ධානිෂ් අලී ලබන 26 දක්වා රිමාන්ඩ්

ජනාධිපති මන්දිරයට අයුතු ලෙස ඇතුළු වී එහි දේපළවලට හානි සිදු කිරීමේ චෝදනාවට රක්ෂිත බන්ධනාගාරගත කර සිටින ධානිෂ් අලී ඇතුළු සැකකරුවන් හතර දෙනෙකු අද (අගෝ. 12) කොළඹ කොටුව මහේස්ත්‍රාත් තිලිණ ගමගේ ඉදිරියේ කැඳවූ අවස්ථාවේදී ලබන 26 වන දා දක්වා තවදුරටත් රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙස කොළඹ කොටුව මහේස්ත්‍රාත් අධිකරණය නියම කර තිබේ.

එහිදී කොටුව පොලිසිය අධිකරණයෙන් ඉල්ලා ඇත්තේ, සිද්ධියට අදාළ විමර්ශන කටයුතු තවදුරට ත් සිදු කරන බැවින් මෙම සැකකරුවන් තවදුරට ත් රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙස ය.

එම ඉල්ලීම පිළිගත් මහේස්ත්‍රාත්වරයා ධානිෂ් අලී ඇතුළු සැකකරුවන් ලබන 26 වන දා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කිරීමට නියම කර ඇත.

Social Sharing
නවතම