එකම සමාගමෙන් වැඩි මිලට ඖෂධ ගැනීමෙන් රු. බිලියන 30 ක් නාස්ති වෙලා – පුබුදු ජයගොඩ

වසර ගණනාවක් තිස්සේ එක සමාගමකින් වැඩි මිලට ඖෂධ මිලදී ගැනීම හරහා මහජන මුදල් රුපියල් බිලියන 30 ක් එම සමාගමට ගෙවා ඇතැයි පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ අධ්‍යාපන ලේකම් පුබුදු ජයගොඩ මහතා පැවසීය.

වෘත්තිකයන් විදෙස්ගත වීමට බලපෑ උපයන විට බද්දෙන් වසරකට ලැබෙන්නේ රුපියල් බිලියන 48 ක් බවත් එක සමාගමකින් වැඩි මිලට ඖෂධ ගැනීම නිසා බිලියන 30 ක් නාස්ති කරගෙන ඇති බවත් පසුගිය 18 දා කොළඹ පැවැති මාධ්‍ය හමුවකදී ජයගොඩ මහතා පැවසීය.

ඒ මහතා වැඩිදුරටත් මෙසේ ද කීය.

“ඖෂධ ක්ෂේත්‍රයේ සිදුවන අපරාධවලට නිදසුනක් ලෙස එක මිලදී ගැනීමක් ගැන කියන්නම්, විකිරණ ප්‍රතිකාර ගන්නා පිළිකා රෝගීන් සහ රුධිර කාන්දුකරණ ප්‍රතිකාර ලබාගන්නා වකුගඩු රෝගීන් ඇතුළු රෝගීන් සඳහා භාවිතා වන ඖෂධයක් තියෙනවා Erithropoietin Alpha Injection කියලා. ඒකෙ විවිධ ප්‍රමාණවලින් ඖෂධ කුප්පිය නිකුත් වෙනවා, 4000 IUල 2000 IU, 1000 IU ආදී වශයෙන්, 2018 – 2019 වකවානුවේ චීන සමාගමකින් 2000 IU මිලදීගෙන තිබුණේ එකක් ඩොලර් 0.90 ගණනේ. ඉන්දියානු සමාගමකින් 4000 IU මිලදීගෙන තිබුණේ එකක් ඩොලර් 1.06 ගණනේ. ඒ කියන්නේ 1000 IU එක ඩොලර් 0.50 ට අඩුවෙන් ගන්න පුළුවන්. නමුත් 2018 දී 1000 IU ඖෂධ කුප්පි 9000 ක් ෑමරුන් ඛසfැ ීජසැබජැි කියන සිංග්පූරු සමාගමෙන් ඇණවුම් කර තිබෙන්නේ එකක් ඩොලර් 34.78 ගණනේ. මේක වංචාවක් බව බැලූ බැල්මට පේනවා. අපි හිතමු 1000 IU වෙනුවට 2000 IU එකෙන් භාගයක් පාවිච්චි කළා කියලා. ඒ කුප්පි 9000 ට යන්නේ ඩොලර් 8100 යි. නමුත් එකක් ඩොලර් 34.78 ගණනේ කුප්පි 9000 ක් ගන්න ඩොලර් 313,110 ක් වියදම් කරලා. තිබුණු ඒවායෙන් භාගයක් පාවිච්චි කරලා ඉතිරි ටික විසි කළත් සෞඛ්‍ය අමාත්‍යාංශයට ලාබයි.

මේ වගේ තව සමාගම් තියෙනවා. මේවායේ කුට්ටිය යන්නේ කාටද? අනෙක් අතට මේ වැඩි මිලක් ගෙවා ලබාගෙන තිබෙන ඖෂධවල ගුණාත්මක ප්‍රශ්න තිබෙනවා. නිදසුනක් ලෙස 2020 වසරේ ඖෂධ වර්ග 80 ක් ප්‍රමිතියෙන් තොර නිසා ඉවත් කරලා තියෙනවා. ඒ අතරින් වර්ග 19 ක්ම, ඒ කියන්නේ 23.7%ක්ම එක සමාගමකින් ගෙන්වූ ඒවා. 2021 වසරේ ප්‍රමිතියෙන් තොර බව තහවුරු වූ ඖෂධ වර්ග 120 න් වර්ග 23 ක් සහ 2022 වසරේ එලෙස ප්‍රතික්ෂේපිත ඖෂධ වර්ග 86 කින් 10 ක් මේ සමාගමෙන් ගෙන්වූ ඒවා. වැඩි මිලක් දීලා ප්‍රමිතියක් නැති ඖෂධ දිගින් දිගටම ගෙන්වන්න මේ සමාගම් සමග තිබෙන සම්බන්ධය මොකක්ද? ඔහු ප්‍රශ්න කළේය.

චමින්ද සිල්වා

Social Sharing
ආර්ථික නවතම පුවත්