ගෝඨා ට තායිලන්තෙ යන්න වියදම් කරේ රජයෙන් – බන්දුල

ජනතා විරෝධය මැද රටින් පලාගිය හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂට සිංගප්පූරුවේ සිට තායිලන්තයේ බැංකොක් නුවරට ගමන් කිරීම සඳහා රජයේ වියදමින් පෞද්ගලික ගුවන් යානයක් ලබාදුන් බව කැබිනට් මාධ්‍ය ප්‍රකාශක අමාත්‍ය බන්දුල ගුණවර්ධන පිළිගත්තේය.

ඇමතිවරයා අවධාරණයෙන් කීවේ එවැනි වරප්‍රසාද ලබාගැනීමේ අයිතියක් ගෝඨාභය රාජපක්ෂට පවතින බවය.

හිටපු ජනාධිපතිවරයාට මහජනතාවගේ බදු මුදලින් ගුවන් යානයක් ලබාදී ඇති බව විමසමින් එවැනි අයිතියක් හිටපු ජනාධිතිරයාට පවතීද යන්න මාධ්‍යවේදීන් විමසූ අවස්ථාවේ අමාත්‍යවරයා මේ බව පැවසුවේ අද (16)පෙරවරුවේ පැවති කැබිනට් තීරණ දැනුම් දීමේ මාධ්‍ය හමුවේදීය

එහිදී තවදුරටත් අදහස් දැක්වූ අමාත්‍යවරයා, ජනාධිපතිවරණ පනත අනුව හිටපු ජනාධිපතිවරයකුට රජය විසින් ලබාදිය යුතු වරප්‍රසාද පවතින බවත් ජනාධිපතිවරයා මියගිය පසුව පවා ආර්යාව වෙනුවෙන් එකී වරප්‍රසාද ලබාදිමේ නීත්‍යනුකූල වගකීමක් පවතින බවත් පෙන්වා දුන්නේය.

මේ වන විටත් හිටපු ජනාධිපතිවරුන් එවැනි වරප්‍රසාද ලබාගන්නා බවත්, දිවංගත රණසිංහ ප්‍රේමදාස මහතාගේ අර්යාවටද තවමත් එකී වරපස්‍රදා ලබා දෙන බවද සඳහන් කළ අමාත්‍ය ගුණවර්ධන, මේ පිළිබඳ තවදුරටත් විස්තර අවශ්‍ය නම් ඉදිරියේදී ලබාදිය හැකි බව සඳහන් කළේය.

(lankasara.com)

 

Social Sharing
නවතම