බාල බෙහෙත් ලංකාවට ගේන්නේ නෑ!

බාල ඖෂධ මෙරටට නොගෙනෙන බවත් මෙරටට අවශ්‍ය ඖෂධ වෛද්‍ය සැපයීම් අංශය හරහා රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාව ගෙන එන බවත් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය අසේල ගුණවර්ධන පවසනවා. ඔහු කියන්නේ බාල බෙහෙත් කියා දෙයක් ලෝකයේ කොහේවත් නිපදවන්නේ නැති බවයි.

“බාල ඖෂධ භාවිතයට කිසිවෙකු කැමති නැහැ. තත්වයෙන් උසස් ඖෂධ පමණක් භාවිතයට ජනතාව කැමතියි. ඇතැම් අවස්ථාවන්හිදී මෙරටට ගෙන එන සමහර ඖෂධවල තත්ත්වය අසමත් වීමේ හැකියාවක් පවතිනවා.

ඇතැම් පිරිස් සිදුකරන ප්‍රචාර නිසා ජනතාව කිසියම් අනිසි බියකට පත්වුවත් දෛනිකව රෝගීන් ලක්ෂ ගණනකට ඖෂධ ලබාදෙනවා. දෛනිකව දහස් ගණනකට ශල්‍යකර්ම සිදු කරනවා. දෛනිකව ලක්ෂ ගණනින් සුවපත් වෙනවා.මෙරටට ගෙන එන සියලුම ඖෂධවල තත්ත්වය පරීක්ෂාවට ලක් කරන අතර එම නිසාවෙන් තත්වයෙන් අසමත් ඖෂධ හඳුනා ගැනීමට අපිට හැකියාව තියෙනවා. කිසිදු චකිතයකින් බියකින් තොරව රජයේ රෝහලකට ප්‍රතිකාර ලබා ගැනීමට පැමිණෙන්න. අවශ්‍ය ප්‍රතිකාර කිරීමට රෝහල් කාර්යය මණ්ඩලය සූදානමින් සිටිනවා.

සෑම විටම ඇත්ත ප්‍රකාශ කරන්න. අඩුපාඩුවක් ඇත්නම් ඒ බව පෙන්වා දෙන්න. කරුණු අතිශයෝක්තියෙන් ඉදිරිපත් කරන්න එපා” යි සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය අසේල ගුණවර්ධන පවසනවා.

Social Sharing
නවතම පුවත්