ගෝඨා ලබන මස දිවයිනට

බලයෙන් පහකළ හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ලබන මස මුලදී ශ්‍රී ලංකාවට පැමිණීමට නියමිත බව ආරංචි මාර්ග පවසයි.

එනම් ඔහු සැප්තැම්බර් 2 හෝ 3 යන දිනවල නැවත පැමිණීමට ඉඩ ඇති බව වාර්තා වී ඇත.

හිටපු ජනාධිපතිවරයාට නැවත පැමිණීමට අවශ්‍ය කටයුතු සලසන ලෙස ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ (SLPP) මීට පෙර ජනාධිපති රනිල් වික්‍රමසිංහගෙන් ඉල්ලා සිටියේය.

Social Sharing
නවතම