ගෝඨා ගෙදර ගේන්න හැෂ්ටැග් කැම්පේන් එකක්!

# GotaGoHome ලෙස ආරම්භ වූ අරගලය හේතුවෙන් තම ධූරයෙන් ඉල්ලා අස් වී විදේශගතවීමට සිදුවූ හිටපු ජනපති ගෝඨාභය රාජපක්ෂ නැවත ලංකාවට ගෙන්වා ගැනීම මුල්කරගෙන #BringBackGota සහ # BringHomeGota #BringGotaHome යනුවෙන් දැවැන්ත ෆේස්බුක් හැෂ්ටැග් ප්‍රචාරක ව්‍යාපෘතියක් ආරම්භ කර ඇත.

ඒ අනුව ඔහුට හිතවත් පිරිස් විසින් මෙහෙයවන මෙම ෆේස්බුක් රැලිය ලබන 24 වැනිදා ගෝඨාභය රාජපක්ෂ ලංකාවට පැමිණීම මුල් කරගනිමින් ආරම්භ කොට තිබේ.

එහිදී ඔහු පිළිගැනීමට විශාල පිරිසක් කටුනායක ගුවන් තොටුපොළට යාමට සැලසුම් කර ඇති බවත් වාර්තා වේ.

Social Sharing
නවතම