සංචාරක පැමිණීම් වාර්තා වූ හොඳම මාසය ජූලි…

2023 වසරේ මෙතෙක් පැමිණි වැඩිම සංචාරකයින් සංඛ්‍යාව ජූලි මාසයේදී වාර්තා වනු ඇතැයි අපේක්ෂා කරන බව ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරිය (SLTDA) පවසයි.

SLTDA ට අනුව, මාසයේ දින තුනක් ඉතිරිව තිබියදී, 2023 ජූලි මාසයේ මේ දක්වා සංචාරකයින් 123,503 ක් වාර්තා වී ඇත.

මේ වසරේ මුල් භාගයේදී වැඩිම සංචාරකයින් සංඛ්‍යාවක් පැමිණ ඇත්තේ මාර්තු මාසයේදී වන අතර එය 125,495කි.

2023 ජුලි 1 සිට 27 දක්වා වාර්තා වූ සංචාරක පැමිණීම් මත පදනම්ව, මෙරටට වැඩිපුර ම සංචාරකයින් ගණනක් පැමිණ ඇත්තේ ඉන්දියාවෙනි. එම ගණන 20,779කි.

එක්සත් රාජධානිය, චීනය, ජර්මනිය සහ රුසියාව යන රටවල් වලින් සංචාරයකයින් වැඩි පිරිසක් ජූලි මාසයේ දී ශ්‍රී ලංකාවට පැමිණ ඇත.

ඉතිරි සංචාරකයින් ප්‍රංශය, මාලදිවයින, නෙදර්ලන්තය, කැනඩාව සහ ඕස්ට්‍රේලියාවෙන් වාර්තා වී ඇත.

2023 වසරේ මේ දක්වා ශ්‍රී ලංකාව සංචාරක පැමිණීම් 748,377 ක් වාර්තා කර ඇති අතර එය 2022 සඳහා වාර්තා වූ සංචාරක පැමිණීම් 719, 978 ට වඩා වැඩි වීමකි.

Social Sharing
ආර්ථික නවතම පුවත්