ජනතාවට වගකියන රජ්‍ය ආයතන නිර්මාණය කරන්න වැඩපිළිවෙලක්

ජනතාව රාජ්‍ය ආයතන වෙත යොමු කරන ලියවිලි සහ විද්‍යුත් ලිපි මෙන්ම දුරකථන ඇමතුම් සඳහා පිළිතුරු දීමේ ක්‍රියාවලියවිධිමත් අයුරුන් කිරීමට ජනපති උපදෙස් ලබාදී තිබේ.

අනුව රාජ්‍ය ආයතන වෙත යොමු කරන ලිපි, විද්‍යුත් ලිපි සහ දුරකථන ඇමතුම් සඳහා පිළිතුරු ලබාදීමේ දී විධිවිධාන ඇතුළත්කරමින් ජනාධිපති ලේකම්ගේ උපදෙස් පරිදි, රාජ්‍ය පරිපාලන, ස්වදේශ කටයුතු, පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යාංශයේලේකම්වරයාගේ අත්සනින් විශේෂ ලිපියක් සියලු අමාත්‍යාංශ ලේකම්වරුන්, පළාත් ප්‍රධාන ලේකම්වරුන් හා දෙපාර්තමේන්තුප්‍රධානීන් වෙත මේ වන විට යොමු කර තිබේ.

එසේම ජනතාවගේ රාජ්‍ය ආයතනවලට යොමු වන ලිපි සඳහා ප්‍රමුඛතාව ලබාදී කටයුතු කළ යුතු අතර, වහාම අවසන් පිළිතුරුයැවිය නොහැකි අවස්ථාවකදී සතියක් ඇතුළත ලිපිය ලද බවට අතුරු පිළිතුරක් සහ සති හතරක්  ඇතුළත අවසන් පිළිතුරක්යැවීමේ අවශ්‍යතාව අවධාරණය කර ඇත.

තවද සියලුම රාජකාරී ලිපි සඳහා, පිළිතුරු ලිපි යැවීමේ දී අදාල ලිපියේ අත්සනට පහලින් එකී ලිපිය අදාල විෂය බාර මාණ්ඩලිකනිලධාරියාගේ ඍජු දුරකථන අංකය, ෆැක්ස් අංකය හා විද්‍යුත් ලිපිනය සඳහන් කළ යුතුය.

කාර්යාලවල පොදු විද්‍යුත් තැපැල් ලිපින වෙත ලැබෙන විද්‍යුත් ලිපි දිනපතා පරික්ෂා කළ යුතු අතර, සඳහා නිශ්චිත නිලධාරියෙක්පත් කළ යුතුය. මාණ්ඩලික නිලධරයන්ගේ විද්‍යුත් තැපැල් ලිපින වෙත ලැබෙන විද්‍යුත් ලිපි දිනපතා පරීක්ෂා කළ යුතුය.

එලෙස විද්‍යුත් තැපැල් ලිපින වෙත ලැබෙන ලිපි සඳහා එදිනම පිළිතුරු ලබාදීමට  උත්සුක විය යුතු අතර, සඳහා එදිනම පිළිතුරුලබාදිය නොහැකි නම්, එම ලිපිය ලද බවත්, සඳහා පිළිතුරු සැපයීමට අවශ්‍ය කාලයත් සඳහන් කර අතුරු පිළිතුරක් (Reply) යොමු කළ යුතුය. එලෙස , සඳහා සාධාරණ කාලයකදී  එම විමසීම සඳහා පිළිතුරු ලබා දීමට කටයුතු කළ යුතුය.

කාර්යාලය වෙත ලැබෙන සියලුම දුරකථන ඇමතුම් සඳහා පිළිතුරු ලබා දීමට කටයුතු කළ යුතු අතර දුරකථන ඇමතුම් වැඩිප්‍රමාණයක් ලැබෙන ආයතන/අංශ ඇත්නම්, එම ඇමතුම් සඳහා පිළිතුරු ලබාදිමට නිශ්චිත නිලධාරියෙකු පත් කළ යුතුය.

කාර්යාල වෙත ලැබෙන දුරකථන ඇමතුම් සටහන් කර ගැනීම සඳහා නිශ්චිත  නිලධාරියෙක් පත් කළ යුතු අතර එම නිලධාරියාවිසින් දුරකථන ඇමතුම් ලබා දුන් පුද්ගලයාගේ නම, කාරණය හා නැවත පිළිතුරක් යොමු කළ යුතු දුරකථන අංකය ආදී තොරතුරුසටහන් කර ගැනීමට කටයුතු කළයුතුය.

එම අවස්ථාවේදී , පිළිතුරු ලබාදීමට අපහසු කරුණු සම්බන්ධයෙන්  අදාළ මාණ්ඩලික නිලධරයන්/ විෂය භාර නිලධරයන් විසින්සාධාරණ කාලයක් ඇතුළත පිළිතුරු ලබාදීමට කටයුතු කළ යුතුය.

( ලංකාදීප)

Social Sharing
නවතම