උමාරා ගැයූ ජාතික ගීය ගැන රජයේ පරීක්ෂණයක්!

ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලියේ සමාරම්භක උත්සවයේදී ශ්‍රී ලංකාවේ ජාතික ගීය විකෘති කිරීම සම්බන්ධයෙන් පරීක්ෂණයක් ආරම්භ කරන බව රාජ්‍ය පරිපාලන, ස්වදේශ කටයුතු, පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍යාංශය ප්‍රකාශ කළා.

අද දෙරණට අනුව අද චක්‍රලේඛයක් නිකුත් කරමින් එම අමාත්‍යාංශයේ ලේකම් රංජිත් අශෝක කියා සිටියේ ජාතික ගීයේ පද විකෘති කිරීම ශ්‍රී ලංකා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව උල්ලංඝනය කිරීමක් ලෙස සලකන බවයි.

ජාත්‍යන්තර අවධානයට ලක්වූ උත්සවයකදී ජාතික ගීයේ පද විකෘති කර තිබීම කණගාටුවට කරුණක් බවද රංජිත් අශෝක මහතා වැඩිදුරටත් ප්‍රකාශ කළේය.

ඉකුත් 30 දා පැවති LPL සමාරම්භක උත්සවයේදී ජාතික ගීය ගායනා කළ ජනප්‍රිය ගායිකා උමාරා සිංහවංශට එම ගීතයේ ඇතැම් මූල පද වැරදි ලෙස උච්චාරණය කළ බවට චෝදනා එල්ල විය.

Social Sharing
නවතම පුවත්