පිටස්තරයින්ට වියදම් කළ මුදල් ගැන ඔප්පු කළ හැකි නම් ඉල්ලා අස්වීමට සූදානම්!

2022 ක්‍රිකට් ලෝක කුසලානය සඳහා ඔස්ට්‍රේලියාවට යාමට නළු නිළියන් ඇතුළු පිටස්තර පුද්ගලයින්ට පහසුකම් සැලසීම සඳහා ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සිය මුදල් යෙදවූ බවට කරන ප්‍රකාශවලට සහාය දැක්වීමට යම් සාක්‍ෂියක් ඉදිරිපත් කළහොත් තමන් සිය ධුරයෙන් ඉවත් වන බව ශ්‍රී ලංකා ක්‍රිකට් සභාපති ෂම්මි සිල්වා මහතා නිර්භීත ප්‍රකාශයක් කළේය.

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය ලාබ ලබන සහ දියුණු ආයතනයක් බවට පත් කිරීමට තමන් ගත් සාර්ථක උත්සාහය හේතුවෙන් එහි පාලනය සියතට ගැනීමට ඇතැම් පාර්ශව කටයුතු කරන බවට චෝදනා කරමින් ශම්මි සිල්වා එල්ල වී ඇති චෝදනාව තරයේ ප්‍රතික්ෂේප කළේය.

“මේවා බොරු චෝදනා. අපි කිසිම නළුවෙකුට, නිළියකට, ළඟින් ඇසුරු කරන කිසිම කෙනෙකුට සතයක්වත් වියදම් කරලා නැහැ. අද කාට හරි ඔප්පු කරන්න පුළුවන් නම් අපි හෙට ඉල්ලා අස්වෙනවා” යැයි මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඔහු පැවසීය.

Newswire.lk ඇසුරෙන්

Social Sharing
නවතම පුවත්