කල්පිටිය කන්දකුලිය ගුවන් හමුදා කඳවුරේ පිපිරීමක්…

ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ නිලධාරීන් දෙදෙනෙකු ඊයේ කල්පිටිය කන්දකුලිය ගුවන් හමුදා පුහුණු මධ්‍යස්ථානයේ පා ගමනින් මුර සංචාරයේ යෙදී සිටියදී සිදුවූ පිපිරීමකට හසු වූ බව පොලිසිය පවසයි.

පොලිසිය සඳහන් කළේ ඊයේ (සැප් 26) සවස ගුවන් හමුදා පුහුණු මධ්‍යස්ථානයේ වෙඩි තැබීමේ පරාසයේ මෙම පිපිරීම සිදුව ඇති බවයි.

පොල්ගහවෙල ප්‍රදේශයේ පදිංචි 28 හැවිරිදි ගුවන් භටයෙක් තුවාල ලබා කල්පිටිය රෝහලට ඇතුළත් කිරීමේදී මියගොස් තිබේ. පිපිරීමෙන් තුවාල ලැබූ තවත් ගුවන් භටයෙකු රෝහල් ගත කර ඇති බවයි වාර්තා වන්නේ.

පිපිරීමට හේතුව සහ සිද්ධියට සම්බන්ධ තොරතුරු මෙතෙක් අනාවරණ වී නොමැති බවයි පොලිසිය ප්‍රකාශ කළේ.

සිද්ධිය සම්බන්ධයෙන් කල්පිටිය පොලිසිය පරීක්ෂණ පවත්වයි.

Social Sharing
නවතම පුවත්