මහ කන්නයට අවශ්‍ය යූරියා ඔක්තෝම්බර් මුල දිවයිනට

මහ කන්නය සඳහා යූරියා මෙට්‍රික් ටොන් ලක්ෂයක් ආනයනය කිරීමට කෘෂිකර්ම අමාත්‍යාංශය පියවර ගෙන ඇත.

කොමර්ෂල් පෙහොර සමාගමේ සභාපති, මෙත්සිරි විජේගුණවර්ධන මහතා සඳහන් කළේ ඔක්තොම්බර් මුල් සතියේදී එම පොහොර තොග මෙරටට ලැබෙන බවයි.

හෙක්ටෙයාර් ලක්ෂ 8 ක භූමි ප්‍රමාණයක් පුරා මෙවර මහ කන්නය සඳහා වී වගා කිරීමට සැලසුම් කර ඇත.

මෙවර මහ කන්නයේ වගා කටයුතු සැප්තැම්බර් 15 වැනිදා ආරම්භ කරන බව කෘෂිකර්ම අමාත්‍යාංශය සඳහන් කළේ.

කොමර්ෂල් පෙහොර සමාගමේ සභාපති මෙත්සිරි විජේගුණවර්ධන මහතා සඳහන් කළේ, දැනට ඉතිරිව පවතින යූරියා පොහොර තොග, මහ කන්නයේ මුලින් වගාව ආරම්භ කරන දිස්ත්‍රික්ක වෙත බෙදා හැරීමට කටයුතු කරන බවයි.

Social Sharing
නවතම පුවත්