ඖෂධීය කංසා වගාවට අනුමැතිය ලබාදෙයි!

ඖෂධීය කංසා වගා කිරීම සඳහා අනුමැතිය ලබා දෙන බවත් ඒ බව ආයුර්වේද නීති සංග්‍රහයේ ගැසට් නිවේදනය මගින් ඉදිරියේ ප්‍රකාශයට පත් කරන බවත් දේශීය වෛද්‍ය රාජ්‍ය අමාත්‍ය සිසිර ජයකොඩි මහතා පාර්ලිමේන්තුවේදී ඊයේ (05දා) පැවසීය.

කංසා වගා කිරීම වාණිජ වගා ලෙස ප්‍රවර්ධනය කරන බවත් ඊට අමතරව තවත් ඖෂධ කිහිපයක් වාණිජ වගා ලෙස ප්‍රවර්ධනය කළ යුතු අතර නැතිනම් පාරම්පරික වෙදකම නැතිව යන බවත් හෙතෙම කීය. ආයුර්වේද සංශෝධන පනත් කෙටුම්පත පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරමින් රාජ්‍ය ඇමැතිවරයා මේ බව පැවසීය.

බොරැල්ල ආයුර්වේද රෝහලේ නාමය ආයුර්වේද ජාතික රෝහල ලෙස සංශෝධන කරන බවද ආයුර්වේද දෙපාර්තමේන්තුව දැනට වඩා කාර්යක්ෂම කිරීම සඳහා ආයුර්වේද කොමසාරිස් තනතුර ආයුර්වේද කොමසාරිස් ජනරාල් තනතුර දක්වා මේ පනත මගින් උසස් වන බව ද දේශීය වෛද්‍ය රාජ්‍ය අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළේය.

Social Sharing
අවකාශය නවතම පුවත්