තිළිනිගේ සිර කුටියෙන් තවත් දුරකථනයක් හමුවේ

ලෝක වෙළද මධ්‍යස්ථානයේ 34 වැනි මහලේ කාර්යාලයක් පවත්වාගෙන යමින් කෝටිපතියන්ගේ මුදල් බිලියන ගණනක් වංචා කළේ එල්ල වූ චෝදනා මත රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින තිළිණි ප‍්‍රියමාලි නම් කාන්තාව රඳවා සිටින වැලිකඩ රිමාන්ඩ් බන්ධනාගාරයේ සිර කුටියෙන් තවත් ජංගම දුරකථනයක් හමුවී තිබේ.

මීට පෙරදීත් සැකකාරිය සිටි සිරකුටියතුල තිබී ජංගම දුරකථනයක් හමුවූ අතර එලෙසම තවත් දුරකතනයක් හමුවීම ප්‍රශ්නකාරී සිදුවීමක් වී තිබී.

මෙම ජංගම දුරකථන දෙකම වැඩි දුර පරීක්‍ෂණ සදහා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට බාර දී තිබේ.

බන්ධනාගාරය තුලට මෙලෙස එකපිට දුරකථන යාම පිළිබඳව පරිෂණයක් පැවැත්විය යුතු නොවේද, එය බන්ධනාගාරය තුල පවතින ආරක්ෂාව පිළිබඳවද ගැටලු උපදවන්නකි.

(නිව්ස්පීඩියා)

Social Sharing
නවතම