන්ගේ අයීතීන් හා මුලීක අවශ්‍යතාවයක් වු සෞඛ්‍ය දුරස්ථ වීම නිසා කුරුනැගල හා කැග්ගල්ල දීස්ත්‍රීක්ක වල ජන ජීවීතය සම්පුර්ණැයෙන්ම කඩ වැටීනී.

 

කුයීනීන් බොතලය අතට ගත්තත් තම නිවසට එය රැගෙන යන්නට ප්‍රවාහනයක් නොමැතීව මියගීය මිනිසුන් පාර අයීනේ වැටී සීටී සමයේ ඇන් ඇම් රුවන් වැල්ලට හා කැගල්ලට හා වෙනත් ප්‍රදේශ ව්ලට යන්නේ සුරියමල් ව්යපරයෙ හා සමාජවාදී තරුන පෙල ගැස්ම වු ලංකා සමසමාජ පක්ශය ලෙස බීහීවන්සමයේයී. 1935 ඇරඹෙන ලංකාවේ පලමු පීලීගත් දේශපාලන පක්ෂය වන්නේ සමසමාජයයී. එවීට  මැලේරීය වසංගතය අවසන්වී ලංඩන් උගතුන් යම් කැලඹීමකට හා වීක්ෂීප්තයකට පත්වී රටට නව දැක්මක් සහීත පක්ෂයක් බීහී කරන්නේ  1935 දෙසැම්බරයේය. සුරිය මල් ව්‍යාපරය වසංගතය පොලවේ පැල වන්නට ඇන් ඇම් ට අවශ්‍ය පොහොර ලංකර තීබීනී.

හිට්ලර් ද  ඒවනවීට යුත් ලීග හරහා ජර්මනියේ බලය අල්ල තීබු අතර සමසාමාජයද මේ යුත් ලීග හරහා තරුන ජවය අවධී කර තීබීනී  එම නිදස්කාමී යුත් ලීග දේශපාලනීක ව්යාපරයක් කිරීමට ඉතා පහසු වීය  අවශ්‍යය පන්නරය රුසීයාවෙනි. ආකෘතීය හිට්ලර් ගෙනී.

සැන් තෝමස් ගිය , ආනදයේ ක්‍රීකට් ගැසු ලංඩන් ස්කුල් ඔෆ් ඊකොනොමික්ස් LSE උපාධීය ගත් කොටහෙනේ එන් එම්ට මැලේරීයාව හරහා  නව දේශපාලන ගමනක් සුදානම් කර තීබීනී, රුවන් වැල්ලට එන් එම් එන්නේ වසංගතයෙන් පසුය එන් එම් ව කවුරුත් දනී. රදල ඇඩ්ලින් මොලමුරෙ ගේ ආසනය නව ව්යපාරීක පොහොසත්කුවු රේන්ද රාලල කෙනෙක්ගෙ පුතකු වු එන් එම් ඩැහැ ගන්නේ 1936 දීය .

එතැන් සීට ඉංදීයාවට පලා යන තෙක් ඔහු රාජ්‍ය මංත්‍රණ සභ්හාවේ රුවන්වැල්ල මංත්‍රීය. 1947 දී පලමු පාර් ලීමේන්තුවට ලේසීයෙන්ම එන්නේ  වීරයකු පරීදීය. රුවන් වැල්ල ගොයී ගම හා පහල යැයී කියන කුල වලීන් පීරී ආසනයකී. එසේ නොවන්නට පී සී ඉඹුලාන වැන්නේකුට රුවන් වැල්ල අල්ලනු බොරුය.

එන් එම් ගේ රුවන් වැල්ල ආසනය් බලමු පහලීන්  අවීස්සවෙල්ල දැදීගම කැගල්ල , හා මධ්‍යම පලාත තේක් වීහීදුනු අතී වීශාල භුමියකීන් පීරුනු  ආසනයකී. අනෙක් පසීන් අරන්නායක කඳුකර  රබර් වතු පීරී වසන්ගතයෙන් බැට කැ ඉතාම දුගී කුලහීන ජනතාව වීසු අරනායක ප්‍රදේශයයී එය මාවනැල්ලේ කොටසක් වීය . 1947  වන වීට එය කුඩා දීස්ත්‍රීක්කයක් මෙන් වීය. සම්ප්‍රදායීක සීංහල ගොයිගම කුලයේ මිනිසුන් සිංහල පහල කුල එනම් බත්ගම් වහුම්පුර රොඩී වැනී කුලවලට දැඩී පීඩනයක් ගෙන දුන් අතර ඔවුන්ගේ ආකර්ෂනය වුයේ පරීප්පු මහත්තයාටය.

ගල්කිස්සේ එඩ්මඬ් සමරක්කොඩී දෙහිඔවීට 52 ත් 56 ත් මංත්‍රී ලෙස එන්නේ සමසමාජ සහෝදරවරුන්ට ආගමීක , ප්‍රාදේශීය වාදය හා කුල කතාවට එහා ගිය පිලිගැනීමක් තීබීම නිසාය. එවා බොහෝ දෙනකුට ප්‍රශ්ණ නොවුවද දීනන්නට සමසමාජ ලේබලය අවශ්‍ය වෙ.  මොරටුවේ මොහන්දාස් දමැල් ගල්කිස්සේ එඩ්මන්ඩ් ට දෙහීඔවිටදී පරදීන්නේ ද මැල් සමසමාජ නොවීමය.

බුලත්සීංහල එඩ්මන්ඩ් 60 දී දීනන්නේ එත් සම්සමාජය නිසාය. 1960 වන තෙක් සමසමාජ් ලේබලය මත චන්ද දීනීම අපහසු නොවුවද නව පංච මහා බලවේගය අවධීකල බලමුලු සමසමාජයට මුහුන දීමට අපහසු කාරනයක් වීය . කොලඹ කෙසෙල්වත්තේ ප්‍රේමදාස 1956 චන්දය ඉල්ලන්නේ කොටහෙනේ එන් එම් සමග රුවන්වැල්ලටය එන් එම් දීනයී.

56 වන තෙක්ද මිනිසුන් එන් එම්ට ආදරය කරන්නේ 35 පරිප්පු මහතා හෝ සහෝදරය ලෙසය. 56 න් පසු සීයල්ල වෙනස්වේ. දෙවරක් එන් එම් ට පරදීන ඉබුලන තුන්වෙනි  වර තවත් සමසමාජ සහෝදරයකුට පරදීන්නේ 1960 මාර්තුවල ඩඩ්ලී දීනන. වීටය ඉඹුලාන දීනන්නේ ඩඩ්ලී පරදීන වීට 60 ජූලීය, ඉඹුලාන ගමේ හා ලංකාවේම ලාබල ගම් සභාපතීය ගොයිගමය  ගම් මුලදැනියාගේ පුතාය එකසත් ජාතීක  පක්ෂයේ ආරම්භකයෙකී 47 ත් 52 ත් එන් එම් ට පරදී . ගම් මුලාදැනීයකුගේ පුතෙක් වීම වෛර පීරීමහෙමක් වීය  ගම් මුලාදැනීන් වසංගතයේ නිර්මාර් තුන් සේ ගනන් ගැනීනී..

35 වසංගතය මිනිසුන්ට හොඳට මතකය සහෝදරවරු කුලහීනයන් බලාගත් ආකරය මතකය අවුරුදු 25 කට පසු එන් එම් ට තීරනයක් ගැනීමට සීදුවේ රුවන් වැල්ල සෝමබන්දු නම් ජාතීක තලයේ නොදන්න සමසමාජ සහෝදරයකුට තම අවුරුදු 25ක් රැකී ආසනය භාර දී රුවන් වැල්ලෙන් කැඩෙන  යටීයන්තොටට යයී.

එන් එම් උගතාය ශෝභමාන තරුනයාය කොලඹය , ක්‍රීකටර් ය , නලුවාය, රුවන්වැල්ල ගැමියට බුලත් කොහුපිටියේ ගැමියාට දේදුගල ගැමියාට පරුස්සැල්ලේ ගැමියාට සීපොත් ගැමියාට කිතුල්ගල ගැමියාට  ඒව අදාල නැත පරීප්පු මහත්තයට කෘතගුන සැලකිය යුතුය. චන්දය එන් එම් ටය. ඉඹුලන පරදීන්නේ එන් එම් නිසාය දීනන්නේ බන්ඩාරනයක පංච මහ බලවේගය නිසාය. අවුරුදු 25 කට පසු 56 පෙරලියද සමග රුවන් වැල්ලට නව මානයන් පැමිනේ , ගමේ එකා වැදගත්ය, සීංහල එකා , ගොයි ගම එකා රටේ මුල් බැසගත් ආගමට ගරු කරන සමාජවාදී නොවු එකා දීනවීම  56 න් පසු ඉස්මතුවේ.

එන් එම්ට මෙය ඉව වැටුනත් දුරකට යැමද අපහසුය අකමැතීය , එන් එම් රුවන් වැල්ලට ආදරේය, තම වටා ගොඩ නැගුනු නව උගත් තරුන්යන් නීතීඥවරුන් එන් එම් ට පීටට යැමට ඉඩ නොදේ රුවන්වැල්ලෙන් කැඩුනු යටියන්තොටට එන් එම් බින්න බස්සවා ගන්නේ ඔවුන්ය.

60 මාර්තු වලීන් පසු 70 දීනන්නේ මුරන්ඩු ආතාවුදය. 70 වාම රැල්ලය. ඒත් සභාග ආංඩුවකටය ඒ රැල්ලේ පෙර තීබු සමසමාජ ගතීය නැත . කොල්ලු පිටියේ දී වෙඩී කැ දඹරාවේ රතනසාර හිමියන් එක්සත් පෙරමුනු වේදීකාවේ ප්‍රධාන මතෘකාවය. 70වේ ආංඩු බලය ගන්න තෙක් එන් එම් ට රුවන් වැල්ලට සමසමාජ ආදේශකයක් නොවීය. 70 දී ඉඹුලාන පරද්දන්නේ අතාවුදය.

එන් එම් යටියන්තොට බින්න බැස්සද යටියන්තොට රුවන් වැල්ල මෙන් ජාතීකවාදී ආසනයක් නොවීය . රුවන් වැල්ලේ 85% සීංහල වන වීට  යටියන්තොට එය  77% කී.

යටියන්තොට  එන් එම් ට ආගන්තුකය එන් එම් යටියන්තොට 60 මාර් තු 60 ජුලී 65 , 70 දීන්නත් රුවන් වැල්ලේ මෙන් භුමී ගත වීමට බැරී වීය. යටියන්තොට එන් එම් නොගිය පලාත් බොහෝ වෙයී . ගඟෙන් එගොඩ පැලැල්ලවත්ත ඉංගිරියාවත්ත ඇන් ඇම් ගොස් නැත ඡංද රැස්වීමක් පව තිබුනේ ගඟෙන් මෙගොඩය යටියන්තොටද වීශාල ආසනයකී සීපොත් See forth නාවලපිටියට මායීමෙය බුලත්කොහුපිටිය හා දෙහි ඔවීට අනෙක් මායීමය ඉතීරී මායීම ලක්ශපානය. පක්ශ නායකයා හා ජාතීක තලයේ නායකයකු වශයෙන් එන් එම් ට ආසනයක ඒ තරම්ම කාලය දීමටද අපහසුය ඒවා කලේ පසුව නිදහස් පක්ශ දේශපාලනඥයන්වු තරුන නීතීඥයන්ය. ගමේ තරුන කොටස්ය , ගමේ පොහොසතුන්ය. එන් එම්ට වයස 35 මෙන් යටියන්තොට ගමේ ඇවීදීන්ටද බැරීය එන් එම් යටියන්තොටට එනවීට වයස 56 කී රුවන්වැල්ලට යන වීට 32 කී . යටියන්තොට ඇවීද පීරීමැසීය හැකි ආසනයක්ද නොවේ කඳු හෙල්  දුශ්කර මාර්ග පීරීලාය. අතී දුශ්කර නාවලපීටීය පරුස්සැල්ල පාර හරියට හැදුවේ සුජීත්ය එන් එම්ට වුවද එයට කල හැකී දෙයක් නොවීය .

මිනිසුන් එන් එම් ගෙන් එවා බලපොරොත්තුද නොවීය  එන් එම් මුදල් ඇමතී වී අවුරුද්දක් පමන සීට නැවත වීපක්ශයට ගොස් නැවත මුදල් ඇමතී වීය. එන් එම්ට දුශන චෝදන නැතී අයකු සේ සැලකේ ගිරිදර මෝල ඔප්පු කල යුත්තකී.

යටියන්තොටීන් රාජ්‍ය බැංකු වලට පීරවීමක් නැත, මුදල් අමාත්‍යන්ශය යටතේ වු දෙපාර්ථමෙනතු වලට රැකියා පීරවීමක් යටියන්තොටින් නොවීය. මිනිසුන් එන් එම් ගෙන් රැකීයා සොයා ගියේද නැත. යම් පමනකට එන් එම් යටියන්තොටට රැකියා ප්‍රමානයක් දුන්නද  ඒවා සීමීත වීය.

 

එන් එම්ව රඳවා ගත් සාධකය කුමක්ද ? පංච මහ බලවේගයෙන් ත්‍රජීත සමසමාජයට යටියන්තොට නව ආකරශනය කුමක්ද. 1935 දී රුවන්වැල්ල වීනාශ වන වීට යටියන්තොට වීනාශ නොවුයේ  යටියන්තොට තේ ආර්ථීකයක් තීබු නිසාය පහල මධ්‍යම ලංකාවේ තේ ආර්ථීකයේ මධ්‍යසථානය යටියන්තොටයී. වසංගතය යටියන්තොටට දැනුනේ අඩුවෙනී. වත්තේ ආහර කොලඹ සීට යටියන්තොටට එන පුංචී කෝච්චීය , රටෙ වීවීධ පැතීවලින් පැමින යටියන්තොට බින්න බැස්ස මිනිසුන් , 16 % ක් වු හින්දු හා ක්‍රීස්තීයනි දෙමල ප්‍රජාවද  හා 2% ක් වු මුස්ලිම් ප්‍රජාවද එන් එම් ට නව බලකොටුවක් සාදා තීබීනී.

 

චන්ද තුනක් එන් එම් දීන්නේ බහුත්ත්වවාදී මිනිසුන් නිසාය. එන් එම් ට වසන්ගත මතකයන් යටියන්තොටට නැත. වත්ත වීසීන් යටියන්තොට බලා ගත් අතර වතු සෞඛ්ය යටියන්තොටට නාගරීක වට පීටාවක් මවා දී තීබීනී. වතුවල දෙමල මිනිසුන්ට චන්දය තිබුනේද අඩුවෙනි එහෙත් වතු වල ආර්ථීකයට සේවා සැපයීමට 83 තෙක් ලාංකීය දෙමල ප්‍රජාවක් යටියන්තොට වීය. ඔවුන් එන් එම්ට ආශක්ත වීය. එන් එම් ගමේ  ගෙවල් වලීන් කැවේ බීවේ නැත. කැවා නම් බදුල්ල වල පෝසත් පවුල් දෙකක් පමන හා තරුන නීතීඥ්යන්ගේ ගෙවල් වලීන්ය නැවතී සීටීයේ රුවන් වැල්ලේ රජසීංහයට සමීප වලව්වකය , එ ගෙදර ගැන කට කතා  ඇත. කාර්‍යාලය තිබුනේ පරුස්සැල්ල පාරේ මුල ඇතී ඉම්පීරීයල් ශාලව අසලය , කාර්‍යාලයේ සෙලීනාගේ හා එන් එම් ගේ මගුල් පොටෝව වීය.

එන් එම් ගේ චන්ද ව්‍යාපාර වලට  කොලඹීන් කාන්තව්න් විශේශයෙන්ම කට සැර කාන්තාවන් ආ අතර වීවීයන් හා වෙනත් කාන්තාවන් යම් උගත් කමක් ඇතී ටවුන් කවුන්සීලයක් වු යටියන්තොට මිනිසුන්ට දෙශපාලන්න ආකර්ෂනයක් වීය.

යටියන්තොට වතු ආර්තීකය එන් එම් ට පැරනී සමසමාජ ව්‍යාපෘතීවු සමාජගත වීමට වඩා බුද්ධීමය දැක්ම සහීත දේශපාලනයක් කිරීමට පහසු බිමක් සැපයීය. යටියන්තොට මිනිසුන් රාජ්යය සුභසාධනය මත නොව පුද්ගලීක ව්‍යවසාය මත රැඳී කොටසක් වීය වතු ආර්ථීකය නිසාම  වසන්ගතයෙන් දැඩී ආරක්ෂනයක් වීය.  එමෙන්ම බහුත්වවාදය නිසා පංච මහ බලවේගයෙන්ද ආරක්ශා වීය , යටියන්තොට ඇතී කිතුනු පල්ලි 5ක් පමන අවුරුදු 100 ක් පමන පැරනීය , මුස්ලීම් සමාජය ඉතා පැරණීය . ඉංග්‍රීසී පාසල්ද තීබු තැනකී.

එන් එම් යටියන්තොට බීම් ගත නොවීම නිසාම යටියන්තොට සමාජවාදය එන් එම් ගෙන් ඔහුගේ දෙවන පෙල නායකයන්ට ගිලීගොස් තීබීනී, යටියන්තොට සමසමාජ කාරයන් යු අන් පී කාරයන්ට දෙවෙනී නොවන සේ මැතීවරන ප්‍රචන්ඩතා කල අය වීය . බොහෝ සමසමාජ ආසන වල එය පොදු ලක්ශනයක්ද වීය. සමහර තැන් වල යු ඇන් පීය ආදර්ශ ගත්තේ සම සමාජයෙන් වීය හැක.

ගම් වල යු ඇන් පී ගෙවල් ගෙනී තැබීම  පහර දීම හිරීඝැර කිරීම සමසමාජ් කාරයන්ගේ සීරීත වෙය, එන් එම් 77 පරදීන තුරුම එවා සීදුවීය එන් එම් පැරදුන වීට එන් එම් යටියන්තොටට අවේ නැත  එතකොට එන් එම් ට 73 කී  ආවත් කල හැක්කක් නැත. ගෙවල් එවර නම් පිච්චුනේ සමසමාජ කාරයන්ගෙය. ගමේ හිතවතුන්ගේ ගෙවල් බේර ගත්තේ යු අන් පී කාරයන්ය. සම්හර ලොකු සම්සමාජ කාරයන් බේර ගත්තේ ගමේ යු ඇන් පී කාරය වු කේ වින්සන් පෙරේරය

 

පියාගේ ව්‍යාපර කටයුතු වලීන් වතු ආර්ථීකය දීනු වින්සන් පෙරේර යටියන්තොට සුලු නගර සභවේ සභාපතී කම දැරුවේ එන් එම් මන්ත්‍රීව සීටීයදීය. වින්සම් පෙරෙරාට මිනිසුන්න් ආදර කලද දෙශපාලනයේදී එන් එම් 77 තෙක්ම ප්‍රතීක්ශේප නොකලේ ඔහුගෙන් නව දෙශපාලනයක් දුටු නිසාය. 77 වන වීට සමසමාජය පීරීහී තීබීනී. ශ්‍රීලන්කා නිදහස් පක්ශය 94 වන තෙක් දීන්නේ නැතී ආසනයකී.

1953 හර්තාලය හරහ අතීවීශල සම්ජ වීභවයක් අත්පත් කර ගෙන සීටී රැඩිකල් වම එය පාර්ලිමේන්තු ප්‍රජාතන්ත්‍රාවාදය තුල ක්‍රීයත්මක කිරීමේදී කැකැරෙන ජනතා අභීලාශයන් හා ගැටීමකට භාජනය වුවා වීය හැක. අධීරාජ්‍ය වීරෝධය මත ගොඩ නැගුනු තරුන පක්ෂය කෙමෙන් මැදී වයසට ලංවත්ම එය රුපාන්තරනයකට හෝ යව්වනෝදයකට ලව් වීම සීදුවෙය යුතුය. ඒසෙ නොවුනී නම් එය බීඳ වැටෙන බව පැරනී වම හා අලුත් වම ලංකාවේ කියා දී හමාරය.

ඒ නිසාම නව ජාතීකවාදී මාඒපේ දෙශපාලනය හා වම අතර බලය  සම්බඳව වීභවයන් ක්‍රීයත්මක වීමට පටන් ගත් අතර පීල්ප්ගේ කඩා ගෙන යාම  හර්තාලය ප්‍රචන්ඩ වීම ප්‍රසීද්ධීයේ බල පොරොත්තු නොවීම යන කරුනු මත බන්ඩාරනයකගේ ජාතීකවාදී රාජ‍යය තරඟ කීරීමට වමට සීදු වීය. ඒ තරඟයේ මුහුනත නායකත්වය එන් එම් වීනා අන් කවරකු හෝ නොවීය.

ජතීකවාදයේ හැඟීම් වලීන් කුලුගැන්වුනු ගැමි  ගොවී චන්ද හැසීරීම එන් එම් ට තවදුරත් නඩත්තු කිරීමට අපහසුය ඔහුව පුරණකාලීනව වශයෙන්ම පක්ශය ඉදීරීයට ගෙන් යැමට කොලඹට අවශ්‍යය , රුවන්වැල්ල  1936 සීට වීපක්ෂයේ සීටීම නිසා ලැබුනු දෙයක්ද නැත. ගැමියන්ට එන් එම් ගේ පරීප්පු තව දුරත් අදාල නැත වසංගතය දන්න පරම්පරාව මීය යමින් සීටී.

එන් එම් බන්ඩාරනයකගේ ජාතීකවාදයේ නැගීමට සාපේක්ශව ප්‍රබල වමක් ගොඩ නැගීමට නිදහස් කාලයක් තීබීය හැකී තැනකට යා යුතුය.

වම බලවත් සබරගමුවේ ගැමි ඉල්ලීමට පීලීතුරු තව දුරටත් වමට නැත. කොලඹ අප්පුලාට සබරගමුවේ තවදුරටත් ආක්‍රෂනයක් නැත ඒ නිසාම ගමේ අයට වම භාර දී  එඩ්මන්ඩ් සමරක්කොඩී පවා බුලත්සීංහලට පල්ලම් බැස්සේ බන්ඩාරනයකගේ ජාතීකත්වය හමුවේ යු ඇම් පී වීරෝදී චන්ද බෙදී යු ඇම් පීය බලවත් වෙන  බවට සලකුනු තීබීම නිසාය. ඇන් ඇම් ට කොලඹට ගල්කිස්සට හෝ කලුතරට ගියද ඒ ආසන වලට දීමට කාලයක් නොමැත  වම හා පක්ෂය ගොඩ නැගෙන්නේ ඔහු වටාය කොල්වීන් ද දෙවැනී තැනට කැමතී වී එකම පක්ෂයක් සේ කටයුතු කරන නිසා ඔහුගේ ජාතීක නායකත්වය පැහැදීලීවම අවශ්‍යයතාවක් වීය.

එන් එම් රුවන් වැල්ලට සමු දෙන්නේ මේ වතාවරනය තුලය. ඔහු සොයා යන්නේ  කොලඹ නොව ඔහුට වඩා සමීප වීය හැකී වතු ආර්ථීකයක් ඇතී යටියන්තොටටය. යටියන්තොට 1936  සීටම  වීපක්ශයේ සීටීයද එය රාජ්‍ය සුභසාධනය මත නොයැපුනු  නගරයකී. එහී ආර්ථීකය වතු ආර්ථීකයයී. රුවන්වැල්ල හා සසඳ කල එහී වසංගතය වුයේ අඩුවෙනී , රබර්  ආර්ථීකයක් වු  ගොවී  හා පහල කුල  ඇතී ( වහුම්පුර හා බත්ගම් ) රුවන්වැල්ල එම සාධකම  වසංගතයේ හේතුසාධකවී ඒ හේතු මතම වසංගතයෙන්න් බැට කන්න වීට , යටියන්තොට රැක බල ගත්තේ සුද්දාගේ වතු ආර්ථීකයයී. සීපොත් ( සීෆොර් ත් වත්ත ) සීට කිතුල්ගල දක්වා හා නවට ලැවන් Lavent  , පනාවත්ත තේ හා රබර් වතු යටියන්තොට මනා ආර්ථීකය් ගොඩ නග තීබීම නිසා  හා කැලනීවැලීයේ අවසාන දුම්රීය පොල වු යටියන්තොට දීයුනු නගරයක ලක්ෂන හා වෙලඳ පොල ආර්ථීකයක් සාදා තීබීනී . එහී සුද්දාගේ  ආංඩුවේ ආර් ථීකයට වඩා සුද්දගේ තේ වත්තේ ආර්ථීකය ශක්තීමත්ව මුල් බැස තීබීනී.

සංස්කෘතීක මිනිසුන් එහී වීය අයීරංගනී සේරසීන්ංහ රුවන්වැල්ලේ වුවද ඇයගේ  කලාව තීබුනේ කොලඹය , සුදු පාදීලී වරුන් පල්ලි 5 ක් සාදා ඉංග්‍රීසී උගන්නන ඉස්කෝල සාදා රේල්ලුව ටවුමේ  ආර්ථීකය බවට පත් කර තීබු අතර අවම වශයෙන් බැලෙ Ballette කංඩායම් පවා යටීයන්තොට වු බව පැරැන්නෝ කියතී.

සාන්ත ගේබ්‍රියෙල් St Gabriel ඉස්කෝලේ ඉංග්‍රීසී ඉස්කෝලයකී. එය යටියන්තොට මිශ්‍ර ජාතීකත්වයට අවශ්‍ය සංස්කෘතීය සැපයීය.

 

මේ නොයැපුම් ආර්ථීකයට  මාරුවීම හා සංස්කෘතීක මිනිසකු සේ  මංත්‍රී දුරය දැරීම  රුවන්වැල්ලෙන් එන් එම්ට යඉයන්තොටට මාරු වී පුද්ගල රුපාන්තරනයකටද ලක් වීය. රුවන්වැල්ලේ එන් එම් සහෝදරය හෝ පරීප්පු මහත්තය යටියන්න්තොට  ගරු කටයුතු එන් එම් මහත්තයා වීය. එන් එම් 56 වීයට එන වීටම යටියන්තොටට එන්නේ  ඒ සංස්කෘතීක මිනිසා සමග මීස වමේ සහෝදරයා වශයෙන් නොවේ.

එන් එම් ට සහෝදරය කීමට  යටියන්තොට මිනිසුන්ට නොහැකී වීය. සහෝදරය කීවේ  ඔහුව ලඟීන්ම ආශ්‍රය කල යමක් කමක් ඇතී සමසමාජ කරයන් කීප දෙනෙකී. එන් එම් යටියන්තොට ගෙවල් වලීන් කැම කැවෙ නැත කරට අත දාගෙන ගැමියන් හෝ ලමයීන් වඩා ගෙන හුරතල් කලේ නැත. යටියන්තොට මිනිසුන් එන් එම් ට සැලකුයේ වටීනා උගත් මිනිසකුට  ගරුත්වයෙන් සලකන ආකරයටය. එන් එම් ගෙ කතා අසන්නට රැස්වීම වලට අවා මීස සමසමාජවාදය යටියන්තොට ගොඩ නැගුනේ නැත. ඇත්තටම යටියන්තොට යු ඇම් පී මනස් සහීත සමසමාජ කාරයන්ගේ ඡන්ද කොට්ඨාශයකී.

 

එන් එම් මුදල් ඇමතී වී 64 එන වීට යටියන් තොට මිනිසුන්ට ආඩම්බරයක් වීනා රස්සා පෝලීමක් සේ එන් එම් ව නොදැක්කේය 70වේද මුදල් ඇමතී වී එන් එම් රස්සා දුන්නේ ඉතාම සුලු තෝරගත් හැකීයාව ඇතී කන්ඩායම් කීපයකට පමනී. එන් එම් කිසීද්හු ලෙසක තම බලය දුශීත ලෙස භාවීත කලේ නැත. යටියන්තොට මිනිසුන් එය ඉල්ලුවේද නැත . එන් එම් හා යටියන්තොට හොඳට ගැලපුනි.

 

පලාතේස් මංත්‍රී ලෙස වීශාල කර්තව්‍යයක් යටිතල පහසුකම් වලට නොකලද  ඔහු පෙනෙන වෙනසක් යටියන්තොටට කලේය . මිනිසුන් අදද ඒවා සීහී කරතී.

එන් එම් ට යටියන්තොට බලකායක් වීය 70 ආන්ඩුව කා ලේ ජනතා කොමිටී  යටියන්තොටද වීය හංස හමුදාව යටියන්තොටද වීය ඒත් ඒවා උප නගරයේ දීගු පැවැත්මට හානී කරන ලෙස නොකීරීමට යටියන්තොට මිනිසුන්ම වග බලා ගත්හ. යටියන්තොට හැදුවේ එන් එම් නොවේ  ,   දීවීතොටවෙලව යටියන්තොට මිනිසුන් වඩා දැන සීටී මුත් එන් එම්ට සැලකුවේ උගත් වටීන සංස්කෘතීක දේශපාලනඥයා ලෙස ගරුත්වයකින් මිස කප් රුකක්  ලෙස නොවේ. සුද්දා නිර්මානය කල යටියන්තොට අර්ථීකය එන් එම් ට 60 හී මාර්තු 60 ජුලී , 65 , 70  ඡන්ද වලදී නොසෙල්වී සීටීමට උදව් කලහ.

ජාතීක දේශපාලනය රීසී සේ කරගෙන යාමට එන් එම්ට අවස්ථාව  දුන්නේ යටියන්තොට වතු ආර්ථීක සංස්කෘතීයයී.  වෙලඳපොල  ආර්ථීකයයී. මේ නිසාම එන් එම් ගේ ප්‍රාදේශීය අවශ්‍යතවයන් බල ගත්තේ අතාවුද , හා ඔහු තෝරාගෙන සීටී තරුන නීතීඥ හා උගතුන් කංඩායමයී. ඔවුන් එන් එම් සේ සංස්කෘතීකවී සීටී අයගෙන්ද නොමැතී අයගෙන්ද ගෙන් සැදුම්ලත් මිශ්‍ර කංඩායමක් වීය.

සමහර සංස්කෘතීක නොවු දෙවන පෙල කංන්ඩායම් යටියන්තොට පාදඩ දේශපාලනය කිරීමට කටයුතු කල අතර ප්‍රචන්ඩත්වය එහී මුහුනු වර වීය . ඒත් එය සීමා වුයේ තරුන නීතීඥ කංඩායමේ හා උගතුන්ගේ කංඩායමේ මැදීහත් වීමය

77 දී එන් එම් පහත රටීන් ගිය වෙලඳ පවුලක කසදෝරුගෙ වින්සන්ට් පෙරෙරාට පරාජය වීය. ඔහු  වතු ආර්ථීකයට සැපයුම් කල පියකුගේ දරුවෙකී , ලොරී හිමියෙකී 60 ගනන් වලම ටවුන් සවුන්සීලයේ සභාපතී වීය , පොලවේ ජීවත්වී යටියන්තොට මිනිසුන් අතර ජීවත් වු අයෙකී.

77 පරාජයෙන් පසු කොටහේනේ එන් එම් යටියන්තොට අවේ ඉතා කලතුරකීනී නාවා යැයී කීම නිවැරදීය. ඇවීත් කරන්නට දෙයක්ද නොවීය.

ඔහුම නියමුවකු වු 70 -77 සංවෘත ආර්ථීකය  අලීංගන නැටුම් නැටු සොරෝල ගිය නත්තල දැනගෙන සීටී යටියන්තොට වතු ආර්ථීකය කුඩු පට්ටම් කලේය , යටියන්තොට ලුම්පන් මිනිසුන්ට වීවෘත වීය , ඔහුම පෝශනය කල සමසමාජ දරුවෝ  83 දී යාපනයේ සොමසුන්දරම්ගේ නල්ලය්යාගේ , සීවගුරුනාදන්ගේ කඩ වලට ගීනී තැබුහ , යටියන්තොට ජනගහනයෙන් 2% ක් වු ශ්‍රී ලාංකීක දෙමල මිනිසුන්ගේ බහුතරය  යාපනයට ගිය අතර නැවත නාවේය.

1936 සීට  සමසමාජයෙන් පොශනය වු යටියන්තොට  83 රටේ වෙනත් තැන් වලට වෙනස් නොවීය , වතු ආර්ථීකයට ආදරය කල මිනිසුන් එය  ඇස් පනපීට කඩා වැටෙන වීට  එහී නියමුවෙක් වු එන් එම් ව නැවත පීලීගත්තේ නැත. එන් එම්ගේ උගත් කම තවදුරත් ඔවුන්ට ආභරනයක් නොවීනී. ඔවුන් සමසමාජය දැක්කේ යු ඇම් පී කාරයන් සේ හැසීරුනු කලීන් කී දෙවන පෙල සමසමාජ කාරයන්ගේ කෝනයෙන්ය. එන් එම්ට යටියන්තොට දොර වැසීනී. වසර 2ක් ඉක්ම ගිය තැන එන් එම් මෙලොව හැර ගියේය . 1983දී දෙමල කඩ බේර ගත්තේද  77 දී සමසමාජ කාරයන්ගේ ගෙවල් ගීනී තැබීමට් නොදී සීටීයේද ලලීත් ගාමීනී සමග එලියට බැස්ස්සේද ගමේ මිනිසා වු කේ වින්සන්ට්  පෙරේරාය. ඔහු සාමන‍ය ජනතාවගේ මිනිසකු වීය ,

මාගම්මන සීට යටියන්තොට  ටවුමට  තීබු රේල් පාර අද කාපට් පාරකී. සීපොත් වල තේ වතු වල තීබු  කේබල් කාර් සංචාරක ආකර්ශනයක් පමනී. සුද්දා අවුරුදු 100 කට පෙර සැදු  යටියන්තොට පාලම නැවත හදන්නේ ආංඩුකාර නවීන්ය. යටියන්තොට එක් මංත්‍රී කෙනෙක් වින්සන්ට් ගේ පුතා සුජීත්ය.

එදිරීමාන්න සුරීය

Social Sharing
අවකාශය නවතම විශේෂාංග