ආගමික ස්ථානවල වත්කම් සහ දේපළ පිළිබඳ තොරතුරු රජයට?

රට පුරා ඇති ආගමික ස්ථානවල අයිති වත්කම් සහ දේපළ සම්බන්ධයෙන් තොරතුරු ලබා ගැනීමට රජය තීරණය කර තිබේ.

එම සිද්ධස්ථානයන්හි ඇති වත්කම් පිළිබඳව මෙතෙක් නිවැරදි තොරතුරු රජය සතු නොවීම හේතුවෙන් මෙම පියවර ගන්නා බවත් බුද්ධ ශාසන ආගමික හා සංස්කෘතික කටයුතු ඇමති විදුර වික්‍රමනායක මහතා කියා සිටියි.

මෙම තොරතුරු රැස්කිරීම ආගමික ස්ථාන ලියාපදිංචි කිරීමට සමගාමීව ආරම්භ කිරීමට නියමිතව තිබේ.

ඉදිරියේදී ග්‍රාම නිලධාරී වසමක තිබිය හැකි ආගමික ස්ථාන ගැන ද නිර්ණායක සකස් කිරීම රජයේ අපේක්ෂා කරයි.

Social Sharing
නවතම පුවත්