සී. ටී මියගොස් අවුරුදු 45 ක්…!

අපි ටිකක් උඩින් බලමු මේ පොළව දිහා. එතකොට අපිට පේනව ඩ්‍රයිවර්ල ගොඩක්. පාරවල් ගොඩක්. එන්ජින් ගොඩක්. හෝන් ගොඩක්. සිංදු ගොඩක්. මෙන්න මේ ලංකාව දිහා අහසින් බලන ශ්‍රව්‍යමය දැක්ම ඒ්ක වචනයක් කර ගත්තොත් “ලාංකික ශ්‍රව්‍යමය ව්‍යවස්ථාව” කියල කියන්න පුළුවන්.

අපි මේ අහසේ ඉඳන් ඒ්ක වචන වලට දාගන්න දේවල් පොළොවට ආවහම බහු වචන වෙනවා. එකම දෙවියන්, දෙවිරු වෙනවා. ගනන් හදන්න බැරි, සද්ද ඇතුලේ තමන් නාද්දි නාන වතුර සද්දේ අහන්නේ නැති, තමන්ගේ හුස්මවත් තමන් ඇහුවේ නැති අය, ඒ්කට වෙලාවක් නැති අය සංගීතයන් කියල දේවල් අහන්න ගන්නවා. ඒ් සංගීතයන් අහනවද අස්සනවද හොයල බැලුවොත් අන්න එතැනදී ටිකට් කැඩෙන්න ගන්නවා. වෘත්තීය ගායකයෝ වාදකයෝ සංස්ථා හැදෙන්න ගන්නවා. ඒ් ඒ් සංස්ථා අස්සවන සංගීත වර්ග තියෙනවා.

“1973 වර්ෂයේ දී, තිස්ස අබේසේකර කියන විදිහට රිජ්වේ තිලකරත්න ගුවන් විදුලියේ සභාපති කාලේ මේ රටේ ගායක ගායිකාවන්ව ශ්‍රේණිගත කරන්න කටහඬ පරීක්ෂණයක් තිබ්බ. පරීක්ෂක මඩුල්ලේ හිටියේ එච්. ඩබ්ලිව්. රූපසිංහ, සුනිල් සාන්ත, ඩබ්ලිව්. ඩී. අමරදේව. ගොඩක් අයට පස්සෙ මොහිදීන් බෙග් ආවා. විශිෂ්ට ශ්‍රේණියට තේරුණා. ඔන්න සී. ටී. ප්‍රනාන්දුගේ වාරය ආවා. සුනිල් සාන්ත ආකෘති පත්‍රයේ සටහන් කලා සී. ටී විශිෂ්ට ශ්‍රේණියේ කියලා. ඒ්ත් පරීක්ෂක මණ්ඩලයේ අනික් දෙදෙනාම කිව්වේ සී. ටී. ගේ පෙරදිග සංගීත තානාලංකාර ගැයීම දුර්වලයි කියලා. ඒ්ත් සුනිල්ගේ තර්කය වුනේ, ‘කටහඬක ගායන ශක්තිය තීරණය කරත්දී ඒ් ගායකයාට හුරුපුරුදු ගායන සම්ප්‍රදාය අනුව කරපු ගායනය ඒ් අනුව වර්ග කරන්න ඔ්න. අපේ කාර්යභාරය සම්ප්‍රදායන් පිළිබඳ ප්‍රශ්නයක් නොවෙයි. ගායන හැකියාවන් පිළිබඳ ප්‍රශ්නයක්. සංගීතය නිළ වශයෙන් කිසියම් සම්ප්‍රදායකට සීමා කරන්න බැහැ. ඒ්ක අසාධාරණයි’. ඒත් සී. ටී. විශිෂ්ට ගනයට තේරුණේ නැහැ. (තිස්ස අබේසේකර, අයාලේ ගිය සිතක සටහන්)”

උපුටා ගැනීම – “පෙරදිග සංගීත කලාපයේ සාන්තුවර සටන්කාමියා සුනිල් සාන්ත” – අජිත් කුමාරසිරි
.

Social Sharing
අවකාශය නවතම