විශේෂ නීති ප්‍රතිපාදන සහිතව පෝට් සිටිය සඳහා නව නීතියක්..

වරාය නගරය මූල්‍ය කලාපයක් බවට පත් කිරීම සඳහා නව නීතියක් හඳුන්වා දෙන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ප්‍රකාශ කළේය.

ජනාධිපති මාධ්‍ය අංශයට (PMD) අනුව, නව නීතිය මඟින් වරාය නගරය ‘කොළඹ මූල්‍ය කලාපයක්’ බවට පරිවර්තනය කරන බවත්, එයට අක්වෙරළ කටයුතු සම්බන්ධයෙන් අධිකරණ බලය ලබා දෙන බවත් ජනාධිපතිවරයා ප්‍රකාශ කළේය.

වසර (2023) අවසන් වන විට මෙම නීති සම්පාදනය කිරීමට අපේක්ෂා කරන බව ද ජනාධිපති වික්‍රමසිංහ මහතා වැඩිදුරටත් සඳහන් කළේය.

ජනාධිපතිවරයා මේ බව ප්‍රකාශ කළේ ඊයේ (26) කොළඹ හිල්ටන් හෝටලයේ පැවති Commercial mediation symposium 2023 අමතමිනි.

Social Sharing
නවතම පුවත්