මෙරට මන්ත්‍රී දරුවන්ට මන්දපෝෂණය නෑ – වාසුදේව

මෙරට පාර්ලිමේන්තුව නියෝජනය කරන කිසිඳු මන්ත්‍රීවරයෙකුගේ දරුවෙකුට මන්දපෝෂණය පිළිබඳ ප්‍රශ්නයක් නොමැති බවත් එවැනි දෙයක් සිදු වුවහොත් එය පුදුම 7න් එකක් වන බවත් පාර්ලිමේන්තු මන්ත්‍රී වාසුදේව නානායක්කාර පවසයි.

එයට හේතුව පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ නිවෙස් තුල හොඳ ආර්ථික රටාවක් හා කිරි, බිත්තර, මස් මාංශ ඇතුළු ආහාර හිඟයකින් තොරව පැවතීම නිසා බව ඔහු වැඩිදුරටත් සඳහන් කරයි.

නමුදු බහුතරයක් වූ අඩු අදායම් ලාභී පවුල් වල මෙම මන්දපෝෂණ ගැටලුව පැනනැගී ඇති බවත් එම ගැටලු ඔවුන්ට කීමට ස්ථානයක් නොමැති බවත් වාසුදේව නානායක්කාර අවධාරණ කර ඇත.

ඔවුන්ගේ ගැටලු පැවසීම ඇත්තේ පළාත් පාලන ආයතන වුවත් එම තොරතුරු පාර්ලිමේන්තුවට වාර්තා නොවන බවත් ඔහු පවසා සිටි.

Social Sharing
නවතම