සනත් නිශාන්ත සහ තව දෙදෙනෙකුට අධිකරණ නියෝගයක්

 

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන සනත් නිශාන්ත, මිලාන් ජයතිලක යන අයට සහ ඩෑන් ප්‍රියසාද් වෙත අධිකරණය විසින් ඔවුන්ගේ ජංගම දුරකථන අද (24) දින අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත භාරදෙන ලෙස නියෝගයක් සිදු කොට තිබේ.

කොළඹ කොටුව මහේස්ත්‍රාත්වරයා වැඩිදුරටත් නියෝග කර ඇත්තේ ජංගම දුරකථන භාර දෙන තෙක් එම සැකකරුවන් අධිකරණයේ රඳවා ගන්නා ලෙස ය.

ගාලුමුවදොර ගෝටාගෝගම සාමකාමී මහජන අරගලයට පහරදීමේ සිදුවීම සම්බන්ධයෙන් ඔවුන්ට එරෙහිව චෝදනා එල්ලවී තිබේ.

Social Sharing
නවතම